යුක්‌රේන දේශපාලනය යළි සසල වේ

සෝවියට්‌ රුසියාවේ බිඳ වැටීමත් සමග 1989 වසරේදී රාජ්‍ය රැසක්‌ ලෝක සිතියටම එක්‌වූහ. රුසියාව තවදුරටත් ප්‍රබල රටක්‌ ලෙස වැජඹුණද ඒ අවශේෂ රාජ්‍ය බොහොමයක්‌ ආර්ථික හා යුදමය ශක්‌තිය අතින් කෙළිකාරයන් නොවූහ. එහෙත් රුසියාවට ආසන්නතම බලවතා ලෙස යුක්‌රේනය පැවතිණ. පැරැණි සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් වූ ඛනිජ තෙල් නිධි බොහොමයක්‌ යුක්‌රේන භූමියට අන්තර්ගත වීමත්, රුසියානු නාවික බලයේ සංකේතය වන කළු මුහුදු බල ඇණිය නැංගුරම් ලන සෙවැඩිටපෝල් වරාය යුක්‌රේනයට අයත් වීමත් නිසා ලෝක දේශපාලනය තුළ එරටට වැදගත් තැනක්‌ හිමි වේ. එබැවින් යුක්‌රේනයේ නායකත්වයට පත්වන පුද්ගලයා කෙරෙහි ලෝකයේම අවධානය නිතැතින්ම යොමුවේ. පසුගියදා පැවති ජනපතිවරණයෙන් බටහිරට ලැදි අපේක්‍ෂක වික්‌ටර් යානුකොව්චි (ඪසනඑදර ශ්බමදඩහජය ජයගත් ද, දෙවැනි ස්‌ථානයට පත්වූ හිටපු අගමැතිනි යූලියා ටයිමොෂෙන්කෝ (ශ්කස්‌ ඔහපදියෑබනද) ඔහුගේ ජයග්‍රහණයට අභියෝග කිරීමත් සමග ඇති වූ ව්‍යාකූල තත්ත්වය තවමත් සමනය වී නැත.

යුක්‌රේනය භූගෝලීය වශයෙන් අයත් වන්නේ නැගෙනහිර යුරෝපයටය මිලියන 46 ක ජනගහණයක්‌ සිටින එහි අගනගරය ණසැඩ (කිව්) වේ. අතීතයේදී වරින්වර අධිරාජ්‍ය කිහිපයක පාලනයට නතුව පැවතියද 19 වැනි සියවස මුල් භාගයේදී යුක්‌රේනය රුසියානු අධිරාජ්‍ය යටතට පත්විය. 1922 යුක්‌රේනය සමූහාණ්‌ඩුවක්‌ ලෙස සෝවියට්‌ සංගමය හා ඒකාබද්ධ විය. මිහායිල් ගොර්බචොෆ්ගේ පෙරෙස්‌ත්‍රොයිකා හා ග්ලාස්‌නොස්‌ට්‌ ප්‍රතිසංස්‌කරණ සමග 80 දශකය අවසානය වන විට රතු රුසියාව ලෝක සිතියමෙන් මැකී යමින් තිබිණි. ඒ සමග සෝවියයට්‌ සංගමයට අයත්ව තිබූ සමූහාණ්‌ඩුව එකින් එක නිදහස්‌ රාජ්‍ය ලෙස වෙන්වීයැම ඇරැඹිණි. 1990 ජුලි 16 දා යුක්‌රේන පාර්ලිමේන්තුව ස්‌වාධීනත්වය ප්‍රකාශයට පත්කිරීමේ පනතක්‌ සම්මත කළ ද මොස්‌කව් පාලනයෙන් ඊට අනුකූලතාව නොලැබිණ. නමුත් රුසියානු කොමියුනිස්‌ට්‌ පක්‍ෂ විසින් එල්ලවූ දැඩි විරෝධය නොතකා යුක්‌රේන පාලකයන් දිගින් දිගටම වෙන්ව යැමට උත්සාහ ගත්හ.

