|

වර්චූසා සමාගම තම නව දෘෂ්‍යමය
අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කරයි
ව්‍යාපාරික උපදේශන සේවාවන්, තොරතුරු තාක්‌ෂණ සේවාවන් සහ
තොරතුරු තාක්‌ෂණය පිළිබඳ පිටස්‌තර සේවාවන් සපයනු ලබන ලෝ ප්‍රකට
වර්චූසා සමාගම තම වෙළෙඳ නාමය සඳහා වූ නව දෘෂ්‍යමය
අනන්‍යතාව ඉකුත්දා ප්‍රසිද්ධියට පත් කරන ලදී, නව වෙළෙඳ
ලාංඡනයක් සමග නිර්මාණය වූ මෙම දෘෂ්‍යමය අනන්‍යතාව මගින්
වෙළෙ¹මේ වාසි පාරිභෝගිකයා හට ලබාදීමට වර්චූසා සමාගම දරන කැපවීම
වෙත වැඩි අවධානයක් යොමුකර ඇත. පාරිභෝගිකයන්ට තාක්‌ෂණය
සම්බන්ධයෙන් පවතින ගැටළුවලට විසඳුම් ලබාදීමත් එමගින්
පාරිභෝගිකයන් පිsළිබඳව අත්දැකීම් ලබාගැනීම, වෙළෙ¹ම සඳහා අවශ්‍ය
කාලය ඉහළ දැමීම, අඩු පිරිවැය සහ වෙළෙඳපොළ කරා ළඟාවීමේ
හැකියාවන් ප්‍රසාරණය කිරීම යන වර්චූසා සමාගමේ ප්‍රධානතම අරමුණු
වඩාත් අවධාරණය වන පරිදි "ව්‍යාපාර වාසි ත්වරණය කිරීම" ලෙසට තම
ආදර්ශ පාඨය වෙනස් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
සමාගමේ අරමුණට අනුකූල වන පරිදි ඉතා මෘදු පැතලි ස්‌වරූපයක් නව
ලාංඡනයෙන් නිරූපණය වේ. 21 වැනි ශතවර්ෂයේ පවතින නව නැඹුරුතාවන්ට
අනුව මෙම නව ලාංඡනය මුද්‍රණ අකුරු සහ කෙටි ආවරණ සැලසුම්
සම්බන්ධයෙන් විවිධ බලපෑම් ඇති කරයි.
අප පාරිභෝගිකයන්ගේ තොරතුරු තාක්‌ෂණ කාර්යක්‍ෂමතාව ප්‍රගුණ
කිරීම සහ වෙළෙඳ වාසි ඉහළ දැමීම හෙවත් ත්වරණය කිරීම යන අපගේ
අරමුණු සංකේතවත් කිරීමට අමතරව මෙම නව අනන්‍යතාව නිර්මාණය
කිරීමේදී අපගේ සංස්‌කෘතිය, මෘදුකාංග ඉංජිනේරු ක්‌ෂේත්‍රයේ
වටිනා උරුමයන් වෙතද අප විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ
මගින් අපගේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමටත්, අපගේ පාරිභෝගිකයන්,
කොටස්‌කරුවන් සහ කණ්‌ඩායම් සාමාජිකයන්ට නිසි සේවාවන් ලබාදීමටත්
මෙම නව අනන්‍යතාව කාර්යක්‍ෂම ලෙස භාවිත කිරීමට හැකිවේවි යෑයි
අපි විශ්වාස කරනවා" යෑයි වර්චූසා සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන
විධායක නිලධාරි ක්‍රිස් කනගරත්න මහතා පැවසුවේය. |