දේශයක ප්‍රශ්න විසඳන්නේ
බෝධිසත්ත්වයන් මිස වෙන කවුද?


ජනතා ප්‍රශ්න විසඳිය හැක්‌කේ සේවයට කැපවුණු බෝධිසත්වයන්ට මිස ආත්මාර්ථය මුල්කර ගත් කේවට්‌ට පණ්‌ඩිතයන්ට නොවන බව ප්‍රඥ පාරමිතාව ප්‍රකට කරන මහා උම්මග්ග ජාතකයෙන් මනාව පැහැ ලි වේ. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසි ඇතැම් කලා කේවට්‌ටයෙක්‌, නළුවෙක්‌, නිළියක්‌ හෝ ක්‍රීඩකයෙක්‌ මෙතෙක්‌ කිසිදු ජනතා ප්‍රශ්නයක්‌ විසඳීමට සමත් වී සිටිත්ද. ඒ සඳහා එකම හෝ නිදසුනක්‌ ය හැකිද. ජනකාන්ත නළුවකු වූ විජය කුමාරතුංග මහතාට ද දේශපාලනයේදී ජනතා ප්‍රශ්න විසඳීමෙහිලා වැදගත් වන මඟ පෙන්වීමක්‌ කිරීමට පවා අවස්‌ථාවක්‌ ලැබුණේ නැත.

නළුවෙක්‌ හෝ නිළියක්‌ වීම සඳහා අවශ්‍ය සුදුසුකම වන්නේ වෙනත් කෙනෙකුගේ චරිතයක්‌ අනුකරණය කිරිමට හා චරිතයකට ආරූඪ වීමට ඇති හැකියාවයි. ක්‍රීඩකයෙක්‌ හෝ ක්‍රීඩිකාවක්‌ වන්නට අවශ්‍ය වන්නේ නිරෝගී ශරීරයක්‌, හොඳ පුහුණුකරුවකුගේ මඟ පෙන්වීමක්‌ හා කැපවීමෙන් පුහුණුවීම් කිරීමත් ය.

වසර තුන්සියයක්‌ තරම් ගු කාලයක්‌ තිස්‌සේ යටත් විජිතවාදී බටහිර බලවතුන්ගේ කුරිරු ආක්‍රමණවලට මුහුණ දී වසර එකසිය පනහක්‌ තරම් කාලයක්‌ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත්ව සිටි නව යටත්විජිතවාදී සූරාකෑමට හා වසර තිහක විනාශකාරී ත්‍රස්‌ත ප්‍රහාරවලට ගොදුරු වී ආර්ථිකව දුබලවී කෝටි ලක්‍ෂ ගණනින් ලෝකයට ණය වී ඇති රටක ජනතා ප්‍රශ්න විසඳීම ක්‍රිකට්‌ තරගයක්‌ ජය ගැනීම හෝ නළුවකු නැත්නම් නිළියක ලෙස සම්මානයක්‌ ලබා ගැනීම තරම් පහසු කටයුත්තක්‌ නොවේ. නව යටත් විජිතවාදයේ ගොදුරු බිමක්‌ බවට පත් වී ඇති ශ්‍රී ලංකාවේ ජනතා ප්‍රශ්න විසඳීම සඳහා සමාජ ආර්ථික, සංස්‌කෘතික ප්‍රශ්න පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ හා වසර දෙදහස්‌ පන්සිය ගණනක ගු ඉතිහාසය තුළ ජාතික ප්‍රශ්න විස» ආකාරය සම්බන්ධයෙන් නිවැර දැක්‌මක්‌ තිබිය යුතුය.

ඉතිහාසය පිළිබඳ නිවැරැ දැක්‌මක්‌ තිබීම යන්නෙන් අදහස්‌ කරන්නේ බටහිර දෘෂ්ටිකෝණයෙන් ඉතිහාසය දෙස බලා ඉතිහාසගත ශ්‍රේෂ්ඨ චරිතාපදානයන් හෑල්ලු කිරීම හෝ ප්‍රබල ජාතික ආගමික ඉතිහාස අත්දැකීම් විකෘති කිරීම නොවේ.

