සේමගේ ගේ චිත්‍ර ප්‍රදර්ශනය මැලේසියාවේ

ලෝකයේ රටවල් ගණනාවකම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා, ශ්‍රී ලංකාවට කීර්තියක්‌ හා ගෞරවයක්‌ ගෙන දුන්, ශ්‍රී ලංකාවේ අග්‍ර ගණයේ චිත්‍ර ශිල්පියෙකු වන "කලාසූරී" ජයසිරි සේමගේ මෙවර තම එAක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ මලයාසියාවේ ක්‌වාලාලම්පූර් නුවරයි.

මෙම මාර්තු 27 දින ක්‌වාලාලම්පූර් නුවර බ්‍රික්‌ෆීල්ඩ්හි බෞද්ධ මහා විහාර ප්‍රධාන ශාලාවේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලට ආරාධිත විශාල අමුත්තන්, මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, චීන, මුස්‌ලිම් ආදී එම රටේ වෙසෙන සුවිශේෂ විශාල පිරිසක්‌ ද කලාකරුවන් රාශියක්‌ද සහභාගි වනු ඇත. සිංහල චාරිත්‍ර අනුව පොල්තෙල් පහනක්‌ දල්වා ප්‍රදර්ශනය විවෘත වෙයි. දින 02 ක්‌ දවස පුරා පැවැත්වෙන මේ ප්‍රදර්ශනයට අමතරව ප්‍රවීන සූපවේදී පබ්ලිස්‌ සිල්වා මහතා විසින්, ශ්‍රී ලාංකික කෑම පිළිබඳව හැඳින්වීමක්‌ මෙන්ම, කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා සංදර්ශනයකින්ද උත්සවය අලංකාර වෙයි.

ජයසිරි සේමගේ විසින් මෙම ප්‍රදර්ශනය සඳහා විශේෂයෙන්, ආලය, ආදරය, කරුණාව යන තේමාවන් අනුව නිර්මාණය වූ චිත්‍ර ඉදිරිපත් කිරීම විශේෂය. සේමගේ ගේ චිත්‍රයන්හි ඇති ශ්‍රී ලංකාවේ යෑයි නිර්භයවම කිව හැකි සුවිශේෂ චිත්‍ර ශෛලිය නිසාම මැලේසියාවේ ශ්‍රී ලාංකික සංවිධානය මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමට තීරණය කර ඇත. ප්‍රදර්ශනයේ නව තේමාවන් අනුව නිර්මාණය වූ චිත්‍ර අතර, විශේෂයෙන් කැපී පෙනෙන චිත්‍ර කිහිපයක්‌ වෙයි. මවෙක තම සුරතල් දරුවන්ට දක්‌වන ආදරය, තරුණ පෙම් යුවලක්‌ එකිනෙකාට දක්‌වමින් සිටින ආදරය, අඹුසැමි යුවලක්‌ තම දරුවන්ට දක්‌වන ආදරය මෙන්ම තරුණ ළඳක්‌ කුරුලු පැටවුනට කවා පොවා දක්‌වන කරුණාව ආදී මේ එම තේමාවන් අනුව නිර්මාණය වූ චිත්‍ර කිහිපයකි.

