දකුණු පළාතේ එළකිරි නිෂ්පාදනය
වැඩි කිරීමට පියවර
පුහුල්වැල්ල - පියදාස හෙට්‌ටිආරච්චි
වසර 2012 දී දකුණු පළාතේ එළකිරි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා
වැඩපිළිවෙළක් සකස් කරන බැව් දකුණු පළාත් කෘෂිකර්ම ගොවිජන
සේවා සත්ව නිෂ්පාදන හා සංවර්ධන ඇමැති බිංදු වීරසිංහ මහතා
පවසයි.
දිනකට එක් අයකුට කිරි වීදුරුව බැගින් ලබාදීම සඳහා කිරි ලීටර්
539000 ක් අවශ්‍ය බවද එම අවශ්‍යතාව සඳහා ගවයන් ඇති කිරීම
පාරම්පරික ක්‍රමවේදයෙන් වෙන්කොට ගවගාල් ක්‍රමයක් ඇති කිරීම
සඳහා සත්ව ගොවිපළවල් ආරම්භ කරන බවද බිංදු වීරසිංහ මහතා පෙන්වා
දෙයි.
දැනට දකුණු පළාතේ එළගවයන් 55631 සිටිති. උන්ගෙන් දිනකට ලබා
ගැනීමට හැකි කිරි ප්‍රමාණය ලීටර් 49513 කි.
එම කිරි ප්‍රමාණය මේ වසරේ දෙගුණයක් කිරීමට පියවර ගන්නා බවත්
කෘත්‍රිම සිංචන යොදා ගනිමින් උසස් ආරයේ සතුන් ලබාදීමෙන් සත්ව
පාලනයේ යෙදෙන්නන්ගේ ආදායම් වැඩිකර ගැනීමට පියවර ගන්නා බවත්
ඇමැතිවරයා සඳහන් කරයි. |