|

දකුණු ආසියා මීටර 100 රන්
පදක්‌කම
ෂෙහාන් අඹේපිටියට
පාකිස්‌තානයේ නසීම් පාතිමා "වෙළඹ" සම්මානය දිනයි
සුසිල් ප්‍රේමලාල් බංග්ලාදේශයේ ධාකා අගනුවර සිට
දකුණු
ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ ෂෙහාන් අඹේපිටිය
ඊයේ (08 දා) සම්මාන ලැබූ අතර පාකිස්‌තානයේ නසීම් පාතිමා අදාළ
ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.
බංග්ලාදේශයේ ධාකා අගනුවර දැන් ක්‍රිsයාත්මක 11 වැනි දකුණු
ආසියානු ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා මීටර 100
පිරිමි සහ කාන්තා තරග ඉසව් නියෝජනය කරමින් ෂෙහාන් සහ නසීම්
අදාළ සම්මාන දිනාගත්හ.
අවසන් වරට ඉන්දියාවේ පුනේ නගරයේ (2008) පැවැති පොදුරාජ්‍ය
මණ්‌ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්වේ රන් පදක්‌කම
දිනා සිටි ෂෙහාන් ලොව වේගවත්ම යොවුන් ක්‍රීඩකයන් අතර සිටින 8
වැන්නාද වන්නේය.
දකුණු
ආසියාවේ කෙටි ධාවන ශූරිය ලෙස ඊයේ සම්මාන ලැබූ පාකිස්‌තානයේ
නසීම් පාතිමා ජාත්‍යන්තර මට්‌ටමේ තරගාවලියකට සහභාගි වූ ප්‍රථම
අවස්‌ථාව මෙය මෙන්ම ජාත්‍යන්තර පදක්‌කමක් දිනූ ප්‍රථම
අවස්‌ථාවද මෙය වෙයි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තරග ඉතිහාසයේ පාකිස්‌තානයේ
ක්‍රීඩිකාවක් කෙටි ධාවන තරග ඉසව්වකින් ජයග්‍රහණය කළ පළමු
අවස්‌ථාව මෙය වූ අතර එය පාකිස්‌තානයේ මුස්‌ලිම් කාන්තාවන්ගේ
සුවිශේෂ ජයග්‍රහණයක් ලෙසද වාර්තා විය.
තරගයෙන් අනතුරුව දෙස් විsදෙස් මාධ්‍ය ඇමතූ ෂෙහාන් අඹේපිටිය
තමා මෙම ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් සිටි බවත් එහෙත් තරග නිමාව ගැන
කිසිදු අන්දමකින් සෑහීමකට පත් නොවන බවත් පැවැසීය.
ෂෙහාන් අඹේපිටියගේ කෙටි ධාවන ජයග්‍රහණය ඊයේ සියෑසින් දුටු
ක්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඔහුට සුබපතා දිරිමත් කිරීමද
කැපී පෙනුණි.
11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලට සහභාගිවීම
සඳහා ක්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ මහතා පෙරේදා ධාකා අගනුවරට
පැමිණියේය.
ඊයේ පැවැති මීටර 100 කාන්තා අවසන් තරගයට සහභාගි වූ ප්‍රෙමිsලා
ප්‍රියදර්ශනීට රිදී පදක්‌කම හිමිවීම කැපී පෙනුණි.
මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්‌කම්ලාභී ෂෙහාන් අඹේපිටියගේ
තරග නිමාව තත්. 10.46 ක් වූ අතර එහි රිදී පදක්‌කම ඉන්දියාවේ
අබ්දුල් නජීබ්ටද (තත්. 10.56) සහ ලෝකඩ පදක්‌කම පාකිස්‌තානයේ
ලික්‌මා අලීටද (තත්. 10.63) හිමි වූහ.
කාන්තා මීටර 100 ඉසව්වේ ජයග්‍රාහිකා නසීම්ගේ තරග නිමාව තත්.
11.81 ක් විය. රිදී පදක්‌කම ප්‍රෙමිලා ප්‍රියදර්ශනීට (ශ්‍රී
ලංකාව)ටද (තත්. 11.93), ලෝකඩ පදක්‌කම ශ්‍රී ලංකාවේ අචලා
ඩයස්‌ටද (තත්. 12.12) හිමි වූහ.
මේ අතර දුර පැනීමේ කාන්තා ඉසව්වෙන් චමිලා දිල්රුක්‌ෂි
ප්‍රියදර්ශනීද රන් පදක්‌කමක් දිනා ගත්තාය.
මීටර 6.20 කින් තරගය අවසන් කරමින් ඇය අදාළ රන් පදක්‌කම දිනා
ගත් අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදීs රන්පදක්‌කමක් දිsනා
ගත් පළමු අවස්‌ථාව ලෙසද හැඳින්වෙයි. ඉසව්වේ රිදී පදක්‌කම
ඉන්දියාවේ රෙවිප් රොස්‌ටද (මීටර 5.96) ලෝකඩ පදක්‌කම ඉන්දියාවේ
පුජුඩා මා ටද (මීටර 5.57) හිමිවුහ.
