|

දේශීය ව්‍යාපාර ක්‍ෂෙත්‍රයේ
ඉහළින්ම වැජඹෙන "රයිගම්"
මෙරට දේශීය ව්‍යාපාර ෙíaත්‍රයේ ඉහළින්ම වැජඹෙන නාමයක් ලෙස
"රයිගම්" නාමය හැඳින්විය හැකිය. දේශීය ආර්ථියකට දේශීය
සමාගමකින් විය යුතු දායකත්වය පිළිබඳ වැඩි අවදානයකින් තම
ව්‍යාපාර කටයුතු මෙහෙයවන "රයිගම්" සමාගමේ නවතම ව්‍යාපාර
කටයුත්ත වනුයේ ලුනු නිෂ්පාදනයයි. එහි ඇති විශේෂත්වය නම් මෙරට
ඇති විශාලතම ලුනු ලේවායට හිමිකම් කියන්නේද "රයිගම්" ආයතනය
වීමයි. පහතින් දැක්‌වෙන්නේ ඔවුන්ගේ මෙම නව ව්‍යාපාරය පිළිබඳ
කින්ඩම් ඔෆ් රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ සමග අප කළ
සාකච්ඡාවක සංísප්ත සටහනකි.
රයිගම් සමාගම "සැබෑ ශ්‍රී ලාංකිකයා" යනුවෙන් නව සංකල්පයක්
යටතේ අලුත් ගමනකට මුල පිරුවා. එහිදී ඔබ සමාගම මේ සැබෑ ශ්‍රී
ලාංකිකත්වය නැංවීම සඳහා අලුතෙන් ආරම්භ කළ ව්‍යාපාර කටයුතු
මොනවාද?
දේශීය සමාගමක් වශයෙන් අප නිරතුරුවම අවධානය යොමු කරණ කරුණක්
තමයි අපගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා ගමන් එයින් රටට
ලබාදිය හැකි ප්‍රතිලාභ මොනවාද කියන එක. ඒ අනුව අප අපගේ නවතම
ව්‍යාපෘතිය තමයි රයිගම් නැගෙනහිර ලුනු සමාගමට අයත් ලුනු ලේවාය.
ත්‍රිකුණාමලයේ අක්‌කර 1805 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක
විහිදී ඇති මෙම ලුනු ලේවාය ලංකාවේ ඇති විශාලතම ලුනු ලේවාය
වශයෙන් වාර්තාගත වෙනවා. එය දැනට තිබෙන විශාලතම ලුනු ලේවාය වගේ
දෙගුණයකට ආසන්නයි. අපි පසුගිය නොවැම්බර් 02 වැනිදා සුබමොහොතින්
මෙහි වැඩකටයුතු ආරම්භ කළා.
"රයිගම්" කියන්ගේ ආහාර නිෂ්පාදන ආයතනයක්. විශේෂයෙන් සෝයා
නිෂ්පාදන සඳහා වෙළඳපොළ තුළ ප්‍රමුඛ ආයතනයක්. ඉන් බැහැරව
රයිගම් ආයතනය ලුනු නිෂ්පාදනය සඳහා යොමුවූණේ ඇයි?
ලංකාව කියන්නේ මුහුදින් වටවුණු දූපතක්. ඝර්ම කලාපීය රටක්
වශයෙන් අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලුනු නිෂ්පාදනය කිරීමට
සුදුසු දේශගුණික පරිසරයක් තිබෙනවා. නමුත් පසුගිය වසර 30 තුළ
පැවැති යුද්ධය හේතුවෙන් මෙරට මුහුදු තීරයෙන් (මන්නාරම,
එලිෆන්ඩ්පාස්, කුරුන්චිතිව්, කුඹුරුපිටිය, නිලාවැලි, පානම
වැනි ප්‍රදේශ) තුනෙන් දෙකක් පමණ කොටසක් ත්‍රස්‌ත ග්‍රහණයේ
පැවැති නිසා ලුණු නිෂ්පාදනය කළ නොහැකි වුණා. මේ හේතුව නිසා
පසුගිය දශකයේ මෙරට පරිභෝජනය සඳහා පිටරටින් ලුනු ගෙන්වීමට
සිදුවුණා. ඇතැම් වර්ෂවල මෙරට ලුනු අවශ්‍යතාවෙන් 40% වැනි
ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවුණා. එම නිසා නිකරුණේ විදේශ
විනිමයක් පිටරටට ගලා ගියා. අප දේශීය සමාගමක් ලෙස මේ
ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි ලුනු කර්මාන්තයට යොමුවුණේ. එය අප
සලකන්නේ අපෙන්a ඉටු විය යුතු ජාතික මෙහෙවරක් ලෙසයි.
මෙරට බොහෝ විට නිෂ්පාදනය වන්නේ කැඩ ලුණු පමණක් යෑයි අදහසක්
තිබෙනවා. එයට රයිගම් සමාගම ලබාදෙන විසඳුම් මොනවාද?
ඇත්තවශයෙන්ම වසර 300 කට වඩා පැරැණි කර්මාන්තය වන ලුනු අගය කළ
නිෂ්පාදන ලෙස වෙළඳපොළට හඳුන්වාදීමක් අප දැක්‌කේ නැහැ. එයට
හොඳම උදාහරණය තමයි ලංකාවට අවශ්‍ය මේස ලුනු 100% ක්‌ම ගෙන්වූයේ
පිටරටින්. අප ඉදිරිය දකින ව්‍යාපාර ආයතනයක් ලෙස එයට ආදේශකයක්
ලෙස මෙරට මේස ලුනු නිෂ්පාදනය කළ හැකි කියා. එය වෙළඳපොළ තුළ
තිබෙන හොඳ ව්‍යාපාරික අවස්‌ථාවක්. ඉන් විදේශ විනිමය ඉතිරි
වීමක් සිදුවනවා මෙන්ම ව්‍යාපාරික වශයෙන් ස්‌ථාවරවීමට හොඳ
අවස්‌ථාවක්.
