දවසේ මුල්ම හිරු රැස්‌ දහරේ පහස ලබන
ඈත පෙරදිග පාරාදීසය


ශීතල නවසීලන්තය ගැන කතා කරන විට නිතැතින්ම අප මතකයට නැඟෙන්නේ කිරිපිටි ය. කිරි පිටි ඔස්‌සේ අපේ සිත තව තවත් ඈතට ඇදී යන විට ඒ දෙපස අතිශයින් මනරම් දසුන් බොහෝය. සිය දහස්‌ ගණනක්‌ පෘෂ්ඨිමත් කිරි එළදෙනුන් සරුවට වැඩුණු තණබුදින තෙරක්‌ නොපෙනෙන සරුසාර තණ පිටි ය. එවන් තණ පිටි කෙළවර මුදුන් සුදුපාට හිමෙන් හා අයිස්‌වලින් වැසී ගිය මනබඳනා කඳුවැටි පවුරුය. ඈතට ඈතට විහිද ගිය සරුසාර එළවළු හා පළතුරු වැවුණු ගෙවතු ය. ගොවි බිම් ය. අතිශයින් සුන්දර වෙරළ තීරයන් ය. සදාහරිත වන උයන් ය....

නවසීලන්තය ගැන කියන විටම සිතට නැගෙන තවත් දෑ කොතෙක්‌ද ඒ සියල්ලටම වඩා නවසීලන්තය ගැන කතා කරන විට මා සිතට නැඟෙන්නේ මහා බලවතුන් යෑයි කියා ගන්නා ඇතැම් රටවල් මෙන් ලොව කිසිවකුටත් කරදරයක්‌ නැති, හිරිහැරයක්‌ නැති, අතිශයින් සාමකාමී තෘප්තිමත් ජනතාවක්‌ ජීවත් වන පොහොසත් රටක්‌ ලෙසය.......

නවසීලන්තය නම් ඈත පෙරදිග කෙළවරේ පිහිටි මේ පුංචි ශීතල පාරාදීසය මුහුදින් වට වූ දූපත් දෙකකින් සමන්විතය. උතුරු දිවයින හා දකුණු දිවයින නමින් මේ දූපත් දෙක හඳුන්වනු ලබයි.........

ලෝකයේ අනෙකුත් දූපත් සමග සසඳන විට (ලංකාව වැනි) නවසීලන්තය ද තරමක්‌ සුවිසල් දූපතක්‌ ලෙස හැඳින්විය හැකිය. එහෙත් මේ උතුරු දකුණු දිවයින් දෙකකින්ම සමන්විත මුළු නවසීලන්තය පුරාම ජීවත් වන්නේ මිලියන 4 ක පමණ ජනගහනයක්‌ වීමම වාසනාවකි. ඒ රටේ සුන්දරත්වය මෙන්ම සරුසාර බව හා සාර්ථකත්වය ආරක්‍ෂා වීමට එයම එක්‌ හේතුවක්‌ වී ඇතැයි මට සිතෙයි........

මිලියන හතරක්‌ වන මුළු නවසීලන්ත ජනගහනයෙන් 60% කටත් වඩා අධික ජන කොටසක්‌ ජීවත් වන්නේ සෞම්‍ය දේශගුණයක්‌ ඇති උතුරු දිවයිනේ ය. උතුරු දිවයිනේ ඇත්තේ අප රටේ නුවරඑළියට සමාන වූ දේශගුණයක්‌ වීම ඊට හේතුවයි. ශ්‍රී ලාංකිකයන් ද විශාල ප්‍රමාණයක්‌ ජීවත් වන මේ උතුරු දිවයිනේ ලංකාවේ වැවෙන කෙසෙල් වැනි පළතුරු විශේෂ ගණනාවක්‌ ද මල් වර්ග බොහෝමයක්‌ ද හොඳින් වැවෙන පසක්‌ හා දේශගුණයක්‌ සහිතය.

නවසීලන්තයේ අග නගරය උතුරු දිවයිනේ දකුණු කෙළවරට වන්නට පිහිටි වෙලින්ටන් නුවර බව නොදන්නා කෙනකු නැති තරම්ය. එහෙත් ඒ රටේ වාණිජ නගරය මෙන්ම සුප්‍රකට නගරය වන්නේ ඕක්‌ලන්ඩ් නුවරයි.