බලාපොරොත්තු සුන් වෙයි
මේ අතර ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තිබූ මීටර 4ං400 පිරිමි
සහ කාන්තා ඉසව් දෙකෙන්ම ශ්‍රී ලංකාවට මෙවර රන්පදක්‌කම් අහිමි
වූහ. තරග ඉතිහාසයේ ප්‍රථම වරට එය සිදුවීමද කැපීs පෙනුණි.
දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාවට රිදී පදක්‌කම් හිමිවූ අතර පිරිමි
කණ්‌ඩායම සිය ඉසව්ව මි. 3.08.94 කින්ද කාන්තා කණ්‌ඩායම මිs.
3.41.83 කින්ද තරගය නිම කළහ.
ඉසව් දෙකේම රන් පදක්‌කම් ඉන්දියාවට හිමිවිය.
මේ අතර 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වීමට තවත්
එක් ඉසව්වක් ඉතිරිව තිබියදී (මැරතන්) ශ්‍රී ලංකා මලල ක්‍රීඩක
ක්‍රීඩිකාවන් රන් 7 ක් රිදී 5 ක් සහ ලෝකඩ පදක්‌කම් 8 ක්
දිනා සිටියි.
අදාළ පදක්‌කම් සංඛ්‍යාව 2006 වසරේ කොළඹ පැවැති දකුණු ආසියානු
ක්‍රීඩා උළෙල හා සසඳන විට පදක්‌කම් සටහනින් සීග්‍ර පසු
බැසීමක් ලෙසද සඳහන් කළ හැක.
රන් 14 ක් රිදී 12 ක් සහ ලෝකඩ 7 ක් දිනා ගැනීමට කොළඹ
ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව සමත්විය.
කළමනාකරුගේ විරෝධතා මැද ටයිsකොන්ඩෝ රන් පදක්‌කම කේෂියාට
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්‌ඩායමේ කළමනාකරු අවසන් මොහොතේද
ඉදිරිපත් කරන ලද විරෝධතා මධ්‍යයේ තරගයට සහභාගි වූ පාතිමා
කේෂියා සුමහිල් කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ රන් පදක්‌කම දිනා
ගත්තාය.
මෙවර තරගාවලිsය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් රන්
පදක්‌කමක් දිනා ගත් ප්‍රථම අවස්‌ථාවද වෙයි.
අදාළ තරග ඉසව්ව වෙනුවෙන් කේෂියා ඉදිරිපත් කිරීමට පියවර ගැනීම
සම්බන්ධව කණ්‌ඩායමේ කළමනාකරු සුජීව ප්‍රනාන්දු මහතා දැඩි
විරෝධතාවක් මතු කළ අතර ඒ සම්බන්ධව පුහුණුකරු සමගද ධාකා නුවරදී
පවා මත ගැටුමක් ඇති කොට ගෙන තිබිණ.
කළමනාකරු ප්‍රනාන්දු මහතාගේ මතය වූයේ තිළිණි කලුතන්ත්‍රි අදාළ
ඉසව්ව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු බවකි.
ඉසව්වේ රිදී පදක්‌කම නේපාලයේ මනිටා සාහීට හිමිවූ අතර ලෝකඩ
පදක්‌කම ඉන්දියාවට සහ බංගලිදේශයට සම සමව හිමිවූහ.
මැරතන් රන් පදක්‌කම
ශ්‍රී ලංකාවට...?
එකොළොස්‌වැනි දකුණු අසියානු ක්‍රීඩා උළෙල අද (09 දා) අවසන්
වෙයිs.
අද පෙරවරුවේ ක්‍රියාත්මක වන මැරතන් තරග ඉසව්වෙන් ක්‍රීඩා උළෙලේ
තරග අවසන් කිරීමට නියමිsතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මැරතන් තරග ඉසව්ව නියෝජනය කිරීම සඳහා
වරම් ලබා සිටිනුයේ අජිත් බණ්‌ඩාර සහ උපුල් විජිත කුමාර වෙතිs.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම වාර ගණනක් මැරතන්
රන් පදක්‌කම ශ්‍රී ලංකාව දිනා ගත් අතර මෙවරත් ශ්‍රී ලංකාව එම
රන් පදක්‌කම දිනා ගනු ඇතැයි බහුතර බලාපොරොත්තුව වෙති.
මෙවර ක්‍රීඩා උළෙලට කාන්තා මැරතන් ඉසව්වක් ඇතුළත් නොවීමද කැපී
පෙනුණි. මේ අතර 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති
සමාචාරය අද (09 දා) රාත්‍රියේ පැවැත්වීමට නියමිsතය.
මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්‌කම දිනා ගනිමින් දකුණු
ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සම්මානය දිනූ ෂෙහාන් අඹේපිටිය
මීටර 4ං100 සහ දිවීමේ කණ්‌ඩායම |