"දිවයින" මාධ්‍යවේදියාට පහරදුන් සිද්ධිය ගැන පොලිසිය නිහඬයි

බණ්‌ඩාරගම ගැලනිගමදී සිදු වූ රිය අනතුරක ඡායාරූප ගනිමින් සිටි "දිවයින" පුවත්පතේ බණ්‌ඩාරගම විශේෂ වාර්තාකරුට බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් චන්දරත්න (එජනිස) නමැත්තා පහරදුන් බව කියන සිද්ධිය පිළිබඳව බණ්‌ඩාරගම පොලිසියට පැමිණිලි කර ඇතත් මෙතෙක්‌ ඒ පිළිබඳ පැහැදිලි පරීක්‌ෂණයක්‌ හෝ ඔහු අත්අඩංගුවට ගැනීමක්‌ සිදු වී නොමැති බව වාර්තා වේ.

අප වාර්තාකරු වන ජයසිංහ මහතා අදාළ රිය අනතුර වාර්තා කිරීමට ඡායාරූප ලබාගනිමින් සිටියදී අදාළ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයාගේ ඡායාරූප හසුවන ආකාරයෙන් ඡායාරූප නොගැනීම පිළිබඳ උරණ වී ඔහු හා ඔහුගේ මැරයන් විසින් මෙම පහරදීම පසුගියදා සිදුකර තිබිණි. මේ පහරදීම සම්බන්ධව ජයසිංහ මහතා මෙම පෙබරවාරි 05 වැනිදා අලුයම 12.50 ට පැමිණිලි අංක 162/49 සී2 යටතේ බණ්‌ඩාරගම පොලිසියට පැමිණිලි කර තිsබේ.

තමාට සිදු වූ පහරදීම ගැන වහා අවධානය යොමුකර තමාට සාධාරණයක්‌ ඉටුකර දෙන මෙන් ජයසිංහ මහතා පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතාගෙන්ද ඉල්ලීමක්‌ කරයි.
 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.