මහින්ද චින්තනය යටතේ වයඹ පළාතේ විශාලතම ව්‍යාපෘතිය රයිගම් ලුනු
සමාගමයි. ලංකාවේ පළමු ලුනු පවිත්‍රාගාරය ආරම්භ කිරීමට අප එහිදී
කටයුතු කළා. එහි අරමුණ තමයි ලංකාවට පිටරටින් ගෙන්වන මේස ලුනු
අප රටේ නිෂ්පාදන කිරීයි. දත්ත අනුව අපට පෙනී ගියා ගෘහණියන් ඉතා
සීග්‍රයෙන් කැට ලුනුවලින් මේස ලුනුවලට පරිවර්තනය වන බව. අප මෙම
වයඹ ලුනු ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 500 ක
මුදලක් ආයෝජනය කර තිබෙනවා. ඊට අමතරව වනාතවිල්ලුව, මුන්දලම,
පුලිදිවායල් ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ලුනු ලේවායන් 03 ක
වැඩ ආරම්භ කර තිබෙනවා. අප පුත්තලම අවට ඇති ලුනු
ලේවායල්වල්වලින් 2011 වසර වනවිට මෙට්‌ටි්‍රක් ටොන් 100,000 ක
පමණ ලුනු නිෂ්පාදනයක් බලාපොරොත්තුවෙනවා.
ඊට අමතරව රයිගම් ආයතනය ක්‍රියාත්මක කර ඇති ලුනු ව්‍යාපෘති
මොනවාද?
දකුණු පළාතේ හම්බන්තොට මුංගව ප්‍රදේශයේ රයිගම් දකුණු ලුනු
සමාගමට අයති අක්. 250 ක පමණ භූමිභාගයක මධ්‍ය පරිමාණයේ ලුනු
ලේවායක් ආරම්භ කළා. මේ වනවිට එහි 75% පමණ ප්‍රමාණයක වැඩ අවසන්
වෙලා තිබෙනවා. එළඹෙන වසරේදී එහි පළමු අස්‌වනු නෙලීමට අප
බලාපොරොත්තු වෙනවා.
විදේශ විනිමයට අමතරව මෙම ව්‍යාපෘතිවලින් ලැබෙන ආර්ථික හා
සමාජයීය වාසි මොනවාද?
අපගේ ව්‍යාපෘති හරහා දකුණු හා නැගෙනහිර පළාත්වල සෘජු රැකියා
අවස්‌ථා 2000 ක් පමණ උදාකරදීමට හැකිවී තිබෙනවා. මෙහි විශේෂත්ය
නම් 80% ක්‌ම රැකියා නුපුහුණු ශ්‍රමිකයන් වීමය. අඩු ආදායම්ලාභී
දරිද්‍රතාවයෙන් පෙළෙ වනාතවිල්ලුව, කුච්චවේලා වැනි ප්‍රදේශවල
වෙසෙන දිළිඳු ජනතාවට මෙමගින් රැකියා අවස්‌ථා උදාවීම
විශේෂත්වයක් වශයෙන් සඳහන් කළ හැකියි.
ඔබ මුලදී පැවැසුවා මෙරට ලුනු අවශ්‍යතාවෙන් 30%-40% අතර
ප්‍රමාණයක් පිටරටින් ගෙන්වනවා කියා. අප කවුරුත් දන්නා පරිදි
ලුනු සඳහා තිබෙන ඉල්ලුම අනම්‍යයි. එය වෙනස්‌වන්නේ නැහැ. ඔබගේ
ඉලක්‌ක සපුරා ගැනීමේදී ලුනු අතිරික්‌තයක් ඇතිවුවහොත්?
ඔව්. එය නිවැරැදියි. එලෙස ලුනු අතරික්‌තයක් ඇතිවිය හැකියි.
අපි වසරකට ලුනු මෙට්‌ටි්‍රක් ටොන් 100000 ක් නිෂ්පදනය කළ
හොත් 40000 ක් 50000 ත් අතර ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒ සඳහා
අප දැනට විසඳුම් දෙකක් සොයාගෙන තිබෙනවා. එකක් තමයි ලුනු
අපනයනයට යොමුවීම. දැනටමත් අපට ජපානයෙන් වසරකට ලුනු කන්ටේනර් 30
ක ඇනුවමක් ලැබී තිබෙනවා. මේ මස කන්ටේනර් 2 ක් නැව්ගත කරනවා.
අනෙක තමයි අතරික්‌ක තොග භාවිත කරමින් ලුනු අමුද්‍රව්‍යයක් ලෙස
භාවිත කරන නිෂ්පාදනවලට අපේ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම.
උදාහරණයක් ලෙස කෝස්‌ටික් සෝඩා නිෂ්පාදනයට යොදාගන්නේ සාමාන්‍ය
ලුනු. එවැනි නව නිෂ්පාදන සඳහා යොමුවීමට අප එහිදී බලාපොරොත්තු
වෙනවා.
සාකච්ඡා කළේ ලක්‌මාල් බෝගහවත්ත |