අලෙවි සලෙන් සොරකම් කළ දුරකථන 63 ක්‌ හා
උපාංග කෙන්ගල්ල ගෙවත්තකින් ගොඩගනී
සැකකරුවෝ දෙදෙනෙක්‌ද අත්අඩංගුවේ

තෙල්දෙණිය - ගාමිණී පුටුහපුව

තෙල්දෙණිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කෙරුණ පැමිණිල්ලක්‌ අනුව දිගන කෙන්ගල්ල දියබුබුල ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ අලුත්ම සෙලියුලර දුරකථන 63 ක්‌ බැටරි 19 ක්‌ සමග උපාංග අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ නිලධාරීහු පසුගිය 2 දා සමත් වුණි. ඒ අනුව සැකකරුවන් දෙදෙනකුද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

දිගන රජවැල්ල නගරයේ සෙලියුලර් දුරකථන අලෙවි ස්‌ථානයක්‌ කඩා දුරකථන ඇතුලු උපාංග සොරකම් කර ඇති බවට තෙල්දෙණිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ අනුව පොලිස්‌ නිලධාරීන් දින දෙකකදී කළ දැඩි පරීක්‍ෂණයකින් පසුව සැකකරුවන් හා භාණ්‌ඩ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සොරකම් කරන ලද එම භාණ්‌ඩ පොහොර උරයක දමා වළදමා ඇත්තේ ඔවුන්ගේ නිවෙස්‌ අසල ගෙවත්තකය.

තෙල්දෙණිය මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න ලියනගේ මහතා වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන් පෙබරවාරි 16 දා දක්‌වා රක්‍ෂිත බණ්‌ධනාගාර ගත කරන ලදී.

තෙල්දෙණිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පී. බී. පලිහවඩන මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක එම්. නවරත්න පොලිස්‌ සැරයන් (6934) ජයරත්න පොලිස්‌ සැරයන් (27127) කොඩිතුවක්‌කු පො. කො (35771)

(46541) උඩුපිටිය, නියාමක (2030) අනුර සිවිල් ආරක්‍ෂක බලකායේ (13274) මාලියද්ද, කාන්තා පො. කො. (2089) ගීතා යන නිලධාරීහු මෙම සැකකරුවන් හා භාණ්‌ඩ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත වූහ.

 
Powered By -


     සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.