මේ දවස්‌වල අපි

අමිලට සුබ මංගලම්

වසර ගණනාවක්‌ පුරාවට පුංචි තිරයේ පෙම්වතා ලෙස රැඳී සිටිමින් ප්‍රේක්‍ෂක ප්‍රසාදය දිනාගත් අමිල අබේසේකර පසුගිය මාර්තු පළමුවැනිදා යුද දිවියට පිවිසුණා. මේ දිනවල විකාශය වන පබා ටෙලිනාට්‍යයේ ආමන්ත ලෙසිනුත්, දෙරණ ඩී්‍රම් ස්‌ටාර්ස්‌ වේදිකාව මත ලොකු කුඩා කාගේත් ආදරය දිනාගත් නිවේදකයකු වුත් අමිලගේ අනාගත සහකාරිය වුයේ තේජා ගුණවර්ධනයි.

ඩුබායිහි එමිරේට්‌ස්‌ ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක වන තේජා හා අමිල අතර වසර හයක්‌ පුරාවට පැවැති ආදර සබඳතාවකින් පසුවය මේ දෙපළ මෙලෙසින් යුග දිවියට පිවිසුණේ. රංගන ශිල්පියකු ලෙසට නිරන්තරයෙන් විවිධ චරිත සොයා යැමේ පිපාසාවක්‌ ඇති අමිල පෞද්ගලික ජීවිතය තුළ මේ ලැබූ වෙනසත් සමඟ ඉදිරියේදී තවත් අලුත් ටෙලිනාට්‍යය කිහිපයකින්ම අප හමුවට පැමිණීමට නියමිතය.


ගයන්තගෙන් සුභ ආරංචියක්‌

රවුම් කඩේ ගීතය හරහා විශාල ප්‍රේක්‍ෂක ආකර්ශණයක්‌ දිනා ගනිමින් ගායන ක්‍ෂේත්‍රයට පිවිසි ගයන්ත විඡේරත්න මෑත භාගයේදී තරුණ සිත් දිනාගත් ගායකයකු බවට පත්වී තිබෙනවා.

මේ සියල්ල අතරේ මේ දවස්‌වල ඔහු සූදානම් වන්නේ ආදරණීය රසික රසිකාවියන් අතරට අලුත් ආරක ගීත එකතුවක්‌ එළිදැක්‌වීමටයි. නවක සංගීත අධ්‍යක්‍ෂවරු කිහිපදෙනෙක්‌ හා නවක ගීත රචකයන් කිහිපදෙනකුගේ සහයෝගයද මේ සඳහා ඔහු එකතු කොට ගෙන තිබෙනවා. මේ අතර නුදුරු දිනකදී විදේශ සංචාරයකට සහභාගිවීමට බලාපොරොත්තු වන ගයන්ත ඔහුගේ ශබ්දාගාරයට අවශ්‍ය නවීන පන්නයේ සංගීත උපාංග රැගෙන ඒමට ඔහු එමගින් බලාපොරොත්තු වනවා. කෙසේ නමුත් මේ වසරේ මැයි මාසයේදී අලුත් සංයුක්‌ත තැටිය වෙළෙඳපොළට නිකුත් කිරීමයි ඔහුගේ බලාපොරොත්තුව.


ශෂී‍
 
Powered By -