හිටපු ජෙනරාල්ගේ හමුදා ජාලයේ|
සියලු සුලමුල හෙළිවේ


* හිටපු ජෙනරාල්ගෙන් හිටපු හමුදා නිලධාරීන්ට රුපියල් කෝටි 12 ක්‌

* ආරක්‍ෂක අමාත්‍යාංශයටත් හොරෙන් බොම්බඩියර් කළ ක්‍රියාදාමයන් හෙළිවේ

* ශ්‍රී ලංකාව තුළ නෝර්වේ න්‍යාය පත්‍රය යළි ක්‍රියාත්මක කිරීමේ සමුළුවක්‌

* ලන්ඩන් කොටි සමුළුවට ඇමරිකාව හා නෝර්වේ නියෝජිතයන් එවලා

* විදේශාධාර ලබන එන්.ජී.ඕ. කලබලයට පත්වේ

* බ්‍රසල්ස්‌ පොලිසිය කපිතන් ෂා සිල්වා ගැන හෙළි කරයි

ඔබලාගේ සිහිනය වෙනුවෙන් (ඊළම) යමක්‌ කළ යුතුයි. එය ඉටු කළ හැකියි. සටන අත්හරින්න එපා. - ජෙසී ජැක්‌සන් ඇමරිකානු දේවගැති

ද්‍රවිඩ ජාතිකත්වය, නිජබිම, ද්‍රවිඩ ස්‌වෛරීතාව සහ ද්‍රවිඩ ස්‌වයංපාලනය මත පදනම් වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ යාපනයේදී බිහිවී ඇත.

- යුරෝපා කොටි වෙබ් අඩවිය

මෙරට බහුතරය මහ මැතිවරණය කෙරේ අවධානය යොමු කරන අවස්‌ථාවේ පසුගිය පෙබරවාරි 26 වැනිදා රාත්‍රියේ ලන්ඩනයේ බ්‍රිටානියා ඉන්ටනැෂනල් හෝටලයේදී ඉහළම පෙළේ සුපිරි සාදයක්‌ පැවැත්වුණි. ජී.ටී.එෆ්. හෙවත් ගෝලීය ද්‍රවිඩ සංවිධානය නමැති බ්‍රිතාන්‍ය කොටි ජාලය විසින් මෙහෙයවනු ලැබූ මෙම සාදයට බ්‍රිතාන්‍ය, ඇමරිකානු, නෝර්වේ නියෝජිතයන් ඇතුළු කොටින් විශාල පිරිසක්‌ පැමිණ සිටියහ.

කොටි ඝාතක සමාගම බේරා ගැනීමට උත්සාහ කළ ඇමරිකාවේ ජෙසී ජැක්‌සන් දේවගැතිවරයා මේ කොටි සාදයේ ප්‍රධානතම කථිකයා විය. "මේ ශුද්ධ වූ අවස්‌ථාවේ නිදහසේ පිපාසය වෙනුවෙන් ජනතාව එක්‌වී සිටිනවා. ඔබලා එක්‌වී ඔබලාගේ සිහිනය ඉටුකර ගැනීමට සටන් කළ යුතුයි. දකුණු ඇමරිකාවේත්, දකුණු අප්‍රිකාවේත් නිදහස්‌ අරගල සිදු වූවා නම් එය ඔබලාටත් කළ හැකියි. සටන අත්හරින්න එපා. ද්‍රවිඩයන් තමන්ගේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුයි. දැන් සිහිනය කරා යායුතුයි. ද්‍රවිඩ නිජබිම සඳහා සටන් වැදීමට සූදානම් වන්න යෑයි ජෙසී ජැක්‌සන් පවසනවිට කොටි හිතවාදීහු අත්පොළසන් දුන්හ.

ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා යළිත් සැලසුම් කිරීම පිණිස ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් එකී සාදයට පෙර ලන්ඩනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ කොටි සමුළුවට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ සහ නෝවීජියානු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් විසින් නියෝජිතයන් පවා එවා තිබිණි. එසේම ඇමරිකානු සෙනෙට්‌ සභාවේ විදේශ සබඳතා අනු කමිටුවේ සභාපති බොබ් කේසි විසින් මේ කොටි සමුළුව වෙත පණිවුඩයක්‌ එවමින් ගෝලීය ද්‍රවිඩ සංසදය සමග දිගටම සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බව පවසා තිබිණි. මේ ලන්ඩන් කොටි සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ පාර්ශ්වයන් බුද්ධි අංශවලට හෙළිවී ඇති අතර කොටි හිතවාදී වෙබ් අඩවියක පළවූ ප්‍රකාශයක්‌ අපි මෙරට ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්නෙමු." සිංහල බෞද්ධයන් වෙනුවෙන් මාදම්පාගම අස්‌සජි මහානායක සහ මුස්‌ලිම් ප්‍රජාව නියෝජනය කරමින් අබ්දුල් මජිඩ් මොහමඩ් කාසිම් මෙයට සහභාගි වූහ. "ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය ඉතාමත්ම දුෂ්කර මෙන්ම අසීරු" යෑයි මහානායක අස්‌සජි තම දේශනයේදී පවසා තිබේ.

එහෙත් මාදම්පාගම අස්‌සජි යනු නාහිමිවරයෙක්‌ නොවේ. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතකයන් බේරා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත් බ්‍රයන් ක්‍රාටර්, රොබට්‌ ඊවන්ස්‌, කෙයින් වාස්‌ මෙන්ම නෝර්වේ සහ ඇමරිකානු ආණ්‌ඩුවල නියෝජිතයන් ද මේ සමුළුවට පැමිණ සිටියහ.

මේ නිසා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය යළි ආරම්භ කිරීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටස්‌කරුවන් දැන් සනාථ වී තිබේ. එA නෝර්වේ, බ්‍රිතාන්‍ය හා ඇමරිකාවයි. මෙලෙස විදේශ රහස්‌ කුමන්ත්‍රණය දියත්වී පැය 24 කට පසු ද්‍රවිඩ සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු වූ ගෙ-න්ද්‍රකුමාර් පොන්නම්බලම් නමැත්තා යාපනයේ පිහිටි තම පක්‍ෂ කාර්යාලයේදී ප්‍රකාශයක්‌ කරමින් ද්‍රවිඩ ස්‌වයංපාලනය, ද්‍රවිඩ නිජබිම සහ ද්‍රවිඩ ස්‌වෛරිභාවය මත ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ නමැති නව සංවිධානයක්‌ ආරම්භ කර ඇතැයි ප්‍රකාශයට පත් විය. යළිත් වරක්‌ මෙරට බෙදුම්වාදය ක්‍රියාත්මක කිරීමට කැසකවන මෙකී ටී.එන්.පී.එෆ්  සංවිධානයේ ප්‍රමුඛයකු වන්නේ කොටි ඝාතන සමාගම බලවත්ව සිටියදී උතුරේ සෙබළුන් 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට වහසි බස්‌ දෙඩූ හිටපු මන්ත්‍රීවරයකු වූ එස්‌. කෙ-න්ද්‍රන්ය.

මේ අතර ලන්ඩන් කොටි සමුළුවේ ගත් තීරණ ගැන වාර්තාවක්‌ යුරෝපා ප්‍රජාව වෙත යොමුවිය. එම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට වගකිවයුතු පිරිස්‌වලට එරෙහිව ක්‍රියා කරන ලෙසත් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙසත් ඉල්ලා තිබිණි.

මෙම වාර්තාව ප්‍රකාශයට පත්වීමට පැය 24 කට පෙර ඔස්‌ටේ්‍රලියාවේ එස්‌.බී.එස්‌. රූපවාහිනිය වැඩසටහනක්‌ විකාශනය කරමින් මෙරට හිටපු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ සහ කොටි සමග එක්‌ව කටයුතු කළ ක්‍රිෂ්ණා නමැති කොටි හිතවාදියා කැඳවා ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට සනාථ කිරීමට උත්සාහ කරනු ලැබීය. එA සඳහා ජිනි ස්‌ටෙයින් නමැති මාධ්‍යවේදිනිය මෙරටට පැමිණ සිටි බව වාර්තා විය.

මේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ හමුවී සාකච්ඡා කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රකරුවකු ද සහභාගි වී තිබේ.

මෙහිදී ඉස්‌මතු වූයේ හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකාට මාධ්‍ය අඳබාලයකු විසින් කියන ලද කේලමකි. වන්නි මෙහෙයුමට පසුබිමින් ක්‍රියාත්මක වූ එA මාධ්‍ය අඳබාලයා වූ බොම්බඩියර්ගේ රහස්‌ මෙහෙයුමේ තොරතුරු රැසක්‌ ආරක්‍ෂක බලධාරීන්ට දැන් හෙළිවී ඇත.

