රුමේනියාව බේරාගත්
රණශූරයා ඩ්‍රැකිලා වූ හැටි.....


මෙම ලිපි මාලාවේ පළමු කොටස්‌ දෙක පසුගිය සතිවල පිළිවෙළින් පළවිය. මෙහි පළවන්නේ එහි තෙවන කොටසයි.

අද ලොව කවුරුත් "ඩ්‍රැකිHqලා" යෑයි කියූ සැනින් ඒ කවරෙක්‌ දැයි දනිති. ඒ ලොමු දැහැගන්වන නම පිළිබඳව චිත්‍රයක්‌ සිතින් මවා ගන්නට පවා ඇතැම්හු උත්සාහ කරනු නොඅනුමානය.

ලේ තැවරුණු උල් දත් සහිත සද්දන්ත භයානක පිළිකුල් සහගත මිනිසකුගේ රූපකායක්‌ හෝ ලේ රස සොයමින් රූමත් ලාබාල තරුණියකගේ ගෙල පෙදෙස සිප වැළඳගන්නා මුඛයෙන් නෙරපුණු උල්දත් ඇති මිනිසකුගේ රුවක්‌ ඒ සැම සිතින් මවා ගන්නවාට නම් නිසැකය.

රුමේනියාවේ ප්‍රධාන අග නගරය වන බුකාරෙස්‌ට්‌ නුවර සිට "ඩ්‍රැකිHqලා" ගේ ක්‍ෂේමභූමිය කරා මාව රැගෙන යැම බාරවී තිබුණේ එම්මා වෙතය. ඊට හේතුව වූයේ එම්මාගේ දෙමාපියන් ඇතුළු ඥතීන් සෑහෙන පිරිසක්‌ "ඩ්‍රැකිHqලා"ගේ ක්‍ෂේමභූමියේ පදිංචිවී සිටීමය.

එම්මාගේ සොහොයුරු අන්දෝ බුකාරෙස්‌ට්‌ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි. එමෙන්ම ඔහු "ඩ්‍රැකිHqලා"ගේ ඉතිහාසය පිළිබඳව උනන්දුවෙන් ගවේෂණයෙහි යෙදෙන්නෙකි.

"මගේ අයියා අන්දෝ ඕනෑවටත් වඩා "ඩ්‍රැකිHqලා" ගැන සොයා බලනවා. එයා මේ ගැන සොයන්න සංගමයක්‌ පවා පිහිටුවාගෙන තිබෙනවා. එයාටත් එයාගේ සංගමයේ අයටත් මම මේ ගමනට ආරාධනා කළා." එම්මා කීවාය.

එමෙන්ම මෙම ගමන සඳහා එලේනා කොස්‌ටීනා යුවලද, තත්තායානා සහ වික්‌ටෝරියාද එක්‌ව සිටියහ.

ආචාර්ය අන්දෝ සමග ඔහුගේ සංගමයේ සෙසු සාමාජික සාමාජිකාවන් වන මරීයා, රොක්‌ෂානා, ක්‍රිස්‌ටීනා, නිකොලේයි, එමීල් ඇතුළු සිය දෙනකුද එදා උදේ පාන්දරින්ම බුකාරෙස්‌ට්‌ දුම්රියපල කරා පැමිණ සිටියේ අප හා එක්‌වීම පිණිසය. මෙම පිරිස සහ මා අතර සම්බන්ධීකරණය ඇති කිරීමෙහිලා එම්මා විශාල පිරිවැයක්‌ මෙන්ම උත්සාහයක්‌ද දරා තිබුණු බව හැඟී ගියේ මෙතරම් පිරිසක්‌ එක්‌රැස්‌ කරගැනීම ලෙහෙසි කටයුත්තක්‌ නොවන බැවිනි.

"ඩ්‍රැකිHqලා"ගේ ක්‍ෂේමභූමිය පිහිටියේ දකුණු රුමේනියාවේය. මීට සියවස්‌ හතකට පමණ පෙර සිටම එම පෙදෙස හැඳින්වූයේ ට්‍රෙන්සිල්වේනියාව යනුවෙන්ය. එහෙත් සැබෑවටම ඩ්‍රැකිHqලාගේ ජන්මය සිදුවී තිබුණේ මෙම ට්‍රෙන්සිල්වේනියාවේ පිහිටි සිග්හයිසොආරා (Sසටයසිද්ර) නම් ප්‍රදේශයේදීය. බුකාරෙස්‌ට්‌ නුවරට වයඹ දෙසින් මෙම සිග්හයිසොආරා ප්‍රදේශය පිහිටියේය. බුකාරෙස්‌ට්‌ නුවර සිට ඒ වෙත ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 328 කි. ක්‍රි. ව. 1400 සියවසේදී හංගේරියාව ප්‍රබල අධිරාජ්‍යයක්‌ව පැවති අතර, ඊට අයත්ව මෙම පෙදෙසද පාලනය වී තිබුණේය. එකළ මේ පෙදෙස ..උAඛඛACHෂ්. යනුවෙන්ද හැඳින්වී තිබිණි.