ශ්‍රී ලාංකිකයෝ බහුල වශයෙන් ජීවත් වන්නේ ඕක්‌ලන්ඩ්වලය. ශ්‍රී ලංකාවේ නුවරඑළියට සමාන දේශගුණයක්‌ ඇත්තේත් ලංකාවේ වැවෙන මල්වර්ග හා පළතුරු වර්ග ඇත්තේත් ඕක්‌ලන්ඩ් නගරය කේන්ද්‍ර කරගත් අවට ප්‍රදේශවල වීම විශේෂත්වයකි. එහි ශ්‍රී ලාංකිකයන්ගේ වැඳුම් පිදුම් පහසු කරවනු පිණිස බෞද්ධ විහාරාරාම දෙකක්‌ පිහිටා තිබීමද තවත් විශේෂත්වයකි.

උතුරු දිවයිනේ ඕක්‌ලන්ඩ් පුරවර සීමාවෙහි හිම පතනයක්‌ නැත. හිම කඳු නැත. යමෙකුට ඒවා දැක බලා ගැනීමට අවැසි නම් යා යුත්තේ දකුණු දිවයිනටය. නැත්නම් හිම වැටෙන සමයේදී උතුරු දිවයිනේ දකුණු කෙළවරටය.

නවසීලන්තය දියුණු රටක්‌ වන්නට එසේත් නැත්නම් යුරෝපීය ජාතීන් ඒ රටට සංක්‍රමණය වන්නට පෙර එහි ජීවත් වූයේ මවුරි ජාතිකයන් නමින් හඳුන්වන ස්‌වදේශිකයන් පිරිසකි. ලෝකයේම ආදි වාසී ජන කොටසක්‌ ලෙස හඳුන්වන මවුරි ජාතිකයන් නවසීලන්තයේ මුළු ජනගහනයෙන් අද 20% කටත් වඩා අඩුය. අද වන විට නවසීලන්තයේ ජීවත් වන්නේ 75% ක්‌ පමණ යුරෝපීය ජාතීහුය. 20% ක්‌ ස්‌වදේශිකයෝ වන මවුරි ජාතිකයෝය. ඉතිරි පිරිස අතර චීන, ඉන්දියානු පකිස්‌තාන හා ශ්‍රී ලාංකිකයෝ සුළු පිරිසක්‌ ද වෙති.

මවුරි ජාතිකයෝ අදටත් ආදිවාසීන් ලෙස සිය අනන්‍යතාව රැකගනිමින් රටේ මැද කොටසේත් දකුණු දිවයිනේත් ජීවත් වෙති. නවසීලන්ත රජය ඔවුනට නූතන සමාජය හා මුසු වන්නට පහසුකම් සලසා ඇතත් ඔවුන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ සාම්ප්‍රදායික ගති සිරිත් හා ඇවතුම් පැවතුම් ආරක්‍ෂා කරගෙන ප්‍රධාන ප්‍රවාහයෙන් ඈත්ව නිදහසේ ජීවත් වීමටය. රජය ඒ සඳහා මේ ස්‌ව ජාතිකයන්ට මාසික දීමනා වැනි මූල්‍ය පහසුකම් ද සලසා දී තිබේ.

නවසීලන්තය තුළ ස්‌වාභාවිකව වැඩුණු වනාන්තර තෘණ භූමි හා තැනිතලා බහුල බැවින් රට වඩාත් හිතකර වන්නේ වගාබිම්වලට හා සත්ව පාලනයටය. එහෙයින් බැටළු කර්මාන්තය මෙන්ම ගව පට්‌ටි පාලනය එරට ප්‍රධානතම ජීවනෝපායන්ය. ගව පට්‌ටි පාලනය අධික නිසා අද වන විට නවසීලන්තයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වී ඇත්තේද කිරිපිටි, කිරි, චීස්‌ වර්ග බටර් වර්ග වැනි කිරි ආහාර නිෂ්පාදනයයි. එරට ජාතික ආදායමෙන් වැඩිම කොටසක්‌ ලැබෙන්නේ මේ කිරි ආහාරවලින් හා මල් පළතුරු වගාවෙන් වීම ම කෙතරම් වාසනාවක්‌ද.........

අනික්‌ අතට මේ සුන්දර පාරාදීසය දැක බලා ගන්නටත් එහි සුවබර දේශගුණයේ පහස ලබන්නටත් එන සංචාරකයෝද නවසීලන්තයේ ජාතික ආදායමේ සැලකිය යුතු ප්‍රමාණයක කොටස්‌කරුවෝ වෙති. ඇමරිකානු කැනේඩියානු හා යුරෝපියානු කෝටිපති සංචාරකයන්ට නවසීලන්තය සොඳුරුතම පාරාදීසයකි. ..... ඊට හේතුව හිම ක්‍රීඩා, ජල ක්‍රීඩා, වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙන්ම වනාන්තර ආශ්‍රිතව කෙරෙන දඬ කෙළි ආදී ක්‍රියාකාරකම්වලටද නවසීලන්ත සංචාරක ව්‍යාපාරයේ ඉහළ තැනක්‌ ලැබී තිබීමය.

