ඉන්ටනැෂනල් රිපෝටර

මේක ඉතාම විනෝදබර ඡන්දයක්‌ බුෂ්තුමනි.

විනෝදයේ උපරිමය වූ ආනන්ද ජනක ඡන්දයක්‌ පුටින් තුමනි"

ගම්පහ ගාමිණී විඡේසිංහ වගේ පුංචි මනුස්‌සයෙකුට වුණත් පාර්ලිමේන්තුවට යැමේ දොර විවෘත වූ මැතිවරණයක්‌ බුෂ්තුමනි"

කවුද ගාමිණී විඡේසිංහ කියන්නේ

අවංකකම හැර වෙනත් කියන්න වත්කමක්‌ නැති ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සාමාන්‍ය ලිපිකරු තරුණයෙක්‌ පමණයි බුෂ්තුමනි"

එහෙම අයට ඡන්ද කරන්නත් පුළුවන්ද පුටින්තුමනි

ඒක මට කියන්න බෑ ඒත් ඒ වගේ ගොඩක්‌ අයට ඡන්දේ කරන්න මේ සැරේ මහින්ද මහත්තයා ඉඩ දීලා තියෙනවා බුෂ්තුමනි.

මහින්ද චින්තනය සමාජවාදයටත් වඩා සමානාත්මතාවාදී චින්තනයක්‌ ද පුටින්තුමනි

ඒ වගේ තමයි බුෂ්තුමනි, සෝවියට්‌ දේශයේ වුණත් පොඩි මිනිස්‌සුන්ට මේ වගේ තැනක්‌ ලැබුණේ නෑනෙ බුෂ්තුමනි"

මේ ආනන්ද ජනක කතාවට බාධා පැමිණියේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා වෙතිනි. ජෙනරාල් මහත්තයා මුලින්ම මහින්ද මහත්තයාව තරහ කරගත්තා. ඊළඟට රනිල් මහත්තයා තරහ කරගත්තා. දැන් තරහ කරගන්න තියෙන්නේ ඡේවීපී එක විතරයි. එතකොට ගමන සම්පූර්ණයි"

එතුමා එසේ කීවිට ස්‌පාඤaඤයේ රොඩ්රිගෝ මහතා මෙසේ කීවේය.

ඔව් ජෙනරල් මහත්තයා කියන්නේ පටන් ගත්ත ගමනක්‌ සම්පූර්ණ කරන මිනිහෙක්‌" එතුමා එසේ කී විට බොලීවියාවේ මොරාලේස්‌ මෙසේ කීවේය.

සරත් මහත්තයා මුලින්ම සන්ධානයටයි ආණ්‌ඩුවටයි පණ දුන්නා. ඊට පස්‌සේ යූඇන්පීයට පණ දුන්නා. දැන් ඡේවීපී එකට පණ දෙමින් සිටිනවා. එතුමා එසේ කී විට ස්‌පාඤaඤයේ රොඩ්රිගෝ මහතා මෙසේ කීවේය.

සරත් කියන්නේ පණ ඇති මිනිහෙක්‌

මේ රටේ පහළ වූ වඩාත්ම නැණවත්ම ඉවසිලිවන්ත හා හිත හොඳ පාලකයා මහින්ද මහත්තයා. තමන්ට වඩා රට ගැන හැඟීමක්‌ ඇති නායකයා රනිල් මහත්තයා. ඉස්‌සරහට තැබූ අඩියක්‌ ආපස්‌සට තියෙන්නේ නැති මහත්තයා සරත් මහත්තයා. කුම්භකර්ණයන් වුණත් අවදි කරන්න පුළුවන් හඬක්‌ හා රට ගැන කැක්‌කුමක්‌ තියෙන මහත්තයා විමල් මහත්තයා. 77 න් පසුව පහළ වූ ආදර්ශමත්ම ඇමැතිවරයා චම්පික මහත්තයා. ඉතින් ලංකාව පුංචි රටක්‌ වුණත් පුංචි මිනිස්‌සු ඉන්න රටක්‌ නෙමෙයි."