බුකාරෙස්‌ට්‌ නගරයෙන් දුම්රියට නැඟුණු අප "ඩ්‍රැකිHqලා" ගේ ජන්ම භූමියට ළඟා වෙද්දී පැය පහක කාලයක්‌ ගතව තිබුණේය.

අප මෙන්ම "ඩ්‍රැකිHqලා" සොයා ආ වෙනත් සංචාරකයන්ගෙන්ද සිග්හයිසොආරා ප්‍රදේශය පිරී ගොස්‌ තිබුණා යෑයි කිවහොත් එය නිවැරැදිය. ඔවුන්තර යුරෝපීයානු සංචාරකයෝද, ඇමෙරිකානු සහ කැනේඩියානු සංචාරකයෝද වූහ. එනිසාමදෝ මෙම පෙදෙස උත්සවශ්‍රීයෙන් ඇලලී තිබුණේය. සංචාරකයන් පිළිගැනීම සඳහා විවිධ උත්සවයන් පවා එහි සංවිධානය කර තිබුණේ "ඩ්‍රැකිHqලා" ට ප්‍රමුඛතAවය අත්කර දෙමිනි.

"ඩ්‍රැකිHqලා" කියන්නේ අපේ ජාතික වීරයෙක්‌. ඔහු රුමේනියාව බේරාගන්න ඔහුගේ ජීවිතය ගැන පවා නොතකා සටන් කළා. රුමේනියානුවෝ හැටියට අප ඔහුට ණය ගැතියි. ඔහු ගැන වැරදි දේවල් ප්‍රචාරය වෙනවාට අප අකැමතියි." "ඩ්‍රැකිHqලා" ගේ ජන්ම භූමියට පැමිණි සැනින් එම්මාගේ සොහොයුරු අන්දෝ අප අමතා කීවේය.

එය සත්‍යයකි. සැබෑවටම ලොවට මෙතරම් ත්‍රාසයක්‌ කැඳවන මෙම "ඩ්‍රැකිHqලා" සැබවින්ම රජකුමාරෙකි. ක්‍රිස්‌තු වර්ෂ 1456-1476 අතර කාලයේදී රුමේනියාවේ දකුණු කොටස නැතහොත් ට්‍රෙන්සිල්වේනියාව ඇතුළු ප්‍රදේශය පාලනය කළ මේ රජ කුමාරයාගේ නම ව්ලේඩ් තීපස්‌ ෂෂෂ ය.

ක්‍රිස්‌තු වර්ෂ 1430 දශකයේ දකුණු රුමේනියාව පාලනය කරමින් සිටි අශ්වාරෝහක හමුදා පාලකයෙකු වූ "ව්ලේඩ් "ඩ්‍රැකිHqල් ෂෂ නමැති පාලකයාගේ දෙවන පුතු ලෙස මෙම ව්ලේඩ් තීපස්‌ ඉපදී තිබුණේය. ඒ ක්‍රිස්‌තු වර්ෂ 1431 දීය. ඔහු ඉපදුණු පෙදෙස එකල හැඳින්වූයේ සිග්හයිසොආරා යනුවෙනි. අද ද ඒ නම එලෙසම භාවිත වෙයි. මෙම කුමාරයාට වයස අවුරුදු 25 ක්‌ සපිරෙද්දී එනම් ක්‍රිස්‌තුවර්ෂ 1456 අගෝස්‌තු මස 22 වැනිදා හෙතෙම දකුණු රුමේනියාවේ පාලකයා වශයෙන් අභිෂේක ලබා සිටියේය. සිය පියා "ව්ලේඩ් "ඩ්‍රැකිHqල් ෂෂ" නම් වූ නමුත් පසුකලෙක මෙම කුමාරයාගේ නමට පියාගේ "ඩ්‍රැකිHqල්" යන පෙළපත් නාමය වෙනුවට "ඩ්‍රැකිHqලා" යනුවෙන් එම පෙළපත් නාමය වෙනස්‌ව භාවිත වන්නට පටන් ගෙන ඇති බව පැවසෙන්නේය.

ඒ අනුව මේ කුමාර තෙම "ව්ලේඩ් තීපස්‌ ඩ්‍රැකිHqලා ෂෂෂ" යනුවෙන් ප්‍රචලිත වූ අතර ..ඪ්කා ෂෂෂ ඊasaර්ඉ, යනුවෙන්ද, යක්‍ෂයාගේ පුතු ලෙස ද ..ඔයෑ Sදබ දෙ Dර්ටදබ, යනුවෙන්ද පසු කළෙක ඔහුව හඳුන්වන්නට වූ බවට රුමේනියනු ඉතිහාසයේ සඳහන් වේ.

