හම්බන්තොට සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්‌

ලකී වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක

ඩීප් සවුත් නමින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්‌ හම්බන්තොට දිසා වාණිජ මණ්‌ඩලය මගින් දියත් කොට ඇත.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සංචාරක ආකර්ෂණීයත්වය සඳහා සංචාරක ක්‌ෂේත්‍රය තුළ නිසි අවධානයක්‌ යොමුකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

දැනට සංචාරක ක්‌ෂේත්‍රයේ නියෑලි අයගේ දායකත්වයද මේ සඳහා ලබාගෙන ඇත.

සංචාරක ක්‌ෂේත්‍රයේ නව පිබිදීමක්‌ රුහුණේ ඇති කිරීම පිණිස මෙමගින් මහඟු පිටිවහලක්‌ ලැබෙන බව පළාතේ සංචාරක හෝටල් ව්‍යාපාරිකයකු "දිවයින" ට පැවසීය.
 
 
Powered By -