වන්නි මෙහෙයුම සඳහා පෞද්ගලික මාධ්‍යවලට මෙහෙයුම් කලාපවලට යැමේ හිමිකම නොලැබුණ නමුත් එA වන විට පෞද්ගලික මාධ්‍යයක සිටි බොම්බඩියර් තමා රජයේ මාධ්‍ය නියෝජිතයකු ලෙස සාවද්‍ය ලෙස දක්‌වමින් ඉහළ හමුදා නිලධාරියකුගේ අනුමැතිය ද මත වන්නියේ කොටි මෙහෙයුම් කලාපයට ගොස්‌ අබිරහස්‌ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. මෙහිදී බොම්බඩියර් කණ්‌ඩායම මුහුණපෑ තවත් බරපතල ප්‍රශ්නයක්‌ වූයේ ජාතික රූපවාහිනියේ විශේෂ නියෝජිතයකු ද එA වන විට වන්නියේ ස්‌ථානගත වීමයි.

මේ වන විට බෝම්බඩියර් කණ්‌ඩායම ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන මඩ වෙබ් අඩවියකට තොරතුරු සපයන්නන් යෑයි හිටපු ජෙනරාල්වරයා දැන සිටියේ නැත. මේ මඩ වෙබ් අඩවියේ නිර්මාතෘ කොටි හිතවාදියෙකි. බොම්බඩියර් හෙවත් නම් පහකින් පෙනී සිටි මාධ්‍ය අඳබාලයා දේශප්‍රේමීන්ව දේශෙද්‍රdaහීන් කිරීමේ රහස්‌ මෙහෙයුම එA වන විට දියත් කර තිබිණි. එසේම මෙහෙයුම් කලාපවලින් ගන්නා ඡායාරූප ද කොටි වෙබ් අඩවිවලට කොළඹ සිට යවනු ලැබීය.

එහෙත් මෙහෙයුම් කලාපවල ගැවසෙන බොම්බඩියර් පුද්ගලික මාධ්‍යයක සේවය කරන්නෙක්‌ යෑයි ඇතැම් හමුදා නිලධාරීන්ට වාර්තා විය. මේ හෙළිදරව්ව නිසා කලබලයට පත් බොම්බඩියර්ට යළි රජයේ මාධ්‍යයකට එක්‌වීමට අවශ්‍ය විය.

දින කීපයකට පසු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ රජයේ ඉහළම දේශපාලනඥයකු අමතමින් බොම්බඩියර්ව රජයේ පුවත්පතට නැවතත් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

එදා එම හමුදා නිලධාරියා ඉල්ලීම කළේ ඇයි දැයි ආරක්‍ෂක බලධාරීන්ට දැන් සනාථ වී ඇත. එA හිටපු ජෙනරාල්ගේ ජාලය (භැඑ අදරන) කලින්ම සැලසුම් කිරීමයි. හිටපු ජෙනරාල්ගේ මේ ජාලය රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සිට විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල හමුදා නිලධාරීන් පත් කිරීම දක්‌වාද ව්‍යාප්ත විය.

හිටපු ජෙනරාල් දිගු කලක්‌ තිස්‌සේ තම ජාලය ක්‍රියාත්මක කළ බව රජයට වාර්තා වන විට ප්‍රමාද වූවා වැඩිය. මේ අතර පසුගිය සතියේ අපරාධ විමර්ශකයන් හිටපු ජෙනරාල්ගේත් ඔහුගේ ලේකම් යෑයි හඳුන්වාගත් කපිතාන් ෂා සිල්වාගේත් පරිගණක විමර්ශනය කිරීමේදී මවිතයට පත්වූයේ හමුදා නිලධාරීන්ට ගෙවූ මුදල් සම්භාරය නිසාය.

සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා හිටපු කර්නල් ලුතිනන් කර්නල්, මේජර්වරුන්, කපිතන්වරුන් ඇතුළු හමුදා නිලධාරීහු 123 ක්‌ පත්කර තිබූ බවත් ඔවුන්ට රුපියල් කෝටි 12 ක්‌ ගෙවා තිබූ බවත් එහිදී අනාවරණය විය. රුපියල් ලක්‍ෂයේ සිට 1,50,000 ක්‌ දක්‌වා ඔවුන්ට ගෙවා තිබිණි.