"ඩ්‍රැකිHqලා" ගේ මව මෝල්දාවියානු ජාතික ..Cබැaවබ්, කුමරියයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා ,ඵසරජැබ, කුමාරයා වූ අතර, බාල සොහොයුරා . ..Radම එයෑ Haබා sදපැ, යන කුමාර තෙමය. රාජ්‍ය බලය අත්පත්කර ගැනීම සඳහා පසු කලෙක පැවති සටන් වලදී "ඩ්‍රැකිHqලා" ගේ වැඩිමහල් සොහොයුරාව එනම් ..ඵසරජැබ, කුමාරයාව සතුරන් විසින් දස වධදී පණපිටින් වළදමා මරා දමා ඇති බව සඳහන් වේ. එමෙන්ම රාජ්‍ය බලය සම්බන්ධ සටන් වලදී "ඩ්‍රැකිHqලා" කුමරුගේ පියාණන් වන "ව්ලේඩ් තීපස්‌ "ඩ්‍රැකිHqල් ෂෂ" රජ තෙමේද 1417 දෙසැම්බර් 1 වැනිදා සතුරන් විසින් මරා දමා තිබුණු බව පැවසෙන්නේය. "ඩ්‍රැකිHqල්" කුමරුගේ බාල සොහොයුරා වන ..Radම එයෑ Haබා sදපැ, කුමාරයා කුඩා කල සිටම තුර්කි අධිරාජ්‍යයේ පාලකයන්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඔවුන් යටතේ ඇතිදැඩි වී ඇති අතර, හෙතෙම පසු කලෙක තුර්කිවරුන්ගේ ආගම වූ ඉස්‌ලාම් දහම වැළඳ තම සොහොයුරා වූ "ඩ්‍රැකිHqලා" පාලනය කළ එකල ..උAඛඛACHෂ්, ලෙස හැඳින්වූ ට්‍රෙන්සිල්වේනියානු ප්‍රදේශය මෙහෙයවා තිබුණු බවට රුමේනියානු ඉතිහාසයේ සඳහන් වන්නේය.

ක්‍රි. වර්ෂ 1400 සියවසේදී තුර්කිය මහා බලවත් අධිරාජ්‍යයක්‌ව පැවතියේය. එකල එය හැඳින්වූයේ ..ධඑදප්බ Eපචසරු, යනුවෙනි. තුර්කිවරුන් තමන්ට යාබදව පිහිටි දකුණු සහ නැගෙනහිර යුරෝපාකාරයේ රටවල් යටත් කර ගනිමින්, මුස්‌ලිම් (ඉස්‌ලාම්) ආගම ප්‍රචාරය කරමින් ප්‍රබල අධිරාජ්‍යයක්‌ ගොඩ නඟමින් සිටියහ. මෙකී තුර්කිවරුන් රුමේනියාවේ දකුණු ප්‍රදේශය (ට්‍රෙන්සිල්වේනියාව) අත්පත් කර ගැනීම සඳහා දැවැන්ත යුද්ධයක්‌ දියත්කරමින් සිටිනා විට එහි පාලකයා වශයෙන් සිට ඇත්තේ අපගේ මෙම කතානායකයා වන "ව්ලේඩ් තීපස්‌ "ඩ්‍රැකිHqලා ෂෂෂ" කුමාරයායි.

අති ප්‍රබල සටන්කාමී තුර්කි යුද සෙනෙවියකු මෙන්ම පාලකයකු ද වන සුල්තාන් මොහමඩ් ෂෂ නමැති රණශූරයාගේ අණින් හැට දහසක්‌ පමණ තුර්කි සේනාවක්‌ද තිස්‌දහසක සහායකයන් සමග දකුණු රුමේනියාවට කඩාවදිද්දී ඩ්‍රැකියුලා කුමාරයා හට ඊට මුහුණදීමට තරම් විශාල සේනාවක්‌ද, අවිආයුධ නොවූ බව පැවසෙන්නේය. එහෙත් ධෛර්යයේ සහ සටනේ කෙළපැමිණි ශූරයකු වූ "ඩ්‍රැකිHqලා" කුමරු "සතුරන් මරා ඔවුනගේ රුධිරය පානය කළ යුතුයි" කියමින් සිය සේනාවේ මදිකම හෝ යුදායුධවල හිඟය ගැන හෝ නොතකමින් ප්‍රබල තුර්කි සේනාවත් සමග සටන්වැදී රුමේනියාව සතුරු ආක්‍රමණවලින් ගලවා ගන්නට සමත් වූ බව ප්‍රකටය.

