ඉ-මානව සම්පත් කළමනාකරණ
ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ
රාජ්‍ය අංශය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබලගැන්වීමේ
තවත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ
නියෝජිතායතනය විසින් "ඉ-මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය"
නොබෝදා ක්‍රියාවට නැංවිණි.
රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යංශය කේන්ද්‍ර කර
ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මේ අනුව රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යංශයේ
අභ්‍යන්තර කටයුතු රැසක් මෙම ඉ-මානව සම්පත් කළමනාකරණ
ව්‍යාපෘතිය යටතේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබලගැන්විණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවය, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය,
රියෑදුරු සේවය, කාර්යාල සේවක සේවය, භාෂා පරිවර්තක සේවය,
පුස්‌තකාලයාධිපති සේවය යන සේවාවන් මෙම ව්‍යාපෘතිය යටතේ තොරතුරු
හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබලගන්වා තිබේ.
මේ අනුව ඉහත විෂය ක්‍ෂේත්‍රයන්ට අයත් නිලධාරීන් හතළිස්
හයදහසකගේ පමණ සේවා ස්‌ථිර කිරීම්, උසස්‌වීම්, ස්‌ථාන මාරුවීම්,
විනය කටයුතු, විශ්‍රාම ගැන්වීම් ආදී කටයුතු ඉතා කඩිනමින් හා
විධිමත්ව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ආචාර්ය සරත් අමුණුගම,
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ
ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රෙෂාන් දේවපුර යන මහත්වරුන්ගේ
ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු
අමාත්‍යංශයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය සහ මානව සම්පත් කළමනාකරණය මෑත
යුගයේදී අප සමාජය හා දැඩි ලෙස බද්ධ වී තිබෙන බවත් ඒ තුළින්
වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී සේවාවක් ලබා ගැනීමට හැකිවන බවත්
මෙහිදී සඳහන් කළ ඇමැති සරත් අමුණුගම මහතා තොරතුරු හා සන්නිවේදන
තාක්‍ෂණයේ ඉහළම ප්‍රතිලාභයන් රටට අත්කර ගැනීම සඳහා මෙවැනි
ව්‍යාපෘතීන් මහඟු අත්වැලක් වන බවත් වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ඉතා සීග්‍රයෙන් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ
ක්‍ෂේත්‍රයේ ඉහළට පියමන් කරමින් සිටින බව මෙහිදී කියා සිටි
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ
ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රෙෂාන් දේවපුර මහතා ඒ බව ජාත්‍යන්තර
වාර්තා මගින් පවා සනාථ කර තිබෙන බවද මෙහිදී කීය.
රාජ්‍ය අංශය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් සවිබලගැන්වීම
සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය
විශාල දායකත්වයක් ලබාදී තිබෙන බව ද එය තව දුරටත් පුළුල් ලෙස
සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද රෙෂාන් දේවපුර මහතා
වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.
ශ්‍යාම් |