නවසීලන්තයට ලෝකයෙන් ආදායම් ගලා එන නූතන හා පැරැණි මූල්‍ය උත්පාදක පාදක ක්‍රමෝපායන් බොහෝය. අද ඒ අතර නවසීලන්ත ආර්ථිකයේ ප්‍රමුඛස්‌ථානයට පැමිණ ඇත්තේ අධ්‍යාපනයයි. තවත් විස්‌තර කළහොත් අධ්‍යාපනය විකිණීමය.

අතීතයේදී මුදල් හදල් ඇති බොහෝ පොහොසතුන්ගේ දරුවෝ මුදලට අධ්‍යාපනය ලැබීම සඳහා ඇදී ගියේ එංගලන්තයටය. එංගලන්තයේත් ලන්ඩනයටය. එසේ වැඩි පුරම ඇදී ගියේ උසස්‌ අධ්‍යාපනය පිණිසය. අතීතයේ අප රට කරවූ මැති ඇමැතිතුමන් ලා බොහෝමයක්‌ම වගේ එංගලන්තයේ ලන්ඩනයේ ඔක්‌ස්‌ෆර්ඩ් යුනිවර්සිටියෙන් අධ්‍යාපනය ලැබූ උගතුන් බව නොදන්නා කෙනකු මේ රටේ නැති තරම්ය...

ඒ ඉස්‌සරය. ඉන්පසු අපේ රටේ දරුවෝ අධ්‍යාපනය ලබන්නට බොහෝ රට රටවල් සොයා ගියහ. ඇතමෙකු රුසියාවට ගියහ. තවත් ඇතමෙක්‌ චීනයට ගියහ. තවත් අය ජපානයට ගියහ. එසේ දුර බැහැර යන්නට වත් පොහොසත්කම් නැති තවත් අය අසල්වැසි ඉන්දියාවටද ගියහ.....

මේ අයුරින් බලන කල පසුගිය අවුරුදු හත අට තුළ වැඩිදෙනකු අධ්‍යාපනය සඳහා ඇදී ගියේ ඒ රටවල් සියල්ල ම අභිබවා ඔස්‌ටේ්‍රලියාවටය. ඔස්‌ටේ්‍රලියාව ප්‍රාථමික අධ්‍යාපනයේ ද්වීතිය අධ්‍යාපනයේ සිට තෘතිය අධ්‍යාපනය හරහා උසස්‌ අධ්‍යාපනයට ද මුදලට දොරගුළු හැර විවර කර දීම ඊට හේතුවය. ...... ඒ අනුව බලන කල අද අපේ රටේ සිටින දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් වෘත්තිකයන් හා කලාකරුවන් බොහෝ දෙනකුගේ දූ දරුවන් අධ්‍යාපනය ලබනුයේ ඔස්‌ටේ්‍රලියාවේය.......

නවසීලන්තය ද මෙසේ අධ්‍යාපනයට සිය රටේ දොරගුළු ලෝකයට විවර කර හැරියේ මීට බොහෝ කාලයකට පෙර සිටය. එහෙත් ලංකාව තුළ පසුගිය දශක තුනෙහි ක්‍රියාත්මකව තිබූ ත්‍රස්‌තවාදී යුද්ධය නවසීලන්තයේ අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව අප දුවා දරුවන්ට අහිමි කර දැමුවේය.

අද යුද්ධය නිමා වී ඇත............. අද වනවිට නවසීලන්තයේ මෙතෙක්‌ කලක්‌ ශ්‍රී ලාංකිකයන් වන අපට වැසී තිබූ දොරගුළු සියල්ල විවර වන ලකුණු පහළ වී තිබේ.

මේ ශුභාරංචිය අප වෙත ගෙන ආවේ පසුගිය සතියේ නවසීලන්තයේ සිට ලංකාවට පැමිණි නවසීලන්ත ජාතික කාන්තාවක්‌ වන කී ලේ ගෝස්‌ය. (ණැහ ඛැ ටරදි) ඇය නවසීලන්තයේ සුවදායක සෞම්‍ය සිසිල් වාතාවරණය තුළ අධ්‍යාපනය ලබන්නට හා එරට සුන්දරත්වයේ මිහිර විඳින්නට එන්නැයි අපට අතවනමින් අප රටට පැමිණියාය. .... ඕ ඒ සඳහා ලොව රටින් රට යමින් නවසීලන්තයට යන්නට සංචාරකයන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරි ගන්වන ව්‍යාපෘතියක රාජ්‍ය මට්‌ටමේ නියෝජිතවරියක බව අප වටහා ගත්තෙමු.