"ඩ්‍රැකිHqලා" විවාහ වී සිට ඇත්තේ සිය ඥතියකුද වන රුමේනියාවේ උසස්‌ වංශවත් පවුලකින් පැවත ආ ..ෂ්බජමාe Hමබැdද්ර්, නැමැත්තාගේ දියණියක සමගිනි. එම පුද්ගලයා ඥතීත්වය අනුව "ඩ්‍රැකිHqලා" ගේ මාමා කෙනෙකි. එහෙත් එම කුමරියගේ නම මෙතෙක්‌ හෙලිවී නොමැත. විවාහයෙන් අනතුරුව "ඩ්‍රැකිHqලා" සිය කුමරියද සමග දිවි ගෙවද්දී තුර්කි සේනාවෝ දිනක්‌ රාත්‍රියේ "ඩ්‍රැකිHqලා" ඇතුළු රජ පවුල මරා දැමීම සඳහා ඔවුන් පදිංචිව සිටි ..ඡදසැබ්රස, නමැති ප්‍රදේශයේ පිහිටි ඔවුනගේ මාළිගය වටලා තිබෙන්නාහ. තුර්කි සේනාවන්ගේ මෙම වැටලීම මුලින්ම දැක ඇත්තේ "ඩ්‍රැකිHqලා" ගේ විශ්වාසවන්තයෙකි. ඔහු මේ බව ඔත්තු සංඥ මගින් මුලින්ම ඩ්‍රැකිHqල් කුමරියට දැනුම්දී ඇත. ඇය ඒ බව "ඩ්‍රැකිHqලා" කුමරුට සංඥ මගින් දැනුම්දී ඇත. ඒ සමගම ඇය තුර්කි සේනාවන්ට යටත්වීමට නොකැමැතිව මාළිගයේ වූ ජනෙල් පියන්පතක්‌ විවරකොට ගෙන ඒ තුළින් මාළිගය අසලින් ගලායන ..Aරටැs, නමැති නදියට පැන දිවි තොර කරගෙන තිබෙන්නේය. සතුරන්ගෙන් බේරීම සඳහා සිය කුමරිය ගඟට පැන දිවි නසාගත් බව දැනගත් "ඩ්‍රැකිHqලා" කුමරු පසුව අඳුරේම අසල කඳුකරයට පලාගොස්‌ දිවි බේරාගෙන ඇත්තේය. මේ වන විට ඔහුට එම කුමරියගෙන් එක්‌ පුතකු සිට ඇති අතර, එම කුමාරතෙම ..ඵසයබැa Ceකර්ම, නම් වේ.

"ඩ්‍රැකිHqල්" කුමාරිය දිවිනසාගත් ..Aරටැs, නදිය එදා සිට අද දක්‌වාම හැඳින්වෙනුයේ ..ඛ්deහ Rසඩැර, සහ ..ඡරසබජැss Rසඩැර, යනුවෙනි. ඒ ඇය එදා කළ කැපකිරීම අගය කරනු උදෙසාය. කුමාරිය එදා මාළිගයේ ජනෙල් පියන්පතින් පහළට පැනීම නිසා දරුණු ලෙස තුවාල සිදුවී ඇති අතර, ඇය ගස්‌මුල් අතරින් පෙරළීවිත් තුවාල නොතකා ගඟට පැන ඇති බව කියවෙන්නීය.

කෙසේ නමුත් පසු කලෙක "ඩ්‍රැකිHqල්" කුමරු එනම් ක්‍රි. වර්ෂ 1462 දී හංගේරියානු රජ පවුලේ කුමරියක වූ "ඉලෝනා සිල්ලාගි" කුමරිය සමග දෙවන වර විවාහ වී ඇත්තේය. මෙම ඉලෝනා කුමරිය එවක හංගේරියානු අධිරාජ්‍ය පාලනය කරමින් සිටි "මතියෙස්‌ කොර්වීනුස්‌" රජුගේ ළඟම ඥති සොහොයුරියකි. ඇයගෙන් ඔහුට පසු කලෙක පුතුන් දෙනකු වූ අතර ඉන් වැඩිමහල් පුතු "ව්ලේඩ්" නම් වන අතර, අනෙක්‌ පුතුගේ නම පිළිබඳව සඳහනක්‌ නොමැත්තේය.

ප්‍රබල තුර්කිවරු සිය හමුදා මගින් කිහිප අවස්‌ථාවකදීම රුමේනියාව යටත් කර ගන්නට උත්සාහ ගත්තද ඊට "ඩ්‍රැකිHqලා" කුමරුගෙන් ඉඩක්‌ නම් ලැබී නැත්තේය. මේ සෑම අවස්‌ථාවකදීම මෙන් සිදු වූ සටන්වලින් තුර්කි සේනාවන්ගෙන් 40,000 - 100000 ත් අතර පිරිසක්‌ "ඩ්‍රැකිHqලා" කුමරුන් විසින් මරා දමන ලද බවටත් ඉතිහාසයේ සඳහන් වන්නේය.

ඇතැම් ඉතිහාසය මූලාශ්‍රවල මෙම පිරිස නිශ්චිත වශයෙන්ම අසූදහසක්‌ පමණ වන බවට සඳහන් කරලා තියෙනවා" යෑයි අන්දෝ කියන්නේය.

