නීති විරෝධී සංක්‍රමණිකයන්ට
ඉතාලියේ ඉඩකඩ නැහැ.
ඒත් ලස්‌සන කෙල්ලන්ට ඉඩකඩ තියෙනවා
ඉතාලි අගමැති
රෝමය

ප්‍රශ්න පැනනැඟෙන විහිළු තහළු කිරීමට ප්‍රසිද්ධියක්‌ උසුලන 73 හැවිරිදි ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුකෝනි ඇල්බේනියානු අගමැති සාලි බෙරිෂා සමග පසුගියදා ඉතාලියේදී සාකච්ඡා පැවැත්වීය.

ඊට පසු පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වූ ඔහු කියා සිටියේ ඇල්බේනියාවේ සිට නීති විරෝධී ලෙස පැමිණෙන සංක්‍රමණිකයන් නතර කිරීමට ඇල්බේනියානු අගමැති සමග ගිවිසුමකට එළැඹි බවයි. මම අගමැතිවරයාට මෙහෙමත් කිව්වා. සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන්නේ ලස්‌සන හුරුබුහුටි කෙල්ලන් නම් මම ඒකට නම් විරුද්ධ වෙන්නේ නැහැ.

ඉතාලි අගමැතිවරයා කාන්තාවන් සමග ඇති සබඳතා හේතුකොට ගෙන ඔහුගේ බිරිඳ ඔහුගෙන් දික්‌කසාද වී ඇත. එහි පැමිණි සිටි පුවත්පත් කලාවේදිනියන් අමතමින් ඔහු මෙසේද කීවේය. මම දැන් තනිකඩයෙක්‌. ඒකත් මතක තියාගන්න.
 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.