එජාප ආසන සංවිධායකවරුන්
අද සිරිකොතට කැඳවයි


පියසේන දිසානායක

එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ ක්‍රියාකාරීන් අද (9 වැනිදා) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය ට කැඳවා ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීම සහ එහි ඉදිරි සැලසුම් සාකච්ඡාකර ගැනීම සඳහා මෙම කැඳවීම කළ බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින"ට පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප ක්‍රියාකාරීන්ට ඡන්ද මධ්‍යස්‌ථාන මට්‌ටමින් වගකීම් පැවරීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපේක්‍ෂකත්වය ඉල්ලා අයෑදුම්පත් 300 ක්‌ පමණ ලැබී තිබෙන බව අත්තනායක මහතා පැවසීය.
 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.