වරක්‌ තුර්කිසේනාවෝ දකුණු රුමේනියාවේ ගම් නගර යටත් කර ගනිමින් ඉදිරියට පැමිණෙද්දී "ඩ්‍රැකිHqලා" කුමරු උපායමාර්ගිකව ඊට එරෙහිව කැලෑවැදී ගරිල්ලා සටන් මාර්ගයට ප්‍රවිශ්ට වූ බවත්, අනතුරුව හෙතෙම සිය ගම්බිම් ගිනි තබමින්, පාලම් කඩා දමමින් ජලමාර්ග අවහිර කරමින් ඉදිරියට ඇදී ආ තුර්කි සේනාවන්ට ආහාරපානද, ජලයද අහිමිකර කොටුකර පහරදුන් බවත්, එයින් විසිදහසක්‌ පමණ වූ තුර්කි සේනාවක්‌ ප්‍රාණ ඇපයට ගෙන එම පිරිසට ඉතා කුරිරු අන්දමින් දසවධදී මරා දමන ලද බවටත් රුමේනියානුවෝ පවසන්නාහ.

"ඩ්‍රැකිHqල්" කුමරු ආහාරපාන ගනිද්දී පවා ඒ ඉදිරියෙහි සතුරන් මරණු දක්‌නට කැමැත්තක්‌ දැක්‌වූ බව පැවසෙන්නේය. ඉතා සියුම් ලෙස උල්කරන ලද ශක්‌තිමත් ලී දඬු මත සතුරන් හිඳුවා හෝ උලතියා මරා දැමීමටත් එම සතුරන්ගෙන් වෑහෙන රුධිරයත්, මරලතෝනියත් දෙස බලමින් සිය ආහාරය රස කරමින් වළඳන්නට තරම් "ඩ්‍රැකිHqලා" කුමාරයා තද හිතක්‌ ඇති දරුණු පාලකයකු වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම දරුණු පළිගන්නෙකුවූ ඔහුගේ පියාද වැඩිමහල් සොහොයුරාද ඝාතනය කළ සතුරන්ද පසුකලෙක මරා දමා තිබෙන්නේය.

"ඩ්‍රැකිHqලා" කුමරු ක්‍රි. ව. 1456 සිට 1476 දක්‌වා වූ කාලය ඇතුළත වරින්වර සතුරු ආක්‍රමණවලට මුහුණදෙමින් දකුණු රුමේනියාව පාලනය කර ඇති අතර එම කාලය ඇතුළත පමණක්‌ මරා දමන ලදැයි සැලකෙන යුරෝපීයවාසීන් ප්‍රමාණය ලක්‍ෂයක්‌ පමණ වන බවට ගණන් බලා ඇත්තේය. රුමේනියාව යටත් කර ගන්නට උත්සාහ කළ තුර්කි සේනාවන් පමණක්‌ නොව තමන්ට විරුද්ධ වූ දේශපාලනික සතුරන්ද, රට පාවා දෙන්නන්ද, මං පහරන්නන්, සොරුන්, කොල්ලකරුවන් දූෂිත ක්‍රියාවන්හි නිරත වූවන්, විවිධ අපරාධයන්ට හවුල් වූවන්, පවුල් බේදයන් ඇතිකර ගත්තවුන්, සැකයට අවිශ්වාසයට ලක්‌වූවන්ද ඒ අතර වන බවට ප්‍රකටය.

ඇත්තටම "ඩ්‍රැකිHqලා" කුමරුට අවශ්‍යවෙලා තිබුණේ රුමේනියාව සතුරු ආක්‍රමණවලන් ආරක්‍ෂා කර ගැනීමයි. විශේෂයෙන්ම තුර්කි අධිරාජ්‍යයෙන් තුර්කිවරු යාබද රටවල් යටත්කරගෙන හිතු මතේ ඉස්‌ලාම් දහම ප්‍රචාරය කරමින් සිටියා. ඔවුන්ට රුමේනියාවේදී ඒ දේ එක කරන්නට ඉඩ නොදුන් එකම දරුණු කරදරකාරයා බවට පත්ව සිටියේ "ඩ්‍රැකිHqලා" කුමාරයායි.

වරක්‌ "ඩ්‍රැකිHqලා" කුමරුන්ට තම රටේ ජනතාවගේ අවංකකම පිළිබඳව සොයා බැලීමේ සිතක්‌ පහළවී තිබුණේය. කොටින්ම කියතොත් තම රට වැසියන්ගේ අවංකකම නැතහොත් සොරකම, වංචාව, අන්සතු දේ ලබාගැනීම ආදිය පිළිබඳව පරීක්‍ෂණයක්‌ කිරීමේ දැඩි උවමනාවක්‌ විය. ඒ සඳහා ඔහුගේ සිතට අපූරු අදහසක්‌ද පහළවී තිබුණේය.

