රාජ්‍ය නිලධාරීන් රැසකගේ ලිපි ශීර්ෂ
හොරට හැදූ හිටපු සෙබළා 15 දා දක්‌වා රිමාන්ඩ්


ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි හා අමල් ප්‍රියංකර

රාජ්‍ය ආයතන රැසක උසස්‌ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්, පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු විවිධ නිලධාරීන්ගේ ව්‍යාජ රබර් මුද්‍රd ලිපි ශීර්ෂ, ජාතික හැඳුනුම්පත්, ඇතුළු වටිනා සහතික ව්‍යාජ ලෙස සකස්‌ කොට හොර කච්ෙච්රියක්‌ පවත්වාගෙන ගිය පුද්ගලයකු පෙබරවාරි 15 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට බලපිටිය වැඩබලන මහසේත්‍රාත් ඩී. ඡේ. පිනිදිය මහතා ඊයේ (08 වැනිදා) නියෝග කළේය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ බද්දේගම මිහිමැඩුම රණවිරු ගම්මානයේ පදිංචි කොතලාවල දළුවත්තගේ සූරිය සුදර්ම වීරසිංහ (32) නොහොත් සුනිල් වීරසිංහ නමැති හමුදාව හැරගිය අයෙකි.

කරන්දෙණිය පොලිස්‌ වසමේ එගොඩවෙල නිවෙසක තරුණයකුට මත් සහිත දුම්වැටියක්‌ බීමට දී සිහි විකල්වූ පසු ඔහු සතු රුපියල් තිස්‌ දහසක්‌ වටිනා රන් දම්වැලක්‌ පැහැර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

කරන්දෙණිය පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී රබර් සීල් 23 ක්‌, හැඳුනුම්පත් 18 ක්‌, විදේශ ගමන් බලපත් 4 ක්‌, විවාහ සහතික පොත් 4 ක්‌, යුද හමුදා ලිපි ශීර්ෂ තොගයක්‌ ඇතුළු තවත් කාර්යාල උපකරණ රාශියක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.