පොහොර මිල වැඩිවීම නිසා
හම්බන්තොට කුරුඳු වගාකරුවන් අසරණයි


ලකී වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක

දිනපතා පාහේ ඉහළ යන පොහොර මිල නිසා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කුරුඳු වගාකරුවෝ වගාවෙහි නියෑලීමට නොහැකි වීමෙන් අනේකවිධ අපහසුතාවන්ට ලක්‌ව සිටිති.

දැනට තිබෙන කුරුඳු වගාවන් පවා මේ හේතුව නිසා නඩත්තු කර ගැනීම ගැටලුවක්‌ වී ඇතැයි ඔවුහු පවසති. ශ්‍රී ලංකා කුරුඳු වගාකරුවන්ගේ සංගමයේ සභාපති එච්. එම්. ප්‍රේමරත්න මහතා මේ පිළිබඳව මෙසේ අදහස්‌ දැක්‌වීය. කුරුඳු වගාව සඳහා යොදාගනු ලබන පොහොර මල්ලක්‌ මීට කලකට පෙර තිබුණේ රුපියල් 1950 කටය. එහෙත් එය අද රුපියල් 4000 දක්‌වා මිල ඉහළ ගොස්‌ ඇත. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ කුරුඳු වගාකරුවන් 100,000 පමණ සිටිනවා. අද මොවුන් කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට පත්ව සිටිනවා.
 
Powered By -