ඔහු ඒ වෙනුවෙන් රන් ආභරණ, රන් කාසි ඇතුළු ඉතා වටිනා දෑ අඩංගු පොට්‌ටනියක්‌ සෑදුවේය. පසුව එය පිංතාලියක්‌ අසල මහමග දැමුවේය. බොහෝ දුර බැහැර සිට පාගමනින්ද මතින් පැමිණෙන්නෝද මෙම පිංතාලිය අසල නැවතී ජල බී වෙහෙස නිවාගනිමින් හිඳ යළි ගමන් ගන්නාහ. ඉතා දුෂ්කර කැලෑ මාර්ග ගණනාවක්‌ම මධ්‍යස්‌ථානය කරගෙන මෙම පිංතාලිය පිහිටා තිබීම නිසා එහි යන එන්නන්ගෙන්ද අඩුවක්‌ නොමැත්තේය. අර රන් ආභරණ රන් කාසි ඇතුළු වටිනා දෑ අඩංගු පෙට්‌ටිය එම ස්‌ථානයේ සති ගණනාවක්‌ යනකම්ම එලෙසම තිබුණේය.

නිකමට හෝ කිසිවකු ඒ දෙසවත් නොබැලූහ.

"මේක "ඩ්‍රැකිHqලා" කුමරුගේ උගුලක්‌ වෙන්න පුළුවන්."

අනවශ්‍යදේට ඇඟිලි ගහලා ජීවිතේ නැති කරගන්න බැහැ." සැවොම සිතුවේ එලෙසය.

තම අණ රටවැසියන් පිළිපදින බව දත් කුමරු තෙමේම පසුව එම පොට්‌ටනිය ගෙන ගියේය.

තවත් වරක්‌ රටවැසියකුගේ රන්කාසි සියයක්‌ අඩංගු පොට්‌ටනියක්‌ කිසිවකු විසින් සොරකම් කර තිබුණේය. ඔහු මේ පිළිබඳව තමා දන්නා පරිද්දෙන් සොයා බැලුවේය. එහෙත් ඔහුට කිසිදු හෝඩුවාවක්‌ නොලැබුණේය. තම රන් කාසි සොරකම ගැන ඔහුට වූයේ දැඩි කනගාටුවකි.

"දැන් ඉතින් ඔබට මේ ගැන කියන්න තියෙන්නේ "ඩ්‍රැකිHqලා" කුමරුන්ට විතරයි." කෙනෙක්‌ ඔහුට උපදෙසක්‌ දුන්නේය.

ඔහු බොහෝ දුරගෙවා "ඩ්‍රැකිHqලා" කුමරුන් මුණ ගැසෙන්නට ආවේය.

"මට දැන් ඇත්තේ ඔබ වහන්සේගේ පිහිට පමණයි" ඔහු වැඳ වැටී කුමරුන්ට පැමිණිල්ල ඉදිරිපත් කළේය.

"හොඳයි මම හොයාගන්නම් හොරා කව්ද කියලා." "ඩ්‍රැකිHqලා" කුමරු එම පුද්ගලයාව සැනසුවේය.

ඒ කීවාසේම කුමරුන් කාලවේලාවක්‌ නොයොදවා රන්කාසි සියය සමග එය සොරාගත් තැනැත්තාද අල්ලාගෙන එන්නට පියවර ගත්තේය.

"සොරුන්ට මගේ ළඟ තියෙන්නේ එකම දඬුවමයි. ඒ මරණයයි." කුමරු ගුගුලේය.

සොරාව උල තියා පසුව ලේ වැගිරී මරණයට පත්වීමට ඉඩ හරින්නට කුමරු පියවර ගත්තේය. මෙය "ඩ්‍රැකිHqලා" කුමරුගේ ප්‍රියතම ජනප්‍රිය දඬුවම් ක්‍රමයයි. අපරාධකරුවන් ලේ වැගිරී මරලතෝනි දී මිය යනු දැකීමට කුමරුන් ප්‍රියකරන බව එකල කවුරුත් දත්හ.

"හොඳයි සොරා අහුවුණා. සොරාට දඬුවමුත් හම්බ වුණා. ඒ වාගේම මෙන්න ඔහු ඔබගෙන් සොරාගත්ත රන්කාසි පොදිය. දැන් මේකත් අරගෙන යන්න." කුමරා රන් කාසි පොදිය ඔහු අත තැබුවේය.

කුමරුන්ට වැඳ වැටී ස්‌තූති කළ ඔහු රන් කාසි පොදිය ගෙන නිවස වෙත පැමිණියේය.

අනතුරුව පොදිය ලිහා එම රන්කාසි ගණන් කරන්නට පියවර ගත්තේය. ඔහුට පුදුමයකි. තමාගේ නැතිවූ රන් කාසි සියය වෙනුවට රන්කාසි එකසිය එකක්‌ එහි වූයේය. ඔහු යළි යළි ගණන් කළේය. එක රන්කාසියක්‌ වැඩිපුර ලැබී ඇති බව ඔහුට දැන් සක්‌සුදක්‌ සේ පැහැදිළිය.

ඔහුට "ඩ්‍රැකිHqලා" කුමරුන්ගේ හැටිද නීතියද සිහිවිය.

රන්කාසි පොදිය අතට ගත් ඔහු "ඩ්‍රැකිHqලා" කුමරු සොයා වෙහෙස නොබලා යළි දිව්වේය.

"ඇයි? මොකද? ගිය පයින්ම මේ ආපහු" කුමරු විමසුවේය.

"සමාවෙන්න දේවයනි, මගේ නැතිවුණේ රන් කාසි සියයයි. ඒත් මෙහි රන්කාසි එකසිය එකක්‌ම තිබෙනවා. මේ වැඩි රන්කාසිය මගේ නොවෙයි. ඒ බව ඔබතුමාට දැනුම් දෙන්නයි මම ආවේ." ඔහු වැඳවැටී හතිලමින් කීSවේය.

"ඒ වැඩිපුර රන්කාසිය දැම්මේ මමයි. ඔබේ අවංකකම ඔබේ ජීවිතය බේරා දුන්නා. ඔබ අවංක නූණා නම් ඔබටත් සිද්ධ වෙන්නේ අර සොරා අසලින්ම උලක ඇමිණී මියයන්නයි."

රන්කාසිය ගත් කුමරු ඔහුව මුදාහලේය.

කෙසේ නමුත් ඒ ක්‍රි. වර්ෂ 1476 වසරේ දෙසැම්බර් මාසයයි. ඒ වන විට "ඩ්‍රැකිHqලා" කුමරුගේ වයස අවුරුදු හතලිස්‌ පහකි.

තුර්කි අධිරාජ්‍යවාදීන් තමන්ගේ මේ මහා කරදරකාරයා විනාශ කිරීමේ අරමුණින් දැවැන්ත මෙහෙයුමකට මුලපුරා තිබුණේය. හතලිස්‌ දහසකට අධික තුර්කි හමුදාවක්‌ ඒ සඳහාම රුමේනියාවේ ස්‌ථානගත කර සිටියහ. "ඩ්‍රැකිHqලා" කුමරු සතුව ආයුධවලද, පිරිස්‌ බලයේද බොහෝ හිඟ පාඩු වූහ. කොටින්ම "ඩ්‍රැකිHqලා" කුමරුන් සතුව එකල සිට ඇත්තේ විසිදහසක පමණ හමුදාවකි. එහෙත් එමෙන් දෙගුණයකටත් වැඩි හමුදාවක්‌ තුර්කිවරුන් සතුව සිට ඇත්තාහ. සටන ආරම්භ වූයේ වර්තමාන රුමේනියාවේ අගනගරය වන බුකාරෙස්‌ට්‌ නුවර ආසන්නයේදීය. සටනේදී යුදා යුධ හිඟය, පිරිස්‌ බලයේ හිඟය ගැන හෝ සගයන් පසුපසට කැඳවීමක්‌ කරන්නට "ඩ්‍රැකිHqලා" කුමරු අකමැත්තෙකි. සිය සගයන් සමග ඉදිරි පෙළම සිටිමින් ඔවුන්වද දිරිගන්වමින් සතුරන් සමග මුහුණට මුහුණ සටන් කිරීම ඔහුගේ සිරිතය. තුර්කි හමුදාව වෙනුවෙන් මෙම සටනට නායකත්වයදී ඇති බව කියවෙනුයේ බසාරබ් ලොටා සෙල්බට්‌රන් නමැති සෙනෙවියෙකි. කෙසේ නමුදු මෙම සටන පෙර පැවැති සටන් තරම් ලෙහෙසි පහසු සටනක්‌ වී නොමැත.

"ඩ්‍රැකිHqලා" කුමරු යුද පෙරමුණේ ඉදිරියෙන්ම සිටිමින් සිය සේනාවන්ට නායකත්වය දෙමින් ජයග්‍රහණය ඔන්න මෙන්න කියා තිබෙද්දී මිය ගිහිල්ලා තියෙනවා." ආචාර්ය අන්දෝ වෙනුවට ඒ බව පැවසුවේ අප කණ්‌ඩායමේ සිටි එමිල්ය. මේ එමිල්ද ආචාර්ය අන්දෝ සමග එක්‌ව "ඩ්‍රැකිHqලා" පිළිබඳව ගවේෂණයේ යෙදෙන්නෙකි.