යළිත් 1991 අගෝස්‌තු 24 දා යුක්‌රේනය ස්‌වාධීනත්වය ප්‍රකාශයට පත්කළ අතර ඒ වන විට රුසියානු දේශපාලනය තුළ ඇති වූ වෙනස්‌කම් අනුව ඊට කිසිදු ප්‍රතිරෝධයක්‌ එල්ල නොවිණි. 1991 දෙසැම්බර් 01 දා නිදහස්‌ යුක්‌රේනයේ පළමු ජනාධිපතිවරණය පැවති අතර රුසියාවට පක්‍ෂපාත ??????? එයින් පහසු ජයක්‌ ලැබීය. වෙළෙඳපොළ ආර්ථිකයට අනුගත වුවද 90 දශකය මුල්භාගය තුළදී යුක්‌රේනය සුළු ආර්ථික පසුබෑමකට මුහුණ පෑවේය. බොහොමයක්‌ රුසියානු සමුහාණ්‌ඩුවලට අත්වූ පොදු ඉරණමට ලක්‌වෙමින් යුක්‌රේනයේ උද්ධමනය අංක පහේ අගයකට පත්විය. එහෙත් ස්‌වාභාවික සම්පත්වලින් අනූන වූ ඛනිජ තෙල් වලින් පොහොසත් යුක්‌රේනය ආර්ථික වශයෙන් යළි ශක්‌තිමත් වීමට වැඩිකල් ගතවූයේ නැත. 1996 දී ඛැදබසා ණමජයප් බලයටය පැමිණි අතර ඔහු විසින් සිදුකළ අවදානම් සහගත ආර්ථික ප්‍රතිසංස්‌කරණය ඇතමෙක්‌ගේ දෝෂ දර්ශනයට ලක්‌ වුවද එයින් රටට අත්වූ යහපතක්‌ද නැත්තේම නොවේ.

2004 වර්ෂය නූතන යුක්‌රේන ඉතිහාසය තුළ තීරණාත්මක සන්ධිස්‌ථානයක්‌ විය. ඛැදබසා නමජයප් ගේ දීර්ඝ පාලන සමය (ඔහු දෙවරක්‌ මැතිවරණ ජයග්‍රහණය කළේය) අවසානයේ 2004 දී ජනාධිපතිවරණයක්‌ කැඳවිණ. කුච්මාගේ අගමැතිව සිටි මොක්‌ව් පාලනය කෙරෙහි හිතවත් වික්‌ටර් යානුකොව්ච් එයින් ජය ලැබූ බව මුලින් ප්‍රකාශයට පත් වුවද ප්‍රතිවාදී අපේක්‍ෂක වික්‌ටර් යුෂෙන්කෝ ප්‍රතිඵලය පිළිගත්තේ නැත. ලක්‍ෂ ගණනක්‌ වූ ඔහුගේ ආධාරකරුවන් වීථි බැස උද්ඝෝෂණ කරන්නට වූ අතර ඔවුන් සිය පක්‍ෂ වර්ණයවූ තැඹිලි පැහැ ධජ පතාක රැගෙන ගමන් කළ හෙයින් එය තැඹිලි විප්ලවය ධඒබටජ Reඩජමඑසජබ නමින් ඉතිහාසයට එක්‌විය. අවසානයේ ප්‍රතිඵලය අවලංගු කරනු ලැබූ අතර යුෂෙන්කෝ ජයග්‍රාහකයා වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබිණ. ඔහු බටහිරට ලැදි පුද්ගලයකු බව ප්‍රකට කරුණකි.

2006 පැවති මහ මැතිවරණයෙන් යානුකොව්ච්ගේ Aකකස්‌බජැ දෙ භ්එසජබජක ඹබසඑහ සන්ධානය ජයගත් අතර ඔහු අගමැති පටුවට පත්විය. එහෙත් ඔහුට සිය පැරැණි ප්‍රතිවාදියා සමග ආණ්‌ඩු කළ නොහැකි විය. සභාග රජය බිඳ වැටුණ අතර 2007 පැවති මැතිවරණයෙන් යුෂෙක්‌කෝට හිතවත් යුලියා ටයිමොෂෙන්කෝ අගමැති ධුරයට පත්වූවාය. යුෂෙන්කෝ ටයිමොෂෙන්කෝ හවුල බටහිරට බොහෝ සේ පක්‍ෂපාත වීම රුසියාව නොරිස්‌සුවේය. පුටින් කිහිපවිටක්‌ම යුක්‌රේනය සමග පැටලීමට උත්සාහ ගත් අතර එකට එක කිරීමක්‌ ලෙස අවස්‌ථා 2 කදීම සිය භූමිය හරහා යුරෝපයට වැටී ඇති රුසියානු තෙල් සැපයුම් නළ අවහිර කිරීමට යුක්‌රේනය පියවර ගත්තේය. 2006 2009 දී වූ මේ සිදුවීම සමග යානුකොව්ච් හා රුසියාව තවදුරටත් විරසක විය.