ලොවටම වැඩදායක වන සුවිශේෂ ඉතිහාස අත්දැකීම් සම්භාරයක්‌ හා දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික හරයන්ගෙන් පිරිපුන් ජාතක කථා වැනි විශ්වන්තරවාදී සාහිත්‍ය සම්ප්‍රදායක්‌ ඇති ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව නිර්මාණශීලී නිෂ්පාදන බලවේගයක්‌ බවට පත් කරන්නට වත්මන් දේශපාලන පක්‍ෂවලට නොහැකි වූයේ මක්‌නිසාද? යන්න විමසා බැලීම කාලීන ජාතික අවශ්‍යතාවක්‌ වී තිබේ. ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස ලැබී වසර හැට ගණනකට පසුවත් ලක්‌වැසි බහුතර ජනතාව නිර්මාණශීලී සමාජ, ආර්ථික, සංස්‌කෘතික බලවේගයක්‌ බවට පත් කරන්නට නොහැකි වූයේ පක්‍ෂ දේශපාලනයේ වර න් බවට සැකයක්‌ නැත.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් හැමදාමත් කටයුතු කරන්නේ පාලක පංතියේ පැවැත්ම සඳහා අවශ්‍ය වන මහාමාර්ග, වරාය, විදුලිය හා විදුලි සංදේශ අංශවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, පොදු ජනතාවට පොරොන්දු මල්ලක්‌ දීමත් ජනතා ප්‍රශ්න විසඳීමේ ඒකායන මාර්ගය ලෙස සලකාගෙනය. ඡේ. ආර්. ජයවර්ධන මහතා ධාන්‍ය රාත්තල් අටක්‌ දෙන්නට පොරොන්දු වූයේත්, චJද්‍රිකා මැතිනිය පොරොන්දු මල්ලක්‌ ප්‍රකාශ කළේත්, රනිල් වික්‍රමසිංහ මහතා තරුණයන්ට බ්‍රේස්‌ලට්‌ පළඳින්නට හැකිවන අන්දමේ සංවර්ධනයක්‌ කරන බවට පොරොන්දු වූයේත්, මැතිවරණ කාලවලදී ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදෙන අයට විවිධාකාර සංග්‍රහයන් කරන්නේත් නාගරික හා ගැමි දුප්පතුන්ට ඡන්ද කාලයේදී ටකරන් තහඩු හා කක්‌කුස්‌සි කටවල් ආ ය සමඟ විවිධ වූ තෑගි මලු බෙදන්නේත් දේශපාලන රැස්‌වීම්වලදී බයිලා සංගීත සංදර්ශන මගින් ජනතාව පිනවන්නට උත්සාහ දරන්නේත් දුර්ලභ වූ මිනිසත් බවට නිගා කරන්නාක්‌ මෙනි. ලක්‌වැසි ජනතාව වැටී ඇති අගාධයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ පටු අරමුණු සහිත දේශපාලනය බව රහසක්‌ නොවේ.

දේශපාලන නිදහස ලබා ගත වූ හැට දෙවසර තුළ සිදු කළ කිසියම් සමාජ ආර්ථික වැදගත්කමක්‌ ඇති සේවාවන් වන්නේ ඩී. එස්‌. සේනානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාවට නැගුණු ජනපද පිහිටුවීමත්, බණ්‌ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ඇති වූ භාෂා සංස්‌කෘතික ප්‍රබෝධයත්, බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් වානේ, ටයර්, ඛනිජ තෙල් පිරිපහදු හා රෙ නිෂ්පාදන අංශවල ඇති වු සංවර්ධනයත් පමණකැයි කිව හැක. ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේ පැරැණි යෝධ ඇළ වැසී යන සේ කඩිනම් මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමත් මහින්ද රාජපක්‍ෂ පාලනයේ පළමු පියවරේදී සිදු කළ මහාමාර්ග සංවර්ධනයත් ඒ සියල්ලටම වඩා කොටි ත්‍රස්‌තවාදය පරදා රට එක්‌සේසත් කිරීමත් බෙහෙවින් වැඩදායක වේ.

ශ්‍රී ලංකා නිදහස්‌ ජනතා සංධානය මගින් ඉ රිපත් කරන මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශන වලිනුත් එක්‌සත් ජාතික පෙරමුණේ ප්‍රකාශන මගිනුත් දෙපක්‍ෂයම සිය ඡන්ද අපේක්‍ෂක ලැයිස්‌තු හදන ආකාරයෙනුත් පෙනී යන්නේ සුවිසාල ඓතිහාසික උරුමයක්‌ ඇති ජාතිය සතු නිර්මාණ ශක්‌තීන් පුබුදුවන වැඩපිළිවෙළක්‌ නැති බවයි. අනුරපුර, පොළොන්නරු යුගවල විසු දසලක්‍ෂ සංඛ්‍යාත ජනතාව විසින් කරන ලද ලෝක ප්‍රකට නිර්මාණයන් දෙස බලන විට කාර්මික හා විද්‍යා තාක්‍ෂණ වශයෙන් යුණු යුගයක වෙසෙන දෙකෝටියකට කිට්‌ටු ජනතාව සතු නිර්මාණ හැකියාවන් පුබුදුවාගත හොත් ලොවටම වැඩදායක වන ලොවම විශ්මයට පත් කරවන මෙහෙවරක්‌ ඉටුකළ හැකි බවට සැකයක්‌ නැත.