මේ මුදල් ලබාගත් හිටපු හමුදා නිලධාරීන්ගේ නම් ගම් ද එහි සඳහන් විය. මින් පස්‌ දෙනෙක්‌ කර්නල් හා ලුතිනන්වරුන්ය. මේජර්වරු 26 කි. ඊටත් අමතරව හිටපු ගුවන් හමුදා වින් කමාන්ඩර්වරයකු හා නාවික හමුදාවේ සේවය කර ඉවත්වූ කමාන්ඩර්වරයෙක්‌ ද විය. මෙහිදී අපරාධ විමර්ශකයන්ට හෙළි වූයේ හිටපු ජෙනරාල්ගේ කටයුතුවලට මැදිහත්වූ තවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක්‌ සිංගප්පූරුවට පැන ගොස්‌ ඇති බවයි. මෙවන් තොරතුරු හෙළිවෙද්දී බෙල්ජියම් පොලිසිය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන නිලධාරීන් වෙත වාර්තාවක්‌ එවමින් හිටපු ජෙනරාල්ගේ ලේකම් ලෙස ක්‍රියා කළ කපිතන් සේනක හරිප්‍රිය ආර්නෝල්ඩ් සිල්වා හෙවත් ෂා සිල්වා වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් බ්‍රසල්ස්‌ පොලිසියට අවශ්‍ය කරන අයකු යෑයි කියා සිටියේය. වසර තුනක සිරදඬුවමක්‌ නියමවූ මේ හිටපු කපිතාන්වරයා බ්‍රසල්ස්‌ නුවරින් පැන ගොස්‌ තිබූ බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ නිකුත් කර ඇති බවත් බෙල්ජියන් පොලිසිය තවදුරටත් මෙරටට දැනුම් දී තිබිණි.

මේ තත්ත්වය මත බෙල්ජියම් පොලිසියේ කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග හෙළි කළේය. එසේම යුද හමුදා නිලධාරීහු කපිතන් ෂාන් සිල්වාට හමුදාවෙන් විනය හේතු මත ඉවත් කරන අවස්‌ථාවේ ඔහු ලුතිනන්වරයකු යෑයි ද සොයාගනු ලැබීය.

හිටපු ජෙනරාල් ජය ගනු ලැබුවොත් ආරක්‍ෂක ලේකම්වරයා වීමේ බලාපොරොත්තුවෙන් සිටි කපිතන් ෂාන් සිල්වාගේ පරිගණකය ද තම භාරයට ගත් රහස්‌ පොලිස්‌ විමර්ශකයන් මේ වන විට වැදගත් තොරතුරු රැසක්‌ සොයාගෙන තිබිණි.

මේ අතර හිටපු ජෙනරාල්ගේ ලේකම්වරයාගේ සුලමුල හෙළිවීමෙන් කලබලයට පත් ප්‍රංශයේ මඩ වෙබ් අඩවියක්‌ මෙහෙය වන කොටි හිතවාදියා තවත් සාවද්‍ය පුවතක්‌ විකාශනය කරනු ලැබීය.

එA හිටපු ජෙනරාල්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කළ මේජර් ජෙනරාල්වරයා තම පවුලේ අයව විදේශගත කර ඔහුද ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්‌ ඇති බවයි.

එහෙත් යුද හමුදා බලධාරීහු එකී පුවත ප්‍රතික්‍ෂේප කළහ. කොටි ඝාතන කණ්‌ඩායම පරාජයවීමත් සමගම මෙරටින් පැන ගිය කොටි හිතවාදී මාධ්‍ය කණ්‌ඩායම ප්‍රංශයට හා ජර්මනියට ගොස්‌ එම මඩ වෙබ් අඩවිය ආරම්භ කළහ.

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතකයන් පරාජයවීම නිසා දැන් මානසික අසහනයකට පත්ව සිටින මෙකී කොටි හිතවාදී මාධ්‍ය කණ්‌ඩායම අතර ද අරගලයක්‌ මතුවී ඇතැයි දැන් වාර්තාවේ.

