කසළ තේ අලෙවිය නිසා ඌව පළාතේ
ගැටලූ රැසක්
බදුල්ල - එස්. රත්නායක
දේශීය හා විදේශීය වශයෙන් ජනතාවගේ මහත් ප්‍රසාදයට හා ඉල්ලුමට
ලක්‌ව තිබූ ඌව පළාතේ තේ නිෂ්පාදනයට බලවත් පහරක් මේ වන විට
උදාවී ඇතැයි ඌව පළාතේ තේ වෙළෙන්දෝ පවසති.
දැනට ශ්‍රී ලංකාව පුරාම නිෂ්පාදිත තේ කොළවල මිල ඉහළ යැම නිසා
ඇතැම් කූට වෙළෙන්දෝ තේ කර්මාන්ත ශාලාවලින් ඉවතලන කසළ තේ සහ
ව්‍යාපාරික හෝටල්වලින් ඉවතලන පාවිච්චියට ගත් තේ කොළද රසායනික
රස කාරක සහ වර්ණ යොදා සකස් කොට පිරිසිදු තේ නමින් හෝටල්වල
භාවිතයට විකුණති.
මේ සමගම තවත් ඇතැම්හු මහා පරිමාණයේ තේ වතුවලින් සහ කුඩා තේ
වතුවලින් සොරෙන් කඩාගනු ලබන තේ දලු පවනේ වියළා වංගෙඩිවල දමා
කොටා සකස් කොට වෙළෙඳසල්වලට අලෙවි කරති. මෙම තේ ජනවහරේ සඳහන්
වන්නේ වංගෙඩිපැකෝ නමිනි. මෙසේ නිෂ්පාදිත තේ කුඩු තද තිත්ත
රසයකින් යුක්‌ත වේ.
බදුල්ලේ ඇතැම් හෝටල්වලට තේ පානය සඳහා ගොස් කිරිවලින් තොරව කහට
තේ පමණක් ඉල්ලුම් කරන්නන් බොහෝ විට තේ පානයේදී අපහසුවට පත්වී
හෝටල් සේවකයන්ට බැන වැදී ඇත. හෝටල් හිමියන්ද හොඳ තේ කොළ සඳහා
වැඩි මිලක් ගෙවීමට සිදුවන හෙයින් ඇතැම් සුළු වෙළෙන්දන් ගෙන එන
ව්‍යාජ තේ කොළ මිලදී ගැනීමට පුරුදුව සිටිති. මේවන විටත්
කර්මාන්ත ශාලා තත්ත්වයෙන් නිෂ්පාදිත හොඳ තේ කොළ කිලෝවක මිල
රුපියල් 500/} - 600/} අතර වේ.
මේ නිසා තේ කොළ මිලදී ගැනීමේදී හඳුනාගත් සැබෑ තේ කොළ
ව්‍යාපාරිකයන්ගෙන් හෝ පිළිගත් සමාගම්වලින් පරිභෝජනය සඳහා තේ
කොළ මිලදී ගන්නා ලෙස සැබෑ ව්‍යාපාරිකයෝ, මහජනතාවගෙන් ඉල්ලා
සිටිති. |