සෙලින්කෝ ලයිෆ් තෙවැනි වසරටත්
ජීවිත රක්‌ෂණ සතිය දියත් කරයි

ජීවිත රක්‍ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සුවිශාල මෙහෙයක්‌ ඉටු කරන සෙලින්කෝ ලයිෆ් හඳුන්වා දුන් ජීවිත රක්‌ෂණ සතිය තෙවැනි වසරටත් මෙම මස දියත් කිරීමට සමාගම කටයුතු කර ඇත.

දේශීය ජීවිත රක්‌ෂණ වෙළෙඳපොල පුළුල් කිරීමේ අරමුණින් ජීවිත රක්‌ෂණ ක්‍ෂේත්‍රයේ නායකයා විසින් දියත් කරන මෙම වැඩසටහන පෙබරවාරි මස 11-17 දක්‌වා පැවැත්වෙන අතර පසුගිය වසර තුළදී මෙන්ම බහු මාධ්‍ය වැඩසටහන් මාලාවන් හා සමගාමීව පැවැත්වෙයි. එයට මහජනතාව අතර ජීවිත රක්‌ෂණය ප්‍රචලිත කරන ක්‍රියාකාරකම් කිහිපයක්‌ අයත් වනු ඇත.

ජීවිත රක්‌ෂණයක්‌ තුළින් ආවරණය වීමේ ප්‍ර්‍රථම පියවර වන්නේ එහි වැදගත්කම හා අවශ්‍යතාවය මනාව අවබෝධ කරගැනීම බවත් මෙවන් ජාතික මට්‌ටමේ වැඩසටහනක්‌ සාමාන්‍ය ජනතාවට එම අවබෝධය ලබාදීමට හා ජීවිත රක්‌ෂණය පිළිබඳ විශ්වාසය වැඩි කිරිමට ඉතා ප්‍රයෝජනවත් වන බවත් සෙලින්කෝ ලයිෆ් හි උප සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසුවේය.

දේශයේ ජීවිත රක්‌ෂණ නායකයා වශයෙන් ජීවිත රක්‌ෂණ වෙළෙඳපොල වර්ධනය කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට හා තවත් පවුල් බොහෝමයක්‌ ජීවිත රක්‌ෂණයෙන් ආරක්‍ෂා කිරීමට තම සමාගම බැඳී සිටින බවත් රෙන්ගනාදන් මහතා පැවසුවේය.

ජීවිත රක්‌ෂණ සතියට ආරම්භයක්‌ ලෙස පෙබරවාරි 1 වනදා සිට දිවෙන ජීවිත රක්‌ෂණයේ වැදගත්කම දනවන බහුමාධ්‍ය වැඩසටහන් මාලාවක්‌ සමාගම දියත් කර ඇත.

ජීවිත රක්‌ෂණ සතිය ආරම්භ වීමට ප්‍රථම සෙලින්කෝ ලයිෆ්හි අලෙවි පිරිස්‌ තමන් සේවය කරන ප්‍රදේශවල පිහිටි පාසල්වල දරුවන්ගේ දෙමාපියන්ට හා ගුරුවරුන්ට සම්මන්ත්‍රණ පවත්වමින් ඔවුන් ජීවිත රක්‌ෂණය පිළිබඳ දැනුවත් කරනු ඇත. මීට අමතරව සියලුම සෙලින්කෝ ලයිෆ් ශාඛාවන්හි දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ඇත.

ජීවිත රක්‌ෂණ සතිය තුළදී සමාගම විසින් මහජනතාව සඳහා දියත් කරනු ලබන සාමූහික වැඩසටහන් වාලච්ෙච්න, කන්තලේ හා අම්පාර වැනි නගරයද ඇතුළුව ස්‌ථාන 31 ක සිදු කිරීමට බලාපොරොත්තු වන අතර මෙම වැඩසටහන් සාර්ථක කිරීමට අත්පොත්, ස්‌ටිකර, බැනර් සහ දැන්වීම් යොදා ගනු ලබයි. මීට අමතරව "ජීවිත රක්‌ෂණය ගැන මාගෙන් විමසන්න" යන ලාංඡන පැළඳගත් සමාගමේ විශේෂ ජංගම කණ්‌ඩායම් විසින් ජනතාවට ජීවිත රක්‌ෂණ ලබා ගැනීමට අවශ්‍ය වන විශ්ලේෂණ හා යෝජනා සැකසීමට පියවර ගනු ඇත.



උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
                                                                                  223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -