පරාජය කළ යුත්තේ ග්ලෝබල් ටැමිල් පෝරමය නොව
දෙමළ නිජබිම් මිත්‍යාවයි

"ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානයේ නායකයන් සහ සාමාජිකයන් එංගලන්තයේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ රැස්‌වීමක්‌ පැවැත්වීමත්, එයට එරට විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගි වීමත්, එමෙන්ම එම සංවිධානයේ නායකයන් සහ සාමාජිකයන් එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා වන ගෝඩ්න් බ්‍රවුන් හමුවීමත් තවදුරටත් නැවුම් ප්‍රවෘත්තියක්‌ නොවූවත් එA පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇත. මෙහිදී අපගේ අවධානයට යොමුවිය යුතු පළමු කාරණය වන්නේ "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානය අවධාරණය කරන සහ ඔවුන් එංගලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීම කුමක්‌ විය හැකිද යන්නයි. මෙම කාරණය නිරවුල් කරගෙන එම කාරණය පරාජයට පත් කිරීමට කටයුතු නොකරන තුරු දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට කටයුතු කිරීම එතරම් ප්‍රතිඵල දායක වන්නේ නැත. වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ කොටි සංවිධානය විනාශ කළහොත් දෙමළ බෙදුම්වාදය පරාජයට පත්වන බව සමහර පුද්ගලයන් සිතා සිටිය ද එය එA ආකාරයෙන්ම ඉෂ්ඨ නොවූයේ කොටි සංවිධානය බිහිවීමට බලපෑ ප්‍රධාන කාරණය විනාශ නොකර කොටි සංවිධානය පමණක්‌ විනාශ කිරීමට කටයුතු කළ බැවිනි.

සැබවින්ම "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානය විසින් අවධාරණය කරන සහ ඔවුන් එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීම කුමක්‌ විය හැකිද? "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" යනු ලෝකයේ විවිධ රටවල් පුරා විසිරී සිටින මෙරට බෙදා වෙන් කිරීමට කටයුතු කරන සංවිධානවල එකමුතුවකින් කැඳවන ලද සමුළුවකි. මෙම සමුළුවට සහභාගි වූ සියලු දෙමළ බෙදුම්වාදී පාර්ශ්වයන්ගේ එකම අවධාරණය වන්නේ ඔවුන් විසින්ම අවධාරණය කරන ඊනියා ඓතිහාසික දෙමළ නිජ භූමියකට නිදහස ලබාගැනීමයි. මෙම සමුළුවට සහභාගි වූ සියලුම දෙමළ බෙදුම්වාදී සංවිධාන අවධාරණය කර සිටින්නේ ඈත අතීතයේදී මෙරට දෙමළ රජවරුන් විසින් පාලනය කොට ඇති බවත්, ඉන් අනතුරුව දෙමළ සහ සිංහල රජවරුන් මෙරට වරින්වර පාලනය කළ බවත් පසු කාලීනව දෙමළ රජවරුන්ගේ පාලනය උතුර සහ නැගෙනහිර පළාත්වලට සීමා වූ බවත්ය. ඉන් අනතුරුව ඊනියා ඓතිහාසික දෙමළ නිජභූමිය පිළිබඳව සඳහන් කරන මෙම බෙදුම්වාදීන් අවධාරණය කරන්නේ අනාදිමත් කාලයක සිට දෙමළ රජවරුන් විසින් පාලනය කළ තම ඓතිහාසික දෙමළ ඊළම පළමුව පෘතුගීසීන්ටත් දෙවනුව ලන්දේසීන්ටත් තුන්වනුව ඉංගී්‍රසීන්ටත් යටත්වූ බවයි. ඉන් අනතුරුව පසුගිය 23 දා එංගලන්ත පාර්ලිමේන්තු සංකීර්ණයට රැස්‌වූ දෙමළ බෙදුම්වාදීන් අවධාරණය කරන කරුණ වී තිබෙන්නේ 1948 දී ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන් මෙම දූපත හැර යැමේදී තම ඓතිහාසික දෙමළ නිජභූමිය, සිංහල අධිරාජ්‍යයට යටත් කොට ගිය බවයි.

පසුගිය 23 දා එංගලන්තයේ පාර්ලිමේන්තුවට රැස්‌වූ දෙමළ බෙදුම්වාදීන් අවධාරණය කරන කරුණ වී තිබෙන්නේ 1948 දී සිංහල අධිරාජ්‍යයට යටත්වූ තම ඓතිහාසික දෙමළ නිජභූමිය ලබාගත යුතුය, ලබාදිය යුතුය යන්නයි.

මෙම කරුණු අවධාරණය කරන දෙමළ සංවිධානවල නායකයන් සහ සාමාජිකයන්ට එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු විට කුමන කරුණක්‌ අවධාරණය කරන්න ඇත්ද යන්න උපකල්පනය කළ හැක. මෙම දෙමළ බෙදුම්වාදී නායකයන් ස්‌ථිර වශයෙන් එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාට මෙලෙස ප්‍රකාශ කරන්නට ඇත.

"අනාදිමත් කාලයක සිට අපගේ වීරවික්‍රමාන්විත දෙමළ රජවරුන් විසින් පාලනය කළ අපගේ ඓතිහාසික නිජභූමිය 16 වැනි සියවසේදී පළමුව පෘතුගීසීන් විසින් යටත් කර ගත්තා. ඉන් අනතුරුව අපගේ නිජභූමිය ලන්දේසීන් විසින් යටත් කර ගත්තා. ලන්දේසීන් පලවාහැරිය ඔබගේ රට වූ එංගලන්තය විසින් ඉන් අනතුරුව අපගේ මාතෘ භූමිය යටත් කරගත්තා. 1948 දී ඔබලා එම දූපත අත්හැර දමා පැමිණි අවස්‌ථාවේදී අපගේ නිජභූමිය සිංහල අධිරාජ්‍යවාදීන් අතට පත් කළා. එම තීරණය නිසා අප අද විශාල අසාධාරණයකට ලක්‌වී තිබෙනවා. එම අසාධාරණය දුරුකොට අපගේ නිජභූමියට නිදහස ලබාගැනීම සඳහා අපට උදව් කිරීම ඔබගේ වගකීමක්‌ වනවා."

මෙරට ඉතිහාසය නිවැරදිව නොදන්නා, එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාට ඉහත සඳහන් ආකාරයේ චෝදනාවක්‌ යොමු කළ විට, ඔහු එA සම්බන්ධයෙන් අපහසුතාවකට ලක්‌වීම නොවැළැක්‌විය හැකියි. මෙම තත්ත්වය තුළ එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා මෙරට ආණ්‌ඩුවට දේශපාලන විසඳුම් ඉදිරිපත් කරන ලෙස යෝජනා කිරීම නොවැළැක්‌විය හැක.

එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා කුමන කොන්දේසියක්‌ යටතේ වුවත්, මෙරට බෙදා වෙන් කිරීමට කටයුතු කළ හැකි පුද්ගලයකු වුවත් ඔහු හමුවේ දෙමළ බෙදුම්වාදීන් ප්‍රකාශ කරන මෙරට ඉතිහාසය පිළිබඳ කතාන්දරය පිළිබඳව සැබෑ චිත්‍රය ඔහු හමුවේ තැබීම මෙරට රජයේත්, සිංහල ජාතියේත් වගකීම වුවත්, එම කාරණය නිසි පරිදි සිදුනොවී ඇති බව එංගලන්ත රජය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජතාන්ත්‍රිකයන් කරන ප්‍රකාශවලින් පැහැදිලි වේ.

පසුගිය 23 වැනිදා එංගලන්ත පාර්ලිමේන්තුවේදී පැවැති එම සමුළුවට, මෙරට රජයේ විරෝධය එරට සිටිනා මහකොමසාරිස්‌වරයා විසින් ප්‍රකාශ කළත්, පවත්නා තත්ත්වය තුළ එම ක්‍රියාමාර්ගය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක.

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ සිට මෙරට පාලනය කළ සෑම ආණ්‌ඩුවක්‌ම උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමිය ලෙස පිළිගෙන කටයුතු කර ඇත.

එම පසුබිම තුළ සාම සාකච්ඡා නමින් සිදුවූ ක්‍රියාදාමය තුළ සෑමදාම සාකච්ඡා වූයේ ඉන්දු-ලංකා ගිවිසුමෙන් ද පිළිගන්නා ලද දෙමළ ජනතාවගේ පාරම්පරික වාස භූමියට කුමන ප්‍රමාණයකින් බලය ලබාදිය යුතු ද යන කාරණය පමණි. එම සාකච්ඡාවන් තුළ උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ පාරම්පරික වාස භූමිය ලෙස පිළිගැනීම ලැබී තිබිණි. මෙරට එAකීයභාවය අහෝසි කර, මෙරට එක්‌සත් හෙවත් එක්‌සේසත් රාජ්‍යයක්‌ කිරීමට කතිකා කරන ලද්දෙත් එම පසුබිම තුළය.

එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව මෙරට එAකීයභාවය සුරැකීමට ප්‍රතිඥ දී ඇති අතර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් ද පැහැදිලි වන්නේ එතුමා තුළ මෙරට එAකීයභාවය ආරක්‍ෂා කිරීම සඳහා අවංක වුවමනාවක්‌ පවතින බවයි.

වත්මන් රාජ්‍ය නායකත්වය මෙරට එAකීයභාවය සුරැකීම සඳහා අවංක ෙච්තනාවෙන් පසුවන බව පෙනී ගියත්, එA සඳහා අත්‍යවශ්‍යම පියවර තවම ගෙන නොමැත. එම පියවර නම් මෙරට එAකීය රාජ්‍යයක්‌ ලෙස තවදුරටත් පවත්වාගෙන යැමට ඇති ඓතිහාසික උරුමය කුමක්‌ද යන කාරණය, ඊට එරෙහිව සිටිනා බලවේග වෙත අවබෝධ කරදීමට කටයුතු කිරීමයි. බොහෝ දෙනකුගේ පිළිගැනීම වී ඇත්තේ මෑත කාලයේ මෙරට සිටිය සාර්ථකම විදේශ අමාත්‍යවරයා ලක්‍ෂ්මන් කදීර්ගාමර් මහතා වන බවයි. ලක්‍ෂ්මන් කදීර්ගාමර් මහතා ඓතිහාසික දෙමළ ඊළම සඳහා වෙනම රාජ්‍යයන් ලබාදීම වෙනුවට පෙඩරල් රාජ්‍යයක්‌ තුළ ලබාදෙන බලතලවලින් සෑහීමකට පත්වීමට සූදානම් යන මතය ජාත්‍යන්තර ප්‍රජාව තුළ තහවුරු කිරීමට සමත් වුවත්, එA මහතා මෙරට තුළ ඓතිහාසික දෙමළ නිජභූමියක්‌ පැවතියහොත් යන මතවාදය පරාජය කිsරීම වෙනුවෙන් පෙනී සිටියේ නැත. එබැවින් තවදුරටත් මෙරට පැවැති බවට දෙමළ බෙදුම්වාදීන් ප්‍රකාශ කරන ඊනියා දෙමළ නිජභූමිය පිළිබඳ ජාත්‍යන්තරයේ අවම වශයෙන් පවතින්නේ ලක්‍ෂ්මන් කදීර්ගාමර් මහතා විසින් තහවුරු කරන ලද ස්‌ථාවරය තුළය. නමුත් ප්‍රශ්නය වන්නේ එම ස්‌ථාවරය වත්මන් ආණ්‌ඩුවේ ස්‌ථාවරය හා පරස්‌පරයක තිබීමයි. එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුවට මෙරට එAකීයභාවය ආරක්‍ෂා කිරීම සඳහා පවත්නා අවශ්‍යතාව යථාර්ථයක්‌ කිරීමට අවශ්‍ය නම් එA සඳහා තම ස්‌ථාවරයට ගැලපෙන ලෙස ජාත්‍යන්තර මතය සැකසීමට කටයුතු කළ යුතුය. එA සඳහා අවශ්‍ය පියවර මෙන්ම සුදුසු පුද්ගලයකු විදේශ ඇමැතිවරයා ලෙස පත් කළ යුතුය. එසේ නොමැතිව දෙමළ බෙදුම්වාදීන් විදේශයන්හි සිදු කරන කටයුතු සඳහා සිය විරෝධය දැක්‌වීම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ නැත.