මෙවන් තොරතුරු අනාවරණය වන අවස්‌ථාවේ නෝර්වේ රාජ්‍යයේ ප්‍රතිපත්ති සැලසුම් කරන්නන් යළිත් තම පැරැණි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේ මෙහෙයුමක්‌ අනාවරණය විය. එA අනුව වසරකින් පසු ශ්‍රී ලංකාව යන මැයෙන් නෝවීජියානු රජය ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෛන් සමුළුවක්‌ මාර්තු 2 වැනිදා නෝර්වේ රාජ්‍යයේ ඔස්‌ලෝ නගරයේ ග්‍රෙන්සන්හි ආරම්භ විය. මෙම සමුළුවේ මණ්‌ඩලය ලෙස 2003 සටන් විරාම සමයේ උතුර, නැගෙනහිර කටයුතු කළ සෙල්වමලර් අයියදුරෙයි, නෝවීජියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශන්මුගරත්නම්, නෝර්වේහි ද්‍රවිඩ ශිෂ්‍ය සංගමයේ නායිකා, ටී.ආර්.ඕ. නමැති කොටින්ට සම්බන්ධ සංවිධානයේ සංගිතා ශිවඥනසුන්දරම් සහ නෝවීජියානු නිලධාරිනියක්‌ වූ ඇලිස්‌ එනල්ස්‌ය. එසේම ශ්‍රී ලංකාවේ හිටපු මාධ්‍යවේදියකු යෑයි හඳුන්වාගත් එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකු ද එකී සමුළුවට සම්බන්ධ වී ඇත.

මේ නිසා ද්විත්ව රංගනයක යෙදෙමින් නෝර්වේ න්‍යායපත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන පිරිස්‌ කෙරේ රජය දැඩි ලෙස අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මතුවී තිබේ.

මෙම සමුළුවට පසුපස සිටින්නේ නෝවීජියානු අමාත්‍ය එරික්‌ සෝල්හයිම්ය. අරමුදල් සපයන්නේ නෝවීජියානු නෝරාඩ් ආයතනයයි. උතුර නැගෙනහිර ජනතාවගේ සුබසාධනය සඳහා මඟ පෑදීම යෑයි දක්‌වමින් නෝර්වේ රාජ්‍යය යළිත් සැලසුම් කරන්නේ උතුරේ ස්‌ථානගතවීමට නොවේද?.

මේ අතර ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකා රජයෙන් උතුර නැගෙනහිර ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබියදී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධ යූ.එස්‌.එAඩ් ආයතනය, උතුර නැගෙනහිර රජයේ නිලධාරීන් පිරිසක්‌ තිමෝර් රාජ්‍යයේ ඉඩම් අයිතිය ගැන පෙන්නුම් කිරීමට ගෙන ගොස්‌ ඇත.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් යූ.එස්‌.එAඩ් ආයතනයට ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර ප්‍රදේශය තිමෝරයක්‌ කිරීමට උත්සාහ කරන්නේ යන්නය.

මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල කෙරෙන කටයුතුවල නිරතවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීම සඳහා නව නීතිරීති ගෙනඑAමට රජය ක්‍රියා කරන බව වාර්තා විය.

රජයේ මෙම තොරතුරු ඇසූ කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා බලවත්සේ කම්පාවට පත්විය. අපට නිදහසේ ක්‍රියා කිරීමට තිබූ අවස්‌ථාව අහිමි වෙනවා යෑයි ඔහු විදේශ මාධ්‍ය අමතමින් කියා සිටියේය. කොටින්ගේ ප්‍රධානතම ආයුධ ප්‍රවාහකයකු වූ ඇලෙක්‌ස්‌ හෙවත් සන්ජිව් කුනෙන්ද්‍රරාජා පසුගිය සතියේ දිනෙක ඉන්දුනීසියාවේ මෙරත් වරායේ ඔහු සිටි බෝට්‌ටුවෙන් අතුරුදන් විය.

ලැප්ටොප් පරිගණකයක්‌ ද තබාගෙන සිටින මේ ආයුධ ප්‍රවාහකයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීහු පරීක්‍ෂණ අරඹා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය



ලන්ඩන් කොටි සමුළුවට එරෙහි කොළඹ විරෝධතා



ඉන්දුනීසියාවේදී පැන ගිය

කොටි ආයුධ ප්‍රවාහක ඇලෙක්‌ස්‌

 
Powered By -


 උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.