හෙළ බොදු ඉතිහාස උරුමය හා ජාතක කථා සාහිත්‍යයේ එන ජනහිතකාමී ජීවහිතවාදී සොබා පරිසරවාදී විශ්වන්තරවාදී චින්තන සම්ප්‍රදාය ප්‍රයෝජනයට ගනිමින් දෙකෝටියක්‌ පමණ වූ ජනතාව සතු නිර්මාණ ශක්‌තීන් පුබුදුවාගත හොත් පුංචි ශ්‍රී ලංකාව ආසියාවේ පමණක්‌ නොව මුළු ලොවේම ආදර්ශ දේශය වනු ඒකාන්තය. සුවිශාල ඉන් යාවේ කුඩා දේශයක්‌ වූ විදේශ රාජධානිය මුළු දඹ වම යටත් කරගත් බ්‍රහ්මදත්ත අධිරාජ්‍යයාගේ ආක්‍රමණයෙන් බේරාගෙන ආක්‍රමණික බලවතා පවා අවනත කරගත් ආකාරය කියාපාන මහා උම්මග්ග ජාතකය පමණක්‌ ආදර්ශයට ගත්තද අපේ ජනතාව අව කර රි ගන්වා ලොවම විශ්මයට පත්කරවන මහා බල සම්පන්න නිර්මාණශීලී බලවේගයක්‌ බවට පත්කර ගත හැකි වනු නිසැකය. උම්මග්ග ජාතකයේ වීරයා වන බෝසත් මහෞෂධ පඬිතුමා ළමා වියේදී දහසක්‌ වූ තම ළමා මිතුරන් ලවා රන් කහවනුව බැගින් ගෙන්වා ගෙන එකම දවසකදී කහවනු දහසක අරමුදලක්‌ ඇති කිරීමට සමත් විය. එය ලෝක සාහිත්‍යයේ සඳහන් වන පළමුවැනි ළමා අරමුදලයි. ක්‍රීඩා පිටියක්‌, රැස්‌වීම් ශාලාවක්‌ හා ළමා අධිකරණ ශාලාවක්‌ තනවා ජනතා ප්‍රශ්න විසඳීම සඳහා මහෞෂධ පණ්‌ඩිතයන් යොදා ගත්තේ ඒ අරමුදලයි.

ජාතක කථා සාහිත්‍යයේ එන උම්මග්ග ජාතකයේ සඳහන් ළමා අරමුදල වැනි කුඩා අරමුදලකින් පටන් ගෙන නාගරික දුගී පරිසරයන්හි වෙසෙන කාන්තාවන් සඳහා කාන්තා බැංකුවක්‌ ආරම්භ කරමින් කුඩා ව්‍යාපාරික කාන්තා බලමුළුවක්‌ ගොඩනැගීමෙහිලා නායකත්වය දුන් නන්දසිරි ගමගේ මහතා හා ඈත පිටිසර ගම්මානවල ගොවි ගෙවිලියන්ගේ පටන් මහ නගරවල ප ක වෙළෙන්දන් දක්‌වා වූ පිරිස්‌ සංවිධාන කරමින් ස.ණ.ස. නායක කිරිවන්දෙණිය මහතා විසින් කරන ලද සමාජ ආර්ථික මෙහෙවරට සමාන වන සේවයක්‌ සිදුකළ දේශපාලනඥයෙක්‌ වත්මන් පක්‍ෂ දේශපාලනය තුළින් මතු වී නැත. දේශීය දැනීම හා දේශීය සම්පත් පදනම් කරගෙන දේශීය වෛද්‍ය හා දේශීය ඖෂධ නිෂ්පාදන ව්‍යාපාර ගොඩනගන්නට ගම්පහ සිද්ධායුර්වේද, මාලේවන රසායනාගාර, ගොඩකන්ද හර්බල් හා ලින්ක්‌ නැචුරල් ආයතන පුරෝගාමීන්ට හැකි වී තිබේ. එසේම උපාලි විඡේවර්ධන මහතාගේ චොක්‌ලට්‌ නිෂ්පාදන, මැලිබන් බිස්‌කට්‌ හා මංචි බිස්‌කට්‌ ජාත්‍යන්තර මට්‌ටමට පත් වී ඇත. පළිබෝධ නාශක වසවිස හා රසායනික පෝර නොයොදා වගා කරන පොල් වලින් සිඳින ස්‌වභාවික විටමින් ඊ සහිත පොල්තෙල්, පිරිසිදු කිතුල් හකුරු, ශ්‍රී ලංකා පලතුරු, අපේ දේශීය පැළෑටි ආහාර නිෂ්පාදන මෙන්ම ප්‍රකෝටි සංඛ්‍යාත ලෝක ජනතාවට අපේ රටෙන් හොඳම ඖෂධීය දන්තාලේප හා වැඩිම වේලාවක්‌ මුඛයේ ආසාදන මර්දනය කර දුගඳ වළක්‌වන ඖෂධීය චූවිංගම් ආදී දහසකුත් එකක්‌ ලොවට වැඩදායක නිර්මාණශීලී නිෂ්පාදන මගින් ලොව ජයගත හැක. එවන් දහසකුත් එකක්‌ නව නිර්මාණ බිහිකිරීම සඳහා කළ යුත්තේ දෙකෝටියකට කිට්‌ටු ජනතාව සතු නිර්මාණ හැකියාවන් පුබුදුවා ගැනීමයි.