අප කී ලෙගෝස්‌ව හඳුනා ගන්නේ ප්‍රවීන හා ප්‍රකට චිත්‍රපට නළු සනත් ගුණතිලකයන්ගේ මිත්‍රයෙකු වන උපුල් හේරත් මාර්ගයෙනි. ඒ හමුවේදී අප කී සමග ප්‍රශ්නයක්‌ දෙකක්‌ අසා කතා බහ කරන්නටද අමතක නොකළෙමු....

ඔබ ලංකාව ගැන මොනවද හිතන්නේ.......

ලස්‌සන රටක්‌... කාලයක්‌ යුද්ධය නිසා ලෝකයෙන් කොන්වෙලා තිබුණා. ලෝකේ සංචාරකයෝ ලංකාවට එන්න බයෙන් හිටියා. නමුත් දැන් යුද්ධය ඉවරයි. රට සංසුන් සාමකාමීය. රටේ අනාගතය වාසනාවන්තයි..........

ඔබලාගේ රටත් ලස්‌සනයි... සුන්දරයි. අධ්‍යාපනයට ජීවත්වීමට වෘත්තීන්හි නියෑලීමට ඔබලාගේ රටත් හිතකර රටක්‌. නමුත් ඔබලාගේ රට අපට ඒ සඳහා පසුගිය කාලේ වැටකඩොලු බැඳලයි තිබුණේ.

දැන් ඒවා වෙනස්‌ වෙලා. යුද්ධය ඉවර කරල රටට සාමය උදා කරපු මහින්ද රාජපක්‍ෂ කියන වත්මන් ජනාධිපතිවරයා ගැන වත්මන් නවසීලන්ත රජය ලොකු පැහැදීමකින් ඉන්නවා...... අතීත කළු පැල්ලම් ඔබලාගේ රටට ඉහළින් දැන් නැහැ. දැන් ඔබලාගේ රටේ සංචාරකයන්ට අධ්‍යාපනය ලබන දරුවන්ට ඕනෑතරම් ඒ සඳහා ඉඩකඩ විවෘතයි.....

වීසා බලපත් ලැබීමේ ප්‍රශ්නය ජය ගන්නේ කොහොමද?....

ඒකට උත්තරය උපුල් ළඟ තිබෙනවා. උපුල් හේරත් තමයි ලංකාවේ බෙවර්ලි ඉන්ටර්නැෂනල් ආයතනය පවත්වාගෙන යන්නේ. ඔහු තමයි දැනට නවසීලන්ත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුණ ලංකාවේ එකම වීසා උපදේශකවරයා........ අඅඅගඉeඩැරකැහසබඑගජදප වෙබ් අඩවියෙන් උපුල්ට සම්බන්ධ වෙන්න. ඊට අඅඅගබ්ප්ග්ජගබ් පස්‌සේ වෙබ් අඩවියෙන් ඔබට අප සමග සම්බන්ධ වෙන්න පුළුවන්....

පහුගිය කාලේ හුඟක්‌ වීසා ලැබුණේ දෙමළ අයටද..........

යුද්ධය කාලේ එයාලට එහෙම අනුකම්පාවක්‌ ලැබෙන්න ඇති. දැන් වෙනසක්‌ නැහැ.

ඔබ උත්සාහ කරන්නේ ලංකාව වෙළෙඳපොළක්‌ කරගන්න නේද?...........

ලෝකය එහෙමයි. නමුත් මෙතැන ඊට වැඩි යමක්‌ තියෙනවා. මම නවසීලන්තයට පණිවුඩයක්‌ ගෙන යනවා ලංකාව ගැන, ලංකාව අති සුන්දර රටක්‌, සෞම්‍ය දේශගුණයක්‌ තිබෙන රටක්‌, සංචාරයට කදිම රටක්‌ කියලා ඒ වගේම ඉපැරැණිම වටිනා සංස්‌කෘතියක්‌ තිබෙන රටක්‌ කියලා....... අනිත් අතට අපේ රටේ ඉන්න ආයෝජකයන්ටත් ලංකාව කදිම රටක්‌........ ඔයාලත් එහේ ඒවි........ අපේ අයත් මෙහේ ඒවි...... දෙගොල්ලන්ටම හොඳයි............ අමතක කරන්න එපා දවසේ ඉර පායනකොට මුලින්ම ඉරේ පළමු රැස්‌ දහර වැටෙන්නේත් අපේ රටට...

ඈ සිනහසෙමින් එසේ කීවාය........

බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -