ඖෂධයක් ආසාත්මික වී ළදැරිය රෝහලේ
දෙනගම - ධම්මික රණවීර
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලකින් මිලදී ගත් ඖෂධයක් විෂවීමෙන් ආසා ත්මිකතාවක වූ හක්‌මන දෙනගම ප්‍රදේශයේ පදිංචි දැරියක් මාතර මහරෝහලට ඇතුළත් කොට ඇත.
නොදැනුවත්කමින් වස ශරීරගත වී ඇති බවට වූ සැකයක් මත කඹුරුපිටිය ආඳපාන රෝහලට ඇතුළත් කොට ඇති එම දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ නිසා මාතර මහ රෝහලට මාරු කොට යවා තිබේ.
අප්සරා පියුමි නමැති එම දැරියගේ වයස අවුරුදු දෙකකුත් මාස හතක් පමණ වේ.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.