ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට ඉදිරියේදීත් සහාය දෙනවා
ඊශ්‍රායලය කියයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සඳහා ඉදිරියේදීත් පූර්ණ සහයෝගය දක්‌වන බව ඊශ්‍රායල් ජනාධිපති ෂිමොන් පෙරස්‌ ශ්‍රී ලංකා රජය වෙත ප්‍රතිඥ දී ඇත.

ඔහු මේ බව දන්වා ඇත්තේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා නව තානාපති ඩොනල්ඩ් පෙරේරා හමුවූ අවස්‌ථාවේදීය.

කොටින්ට එරෙහිව පැවැති වන්නි මෙහෙයුම සඳහා ඊශ්‍රායලය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බ්ලූ හොරයිසන් වර්ගයේ නියමුවන් රහිත යානා සහ ඩොව්රා යාත්‍රා හයක්‌ සපයා ඇත.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.