ඒක තමා තාප්පයත් ඉඩ මදි වෙලා තියෙන්නේ එතකොට බුෂ් හීන් කැපිල්ලක්‌ දැම්මේය.

හැම දෙයක්‌ම ඉතාම හොඳ විදිහට කොයි රටක වුණත් වෙන්නේ නෑ නේ බුෂ් එවිට පුටින් පැහැදිලි කිරීමක්‌ කළේය.

කොහොම වුණත් මට පෙනෙන්නේ ලංකාවේ හැම දෙයක්‌ම ඉතාම හොඳ විදිහට සිදුවෙනවා කියන එකයි පුටින්තුමනි.

එය එසේ විය යුතුයි බුෂ් තුමනි, කවුරු මොනවා කීවත් ලංකාව තාමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ නොවෙයි. ලංකාවේ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී සිතිවිලිවලට වඩා පින් සිතිවිලි ප්‍රබල වැඩියි බුෂ්තුමනි, ඒකයි තාමත් කිසිම රටකට ලංකාවට අත තියන්න බැරි වුණේ

ලංකාවේ හැම දෙයක්‌ම ඉතාම හොඳින් සිදුවෙනවා කීවට කොළඹ මාතර අධිවේගී මාර්ගය ගැන එහෙම කියන්න බෑනේ.

කොයි රටක වුණත් ඔය වගේ ලොකු ව්‍යාපෘතිවල හැටි එහෙමයි. බුෂ්තුමනි. ඕක අනික්‌ එක ලංකාවේ අදහසකට වඩා ලෝක බැංකුවෙන් ලංකාවට පටවපු එකක්‌aaනේ. හැබැයි ඉතින් එංගලන්තයේ නෝර්වේ රටේ බෙදුම්වාදී දේශපාලන උපදෙස්‌ වගේම ලෝක බැංකුවේ ආර්ථික උපදෙස්‌ ප්‍රතික්‌ෂේප කිරීමේ ආර්ථික හා දේශපාලන හයියත් ලංකාව ලබාගන්න ඕනෑ බුෂ්

මේ ඡන්දයෙන් පස්‌සේ එක එහෙම වෙයි ද පුටින් ?

විමල්ලා චම්පිකලා ශක්‌තිමත් වෙනවා කියන්නේ ලෝක බැංකුවට මේ රටේ ඕනෑ විදිහට නටන්නට ඉඩ නොලැබෙනවා කියන එකයි බුෂ්.

මේ අතර සුපුරුදු පරිදි පෘතුගාලයේ ජනාධිපති සිල්වා මහතා හීනෙන් දොඩවන්නට වූවේය. උඹට කවදාවත් කපටියෙක්‌ වෙන්න බෑ. උඹේ කපටිකමට වඩා උඹේ හොඳ හිත ලොකු වැඩියි එතුමා මෙසේ දෙඩවූයේ ජාත්‍යන්තර ප්‍රජා සමිතියේ කිසිවෙකු ගැන නොවේ. ලංකාවේ සිටින ප්‍රියන්ත නමැති තමාගේ මිතුරෙකු සිහිනයෙන් දකිමිනි. මේ කතාව ඒ ප්‍රියන්තට පමණක්‌ නොව ලංකාවේ බොහෝ ප්‍රියන්තලා සම්බන්ධයෙන් සාධාරණය. ප්‍රියන්තලා පමණක්‌ නොව ප්‍රියන්තලා නොවන අය සම්බන්ධයෙන් ද සාධාරණය. අපේ රටේ පොදු වශයෙන් සිටින්නේ කපටිකමට වඩා හොඳ හිත වැඩි මිනිස්‌සු බව කොයි කවුරුත් සිතා ගැනීම යහපත්ය. ලංකාව ලෝකයේ ලස්‌සනම රට වී ඇත්තේ ගංගා, කඳුවැටි, වැව් අමුණු නිසා පමණක්‌ නොව මේ රටේ මිනිසුන් ද නිසාය. අනුරපුරයේ ගල් කණුවක ඇති අනන්‍යතාව, කලා වැවේ දිය දෝතක අනන්‍යතාව අපේ රටේ මිනිසුන් සතුව ද තිබේ.

 
Powered By -