මෙවන් පසුබිමක්‌ මැද 2010 ජනපතිවරණය පවත්වන්නට කටයුතු සූදානම් විය. අභ්‍යන්තර ආරවුල් මත ටයිමොෂෙන්කෝ පසුකාලීනව යානුකොව්ච්ගේ වෙන්වූ අතර ඇය වෙනමම ජනාධිපතිවරණයකට තරග කළාය. යානුකොව්ච් හා යුෂෙන්කෝ දෙදෙනාද තරගයට ඉදිරිපත් වූහ. 2010 ජනවාරි 17 දා පැවති පළමු වටයේදී 2004 පරාජය භාරගන්නට වූ යානුකොව්ච් මුල් තැනට පැමිණියේ. ටයිමොෂෙන්තෝ දෙවැනි ස්‌ථානයට පත්වූ අතර හිටපු ජනපති යුෂෙන්කෝ හට අත්වූයේ පස්‌වන තැනයි. යුක්‌රේන ජනතාව විසින් ඔහු ප්‍රතික්‌ෂේප කළ බව දිස්‌වූ අතර ඔහුගේ පාක්‍ෂිකයන්ද ටයිමොෂෙන්කෝ වටා රොක්‌වූ බව පෙනෙන්නට තිබිණ. කවරකුට හෝ අවශ්‍ය අවම ප්‍රතිශතය ඉක්‌මවා යා නොහැකි වූ හෙයින් මැතිවරණ නීති ප්‍රකාරව දෙවන වටයක්‌ පැවැත්විණි. එහිදී යානුකොව්ච් මුල් තැන දිනාගත් නමුත් ටයිමොෂෙන්කෝ කරට කර සටනක්‌ දුන්හ. 48.95% ක්‌ ඡන්ද ලැබූ යානුකොව්ච් හා 45.47% ක්‌ හිමිකරගත් ටයිමොෂෙන්කෝ අතර පරතරය 3% ක්‌ තරම් පටු විය.

ටයිමොෂෙන්කෝ විසින් ප්‍රතිඵලය අභියෝගයට ලක්‌ කළේය. තැඹිලි විප්ලවයේ අඳුරු මතකය අවදි කළ ඇය මුලදීම කියා සිටියේ ජනතාව පාරට බැස්‌සවීමේ අදහසක්‌ තමන්ට නැති බවයි. එහෙත් සාධාරණය ඉටු කරගැනීම වෙනුවෙන් නීති මාර්ගයෙන් ක්‍රියාකරන බව ඇගේ අදහස වූවාය. ඇය විසින් ගොනුකළ ඡන්ද පෙත්සම විභාගයට ගත් යුක්‌රේන ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්ද ප්‍රතිඵලය අවලංගු කරන බව පසුගිය. 17 වැනිදා නිවේදනය කළේය. එසේම වත්මන් ඡන්ද කොමිසම අහෝසි කරන ලෙසට නියෝගයක්‌ද නිකුත් විය. මේ සමග ජාත්‍යන්තර ප්‍රජාව කැළඹීමට පත්වූ අතර පුරුදු පරිදි රුසියාව විසින් යානුකොව්ච්ට පක්‍ෂවත් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් ටයිමොෂෙන්කෝට පක්‍ෂවත් ප්‍රකාශ නිතුක්‌ කළහ.

කෙසේ වෙතත් සියල්ලන්ම මවිතයට පත් කරමින් පසුගිය 21 වැනිදා ටයිමොෂෙන්කෝ විසින් සිය මැතිවරණ පෙත්සම ඉල්ලා අස්‌කර ගත්තාය. අධිකරණ තීන්දුව පිළිබඳ විශ්වාසයක්‌ නැති බව ඇගේ අදහස වූවාය. යානුකොව්ච් පෙබරවාරි 25 දා ජනපති ධුරයේ දිවුරුම් දුන් අතර ටයිමොෂෙන්කෝ තවදුරටත් ඇගමැති ධුරයේ සිටියාය. එහෙත් ඇයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් විය. එය සම්මත වීම නිසා අද ටයිමොෂෙන්කෝ රජය බිඳ වැටී ඇත. මෙතෙක්‌ යානුකොවිච්ගේ ඡ්රඑහදර Reටසජබි පක්‍ෂය සුළුතර කණ්‌ඩායම්වල සහාය ලබා නව රජයක්‌ පිහිටුවීමේ අපේක්‍ෂාවෙන් පසු වේ.

අමිල චන්ද්‍රසිරි

 
Powered By -