පූනානි රිය ගැටුමකින්
දෙදෙනෙක්‌ මරු දකිති 9 දෙනකුට තුවාල


මඩකලපුව - මොහොමඩ් ගවුස්‌

වාලච්ෙච්න පොලිස්‌ වසමේ පූනානි ප්‍රදේශයේදී ඊයේ (08 දා) අලුයම 3.00 ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත් වී ඇති අතර පුද්ගලයන් නවදෙනෙක්‌ තුවාල ලබා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

පුත්තලම සිට මඩකලපුව මාර්ගයේ ඔලුවිල් බලා ධාවනය වූ අනතුරට පත් වෑන් රථය ඉදිරියේ ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාලච්ෙච්න පොලිසිය පවසයි.

අනතුරින් මියගොස්‌ ඇත්තේ පුත්තලම, පාලාවිහි පදිංචි එම්. අයි. ස්‌මයිල් (අවු. 46) හා එම්. හලීම් (අවු. 45) නමැති අයයි.

ඕලුවිල්හි අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා තේරී පත්වූ සිය දරුවන් විශ්වවිද්‍යාලය වෙත රැගෙන යැමේදී මෙම අනතුර සිදුව ඇත.

වාලච්ෙච්න මහෙස්‌ත්‍රාත් ටී. පරෙවෙන රාජා මහතා අනතුර සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කළ අතර වාලච්ෙච්න පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.