මම බොහොම සැහැල්ලු චරිතයක්‌
දෙරණ ඩී්‍රම් ස්‌ටාර් ගායන තරුව උපේක්ෂා නිර්මාණී

දෙරණ "
Dream Star"¨ නවක ගායන තරු අභිෂේකය වඩ වඩාත් ඔප් නැංවෙන්නේ එහි ගායන කෞශල්‍යයන් විදහා දක්‌වන තරුණ තරුණියන් නිසා බව පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. විවිධ වෙනස්‌කම් සහිත සරල ගීතයේ ප්‍රථම ශාස්‌ත්‍රීය ගීතය දක්‌වා වූ විවිධ පරාසයන්ගෙන් යුතු ගීත තෝරා ඉදිරිපත් කරන දක්‌ෂතාවන්ගෙන් පිරිපුන් තරු රැසක්‌ Dream Star හි පෙළගැසී සිටී. මේ එම ගායන තරු අභිෂේකයේ තවත් තාරකාවක්‌ සමග කළ පිළිසඳරකි.

මේ ගායනා තරුව උපේකAෂා නිර්මාණීය. මීගමුව පුරවරයෙන් "
Dream Star" වේදිකාවට ගොඩවන ඇය තවමත් දහ අට වන වියෙහි පසුවන පාසල්a ශිෂ්‍යාවකි. ගායන ක්‍ෂේත්‍රයට නෑදැකම් කියන පරපුරකින්, Dream Star වේදිකාව රසවත් කරන්නට එක්‌වන ඇය ඒ "නෑදැකම" තමාගේ ශක්‌තිය බවට පතු කර නොගත් එහෙත් තම ශක්‌ති ප්‍රමාණයෙන් නැගී සිටින්නියක බව ෂාක්‌ෂාත් කරන්නීය. ඒ ඇගේ විශේෂත්වයයි.

මෙපමණ දක්‌ෂකම් දක්‌වන, ඔබ ගැන තොරතුරු දැනගන්න රටම කැමැති ඇති

මගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන මට එස්‌. එම්. එස්‌. එවන ඒ හැම දෙනාම වෙනුවෙන් තොරතුරු කියන්න ලැබෙන එක මට සතුටක්‌. මම තවමත් පාසල් ශිෂ්‍යාවක්‌. මුලින්ම පාසල් ගියේ තිරඹිරිගස්‌කටුව මහා විද්‍යාලයට. පස්‌සේ මීගමුව නිව්ස්‌ටඩ් විද්‍යාලයට ඇතුළත් වුණා. දැනට එහි උසස්‌ පෙළ හදාරණවා. උසස්‌ පෙළ විෂයයන් හැටියට සංගීතයත්, ඉතිහාසයත්, සිංහලත් තෝරාගෙන තියෙනවා. මගේ පවුල ගැන කතා කළොත්, කලාවට ලැදි, කලා පසුබිමක්‌, සංගීත පසුබිමක්‌ තිබෙන පවුලක්‌. අම්මාත් තාත්තාත් සමග මට සහෝදරියන් දෙදෙනෙක්‌ ඉන්නවා. වැඩිමහල් සහෝදරිය විවාහ වෙලා. අනෙක්‌ සහෝදරිය උසස්‌ පෙළ විභාගය අවසන් කළේ පසුගිය වසරේ.

ගායනයට අමතරව සංගීත භාණ්‌ඩ වාදනයට දක්‌ෂයි කියලා දැනගන්න ලැබුණා

මම වයලීනය වාදනය කරන්න සහ ෆ්ලූට්‌ (බටනලා) වාදනයට ප්‍රිය කරනවා. ඒත් ඒක උපරිම දක්‌ෂතාවය නොවෙයි. තවදුරටත් ඒක ඉගෙන ගන්න ආසයි.

ගීත ගායනයට පසුබිම හැඳුණේ කොහොමද?

පවුලේ ආභාෂය බලපාන්න ඇති මූලිකවම. ඊට අමතරව මම කොහොමත් සංගීතය විෂයක්‌ හැටියට ප්‍රිය කරනවා. නමුත් දෙරණ "
Dream Star" තරගයට පැමිණෙන මොහොත වන විටත් මම කිසිදු වේදිකාවක ගීත ගායනා කරලා නැහැ. පාසලේ දී විවිධ අවස්‌ථාවල ගීත ගායනා කරලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්‌ . නමුත් ප්‍රසිද්ධ වේදිකාවල මේ වගේ ගීත ගායනා කරන්න මුල්වරට අවස්‌ථාව සෑදුනේ දෙරණ "Dream Star" තුළින්.

රගයක්‌ වුනත් බොහොම "සැහැල්ලුවෙන්" ඊට මූණ දෙන බවක්‌ තමයි අපිට ආරංචි

ඇත්තටම ඔව්. මම ගීත පාඩම් කරන්න ටිකක්‌ විතර කම්මැලියි. අම්මගේ තාත්තාගේ පෙළඹවීම නැත්තම් ඒකත් නැහැ. මම එච්චර සැහැල්ලු චරිතයක්‌.

ඒත් බොහොම උච්ච ස්‌වරයේ ගීතයන් නිවැරදි ශ්‍රැතියට අනුව ගායනා කිරීමට ඒ "සැහැල්ලුව" අවහිරයක්‌ වන බව පේන්නේ නැහැ

නැහැ මම කොච්චර සැහැල්ලු වුනත් එතැනදී ගායනයට මුල්තැන දෙනවා. මම හිතන්නේ මගේ ඒ ගුණයට විනිශ්චය මණ්‌ඩලයෙන් නිරන්තරයෙන් ප්‍රශංසා කරනවා. පසුගියදා රූකාන්ත ගුණතිලක මහත්තයා පුටුවෙන් නැගිටලා මට ආශිර්වාද කළා. එවැනි ප්‍රවීණයන්ගෙන් ලැබුණු ඒ ආශිර්වාදය මට ඇති.

"
Dream Star" ගැනත් කතා කරමු

ඇත්තටම දෙරණ "
Dream Star" ඇකඩමියෙන් අපට ලැබෙන්නේ විශාල අත්වැලක්‌. එය ඉදිරි ගමනට විශාල උදව්වක්‌. කොහොම උණත් අවසානයේදී සුපිරිතම කෙනා වෙන්නේ එක්‌කෙනයි. ඒ කවුරු වුණත් මට මෙපමණ දුරක්‌ හරි එන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා.

මේ මොහොතේදී මම විශේෂයෙන් මගේ අක්‌කාත්, දිනේෂ් අයියාත්, දිණුක ඇතුළු තාත්තාගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාත්, අතුල අධිකාරී මහතාගේ සංගීත කණ්‌ඩායමේ සියලුදෙනාත්, දෙරණ "ඩී්‍රම් ස්‌ටාර්" කාර්ය මණ්‌ඩලයටත්, අපිත් එක්‌ක එකට ඉඳලා තරගයෙන් ඉවත්ව ගිය සියලුම සහෝදර සහෝදරියන්aවත් ඉතා සෙනෙහසින් සිහිපත් කරනවා. මගෙ ගෞරවය පුදකරනවා. ඒ එක්‌කම මගේ ගමෙත්, රටේත් මගේ ජයග්‍රහණය වෙනුවෙන්a සහය පළ කරන සියලුම දෙනාට මගේ ස්‌තුතිය පුද කරන්න මේක අවස්‌ථාවක්‌ කරගන්නවා.


උදේශ ගමගේ

 

 
Powered By -