මෙහිදී එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාට මෙරට සැබෑ ඉතිහාසය ඉගැන්වූ පමණින් මෙම ප්‍රශ්නය විසඳෙනවා ද යන මෝඩ ප්‍රශ්නය කෙනකුට නැගිය හැක. මෙරට සැබෑ ඉතිහාසය සහ මෙරට එAකීයභාවය තවදුරටත් රැකගැනීම සඳහා පදනම් වන කරුණු කාරණාවලින් එංගලන්තය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල නායකයන් දැනුවත් කළ පමණින් මෙම ප්‍රශ්නය නොවිසඳෙන බව පැහැදිලිය. නමුත් අපගේ රට බෙදා වෙන් කිරීම සඳහා අධිරාජ්‍යවාදී රටවල නායකයන් පදනම් විරහිත කරුණු පදනම් කර ගනිමින් කටයුතු කරන බවට ජාත්‍යන්තර මට්‌ටමින් අපට මතයක්‌ ගොඩනැඟිය හැකිවේ. මෙරට බෙදා වෙන් කිරීමට කටයුතු කරනා නායකයන්ගේ ක්‍රියාකලාපය පාලනය කළ හැකි බව පැහැදිලිය. කියුබානු ජනාධිපති පිදෙල් ක්‍රැස්‌තෝට තම ආණ්‌ඩුව ආරක්‍ෂා කර ගැනීමටත්, ඉරාකයේ හිටපු පාලකයා වූ සදාම් හුසේන්ට තම ආණ්‌ඩුව ආරක්‍ෂා කරගැනීමට නොහැකි වූයේත් එම සාධකය නිසි පරිදි කළමනාකරණය කිරීම සහ නොකිරීම නිසා බව පැහැදිලිය. එංගලන්තය, ඇමරිකාව සමග එක්‌වී ඉරාකය ආක්‍රමණය කළේ එරට සමූල ඝාතක අවි ඇති බවට චෝදනා කරමිනි. නමුත් අද ඔවුන්ට එම චෝදනාව ඔප්පු කිරීමට නොහැකිවී ඇති පසුබිම තුළ එංගලන්ත හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලේයාර් මහතාට විශාල අපහසුතාවන්ට මුහුණදීමට සිදුවී ඇත. එබැවින් අපත් එම ඉඩකඩ යොදා ගනිමින් දෙමළ බෙදුම්වාදයේ සැබෑව ලෝකයට හෙළිදරව් කිරීමට කටයුතු කළ යුතුය.

මෙම කාරණයේදී අප සිටින්නේ ඉතා පසු පසින් බව සඳහන් නොකරම බැරිය. අපට බලපෑම් කරන රටවල පාලකයන්ට සහ එම රටවල ජනතාවට මෙරට සැබෑ ඉතිහාසය පිළිබඳ අවබෝධයක්‌ ලබාදීමට පමණක්‌ නොව මෙරට ජීවත්වන දෙමළ ජනතාවට පවා මෙරට සැබෑ ඉතිහාසය අවබෝධ කර දීමට අප සමත්වී නැත. මෙරට සැබෑ ඉතිහාසය පිළිබඳ සඳහන් පොත් සිංහල බසින් විශාල ප්‍රමාණයක්‌ සහ ඉංගී්‍රසි බසින් ද සැලකිය යුතු සංඛ්‍යාවක්‌ රචනා වී ඇතත් මෙරට පොදු දෙමළ ජනතාවට පරිශීලනය කිරීම සඳහා මෙරට සැබෑ ඉතිහාසය සඳහන් දෙමළ කෘතියක්‌ පළ කිරීමට අප සියලු දෙනාම අසමත් වී ඇත.

එබඳු පසුබිමක්‌ තුළ එංගලන්ත අග්‍රාමාත්‍යවරයාට මෙරට ඉතිහාසය සහ මෙරට පවත්නා ප්‍රශ්නය පිළිබඳ දෙමළ බෙදුම්වාදීන්ට විවිධ අර්ථකථන සැපයීමට හැකිවීම පුදුම විය යුතු කරුණක්‌ නොවේ. එබැවින් පළමුව ඓතිහාසික දෙමළ ඊළාම් රාජ්‍යයන් පැවැති බව පදනම් කොට ගනිමින් ඇතිවී තිබෙන නිජබිම් ප්‍රශ්නය විසඳීම සඳහා ඊට අදාළ සියලු බලවේග දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට ආණ්‌ඩුව සහ සිංහල ජනතාව සමත්විය යුතුය.

එතෙක්‌ "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" එකට මෙරට බෙදා වෙන් කිරීම සඳහා සමුළු පැවැත්වීමට හැකි වනවා ඇත. ඊට සවන් දෙන අධිරාජ්‍යවාදී රටවල පාලකයන් අපේ පාලකයන්ට ඓතිහාසික දෙමළ ඊළමට බලය ලබාදෙන ලෙස යෝජනා කරනවා ඇත.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 
Powered By -