"කොහොම වුණත් මේ පිළිබඳව මත කිහිපයක්‌ම තිබෙනවා. ඒ එක මතයක්‌ තමයි තුර්කි හමුදා ප්‍රහාරයකින් අවසන් මොහොතේදී "ඩ්‍රැකිHqලා" කුමරුගේ හිස කඳින් වෙන්වූවා යෑයි කියන එක. ඒ වාගේම තවත් මතයක්‌ තමයි තුර්කි හමුදාවන්ට සහාය පළ කළ "ඩ්‍රැකිHqලා" කුමරු ළඟ සිටි මෝල්දාවියානු ජාතික ආරක්‍ෂක සෙබළෙක්‌ විසින් කුමරුන්ව මරාදැමුවා යෑයි කියන එක. මීට අමතරව තවත් මතයක්‌ තිබෙනවා "ඩ්‍රැකිHqලා" කුමරු ඇතුළු සේනාවේ කිහිපදෙනකුද තුර්කි සේනාවන්ගේ යුදා යුධ ඇඳුම්වලින් සැරසී සිටිද්දි ඒ තුර්කි සොල්දාදුවන් යෑයි සිතා කුමරුන්ගේ සේනාවන් අතින්ම අත්වැරදීමකින් ඔහුව මරා දැමුණු බවට. මේ මත මොනවා වුණත් අවුරුදු 45 ක ජීවිත කාලයකින් පස්‌සේ "ඩ්‍රැකිHqලා" කුමරු මිය ගිහිල්ලා තිබුණා." එමිල් කීවේ ශෝකාකූලවය.

"ඩ්‍රැකිHqලා" කුමරු සැබෑවටම මිය ගියා දැයි නිශ්චය කර ගැනීම සඳහා එවක තුර්කිය පාලනය කරමින් සිටි සුල්තාන්වරයාට "ඩ්‍රැකිHqල්" කුමරුගේ හිස බැලීමට උවමනාවක්‌ උනන්දුවක්‌ ඇති වී ඇති අතර ඒ අනුව තුර්කි හමුදාවන් විසින් "ඩ්‍රැකිHqල්" කුමරුගේ හිස තුර්කියට පිටත්කර යවා තිබෙන්නේ යෑයි පැවසෙන්නේය.

අනතුරුව "ඩ්‍රැකිHqල්" කුමරුගේ හිතෛෂීවන්තයන් විසින් රහසේම කුමරුගේ හිස නැති සිරුර බුකාරෙස්‌ට්‌ නුවරට පිටස්‌තරින් පිsහිටි ..Sබ්ටදඩ, නමැති දූපතේ භූමිදානය කරන්නට පියවරගෙන ඇත්තේය. එහෙත් එම ස්‌ථානයේ කුමරුන්ගේ නම සනිටුහන් කරන්නට ඔවුන් පියවර ගෙන නොමැත. ඊට හේතුව වන්නට ඇත්තේ තුර්කියේ ආධිපත්‍යයත්, "ඩ්‍රැකිHqලා" කුමරුන්ට සිටි අනෙකුත් සතුරනුත් නිසා වන්නට ඇතැයි අන්දෝ එමිල්, ක්‍රිෂ්ටීනා, මරීයා නිකොලේයි, රොක්‌ෂානා ඇතුළු කණ්‌ඩායමේ අදහස වූහ.

"ඩ්‍රැකිHqල්" කුමරුගේ පළමු විවාහයෙන් ඔහුට ..ඵසයබැa ජැක ර්ම, පුතෙකු වූ අතර එම පුතුද තම පියා වූ "ඩ්‍රැකිHqලා" මෙන්ම පසුකලෙක දකුණු රුමේනියාවේ රජු ලෙස ඔටුනු පැළඳ ඇත. ඒ ක්‍රිස්‌තු වර්ෂ 1508 දීය. එහෙත් ඉන් වසර දෙකකට පසුව එනම් ක්‍රිස්‌තු වර්ෂ 1510 දී එම රජුව මරා දැමුණු බව රුමේනියානු ඉතිහාසයේ සඳහන් වේ.

ඔහුද තම පියා වූ "ඩ්‍රැකිHqලා" සේම තමන්ගේ දේශපාලනික විරුද්ධවාදීන්ගේද අනෙකුත් චුදිතයන්ගේද නාසය, තොල් ආදිය කපා දැමීමට පියවර ගෙන තිබුණු බව පැවසෙන්නේය. මේ නිසා හිස නැති "ඩ්‍රැකිHqලා"ගේ මළ කඳට පණ ආ හැටි.....

ලබන සතියේ කියවන්න

ඔහුට ද විරුද්ධවාදීන් මෙන්ම සතුරන්ද බොහෝ වූ බව කියෑවෙන්නේය. විරුද්ධවාදීන් විසින් ඔහුව ..ඵසයබැa එයෑ ඉad, යනුවෙන් හැඳින්වූ බවටද රුමේනියානු ඉතිහාසය සාක්‍ෂි දරයි.

නෙවිල්  බන්දුල දිනපූර්ණ

 
Powered By -