ශ්‍රේෂ්ඨ ඉන් යානු ජනනායක මහත්මා ගාන්ධි චරකය කරකවා තමන්ගේ ඇඳුම තමන්ම නිපදවා ගනිමින් රෙ විවීමේ ආදර්ශයෙන් කෝටි සංඛ්‍යාත ඉන් යානු ජනතාව රෙ නිෂ්පාදන කර්මාන්තය සඳහා අව කරන්නට සමත් විය. එහෙත් ඊට දෙදහස්‌ පන්සිය වසරකට පෙර චරකය කරකවමින් කපු කැට රෙ විවීමේ යෙදුණු සිංහලේ ආ මිත්තනිය වූ කුවේණියගේ ආදර්ශය ඉ රියට ගෙන යන්නට අපට නොහැකි වූයේ අධිරාජ්‍යවාදී හා නව යටත්විජිතවාදී වහල් බැමි බිඳින්නට අසමත් වූ පටු දේශපාලන චින්තනයන් නිසාය. අපේ ආ මිත්තනිය වූ කුවේණියගේ ආදර්ශය නිර්මාණශීලී ලෙස ඉ රියට ගෙන යන්නට ඩොනමෝර් ආණ්‌ඩු යුගයේ පටන්වත් අපට හැකි වී නම් ලෝකයේ හොඳම රෙ නිෂ්පාදනය කරන රටක්‌ හා ජාත්‍යන්තර රෙ වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස ශ්‍රී ලංකාව යුණු වනු නිසැකය.

අපේ ඓතිහාසික චිත්‍ර කලා උරුමයන් බතික්‌ රෙ නිෂ්පාදන මගින් ලොවට හඳුන්වා දෙන්නට සමත් විපුල ධර්මවර්ධන වැනි ව්‍යාපාරිකයන් බිහිවූවා සේ අපේ නැටුම් කලාව ලොවපුරා ජනප්‍රිය කරවන්නට නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ, සුරඹා ගුරුන්නාන්සේ, ශ්‍රී ජයනා, පණීභාරත, චිත්‍රසේන, වජිරා හා චන්න විඡේවර්ධන ආදීන්ට හැකිවීම වාසනාවකි. ඒ වාසනාව නිර්මාණශීලී ලෙස ප්‍රයෝජනයට ගතහොත් අපේ රටේ තරු පහේ හෝටල්වලට නැටුම් කණ්‌ඩායම් සැපයීමට අමතරව ලොව පුරා මහ හෝටල්වලට සේවය සඳහා නැටුම් කණ්‌ඩායම් දහස්‌ ගණනාවක්‌ යෑවිය හැකි වනු ඇත. පුරාවිද්‍යාත්මක අගයකින් යුත් මූර්ති කලා කෘතීන් හොර රහසේ පිටරට පටවනවා වෙනුවට අපේ ඓතිහාසික කලා කෘතීන්වල අනුරූ නිපදවා ලොව පුරා පතුරුවා හරින්නට අනගාරික ධර්මපාලතුමන් දැරූ ප්‍රයත්නය නිර්මාණශීලී ආකාරයෙන් ඉ රියට ගෙන යන්නට සමත් වූවා නම් එය අසහනයෙන් පෙළෙන ලොවම සුවපත් කරමින් ශ්‍රී ලංකාවට ධාර්මික ආදායම් මාර්ගයක්‌ පාදා ගන්නා මඟක්‌ වනු නිසැකය. "විමලසුරේJද්‍ර" හා "ඒ. එන්. එස්‌. කුලසිංහ" වැනි නිර්මාණශිල්පීන් දස දහස්‌ ගණනක්‌ බිහිකිරීමට මඟ පාදන අන්දමින් අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගා සිටුවන්නට වසර හැට ගණනක්‌ නිදහස්‌ උත්සව පැවැත්වූ පාලකයන්ට හැකි වූවා නම් "සේන යද්දෙහිගේ වැනි නිර්මාණශීලී ව්‍යාපාරික වීරයන් දස දහස්‌ ගණනක්‌ මතුකර ගනිමින් ව්‍යාපාරික ලෝකයේ ජය කෙහෙලි නංවන්නට හැකිවනු ඒකාන්තය. එවන් නව නිර්මාණකරුවන් දස ලක්‍ෂ ගණනක්‌ බිහිකර ශ්‍රී ලංකාව ලෝකයේ විශ්මිත ආදර්ශය බවට පත් කිරීමේ ඒකායන මාර්ගය වන්නේ හැම මිනිසෙක්‌ තුළම පවත්නා බුද්ධි බීජ පුබුදුවා වර්ධනය කරන අයුරින් බෝධි චිත්තය පණ ගැන්වීමයි. එසේ කළහොත් ලොවින් එකෙක්‌ එක දෙයකට සමත් වනවා වෙනුවට බොහෝ දෙනා බොහෝ වූ හැකියාවන් සහිත නිර්මාණකරුවන් වනු නිසැකය.

මිනිසුන් හා මිනිසාට හිතකර සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන් බෝධි චිත්තයෙහි පිහිටා සේවයට කැප වන බෝසත් වීරයන් දසලක්‍ෂ ගණනක්‌ අපේ ජනතාව අතරින් පුබුදුවා ගත හැකි වුවහොත් ලෝක ආර්ථිකයේ කඩා වැටීම් වළක්‌වා දැවෙන ලොව නිවා සනසන මග පාදා ගත හැකි වනු ඒකාන්තය. එසේ ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් දස ලක්‍ෂ ගණන් බෝසත් නිර්මාණ ශිල්පී වීරයන් ඉ රියට එන විට ගොරෝසු කළුගල් මොළොක්‌ වී. මහ කඳු පර්වත දෙබෑ වී, නිකරුණේ මුහුදට ගලා යන ජලය වගාබිම් කරා ගෙන යන නව මහා වාරිමාර්ග බිහි වී, පැරැණි වාරිමාර්ග පද්ධතීන් පණ ගැන්වී, මුළු රටම ජලය මගින් ඈඳී, සියලු වර්ගවල බෙදුම්වාද අවසන් වී පුංචි ශ්‍රී ලංකාව ලෝක ආදර්ශයක්‌ වනු නිසැකය. ලක්‍ෂ සංඛ්‍යාත බෝසත් වීරයන් විසින් පුරනු ලබන ප්‍රඥ වීර්ය, අධිෂ්ඨාන වී, පාරමී ධර්මයන් සමඟ ආත්මහරණයෙන් සේවයට කැපවීමේ නෛශ්ක්‍රම්‍ය පාරමිතාව ද එක්‌වූ කල්හි ජයගත නොහැකි බාධකයක්‌ නැත. එසේ ආත්ම හරණයෙන් ඉ රියට එන දසලක්‍ෂ සංඛ්‍යාත බෝසත් ජනතා වීරයන්ගේ මහා ශ්‍රමදානයන් මගින් වසර කීපයකදී ශ්‍රී ලංකාව ලෝකයේ විශ්මිත ආදර්ශ දේශය වනු ඒකාන්තය. ඒ සඳහා සේවයට කැප වුණු බෝසත් දේශපාලන නායක බලවේගයක්‌ අවශ්‍යය. කෝටි සංඛ්‍යාත ජනතාව තුළ වන බුද්ධි බීජ පණ ගන්වා බෝසත් පාරමී ශක්‌තීන් පුබුදුවා ගන්නට බියවන්නේ ජනතාව සැමදාමත් තමන් පසුපස එන වහල් සමූහයක්‌ ලෙස තබා ගන්නට කැසකවන දේශපාලනඥයින් පමණි. එවන් පටු අරමුණු ඇති දේශපාලනඥයන් සේවයට කැපවුණු බෝසත් ජනතා සේවකයන්ට පිටුපා ප්‍රශස්‌ති ගයන වන් න් ලෙස කටයුතු කරන විකට රූප දේශපාලනයට එක්‌ කර ගැනීම පුදුමයට හේතුවක්‌ නොවේ.

අනගාරික ධර්මසේකරතුමා

 
Powered By -