"මම කිසිම කලෙක හෝ ඇනකොටා ගැනීම්, මිනීමැරුම්, කෝළාහල, එමෙන්ම වෛරය, ක්‍රෝධය, ආදී සිද්ධීන් චිත්‍රයට නගා නැහැ. මිනිස්‌ සිත් තුළට සෑමවිටම ඇතුළත් කිරීමට උත්සාහ ගන්නේ, ආලය, ආදරය, ශෘංගාරය හා කරුණාව ආදී තේමාවන් අනුව නිර්මාණය කළ සුන්දර සිතුවිලි සමග ඇඳි සිතුවම්ය." මේ සේමගේ චිත්‍ර ශිල්පියා පවසන අදහසකි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ඉගෙනුම ලබන කාලයේ, පාසල් වියෙහිදීම එAක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්‌ කොළඹ කලාභවනේ පැවැත්වීමට තරම් දක්‍ෂතාවක්‌ සේමගේ ශිෂ්‍යයා තුළ තිබිණ. ප්‍රදර්ශනය පැවැත්වීමෙන් පසු චිත්‍ර විචාරකයන්ගේද මහත් ගෞරවයකට පාත්‍ර වූ මේ ශිෂ්‍යයා එම කාලයේදීම එංගලන්තයේ රාජකීය ෙඩ්‍රාaයිං සංගමය මගින් පවත්වන විභාගවල දී ගෞරව පංතියේම සහතික කිහිපයක්‌ දිනාගත්තේය. එවකට පාසලේa සිටි කලා ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි චිත්‍ර කර්ම ගුරු විභාගයට පෙනී සිටින කල බලවත් පෙරැත්ත පරිදි එම විභාගයට පෙනී සිටි ඔහු එම චිත්‍රකර්ම ගුරු විභාගයේ ප්‍රායෝගික කොටසින් උසස්‌ සාමාර්ථයක්‌ ලැබීය. කවදත් අම්බලන්ගොඩ නගරය වෙසක්‌ උත්සව කාලයේ දී වෙසක්‌ තොරණ්‌ වලින් අලංකාර වන නගරයකි. එම කාලයේ ඒකකාරී වෙසක්‌ තොරණ්‌ හයක්‌ හෝ හතක්‌ පමණ නගරයේ ඉදිවනු ඇත. සේමගේ මේ තොරණ්‌ අනුගමනය නොකර අලුත් හැඩයකින්, අලුත් තේමාවලින්, තමාගේ චිත්‍ර ශෛලියක්‌ අනුගමනය කර තොරණක්‌ ඉදි කිරීම නිසා තොරණ්‌ කලාවේ ද මහත් වෙනසක්‌ කළේය. පසුව ඔහු විසින් දිවයිනේ නොයෙකුත් නගරයන්හි "අමුතුම" මුහුණුවරක්‌ ගත් වෙසක්‌ තොරණ්‌ මෙන්ම සංදර්ශන සඳහා ද තොරණ්‌ ඉදි කිරීමේ රුසියෙක්‌ විය.

එවකට පැවති "ගම් උදාව" සංකල්පයේ සෑම තොරණක්‌ම ඉදි කිරීමේ ගෞරවයද සේමගේට හිමි වෙයි. එමෙන්ම එවකට පැවති සෑම රාජ්‍ය උත්සවයකම සැරසිලි හා තොරණ්‌ ඉදිකිරීමට සේමගේ තරම් කෙනෙක්‌ නොවීය. "මහපොළ" සංවත්සරයන් හි ද ඒ සෑම තොරණක්‌ම සේමගේ ගේ නවතම නිර්මාණයක්‌ විය.

"කලාසූරී" ජයසිරි සේමගේ හාපුරා කියා 1975 ප්‍රථම වරට මැලේසියාවේ ක්‌වාලාලම්පූර් නුවර මෙම ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමට අවස්‌ථා ලැබිණ. ලෝකයේ රටවල ප්‍රදර්ශන පැවැත්වුවා පමණක්‌ නොව, ඒ ඒ රටවල පැවති " එක්‌ස්‌පෝ" ප්‍රදර්ශනයන් හි ලංකා ප්‍රදර්ශන කුටි ශ්‍රී ලාංකික මුහුණුවරකින් සැරසිළි කළේ ද සේමගේයි. සිංගප්පූරුවේ "මංගල" විහාරය, මැලේසියාවේ බෞද්ධ විහාරය, ජිනැංගුවේ බෞද්ධ විහාරය මෙන්ම මෑතකදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක්‌ මත නේපාලයේ, ලුම්බිණියේ ඉදිවන ශ්‍රී ලංකා විහාරයේ ද බෞද්ධ සිතුවම් නිර්මාණය සඳහා ද තෝරා ගනු ලැබුවේ සේමගේ යි.

ජනාධිපති සම්මානය වන "කලාසූරී" සම්මානයෙන්ද කලාපති, කලාකීර්ති කලාවිභූෂණ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවේදී සම්මානය, "සන්ෆොa" සම්මානය, සර්වෝදය ජාතික සම්මානය, හා සෝලියස්‌ මැන්දිස්‌ ජාතික සම්මානයෙන්ද පිදුම්ලත් මේ අග්‍ර ගණයේ චිත්‍ර ශිල්පියා ජාතික වස්‌තුවක්‌ සේ රැකිය යුතු දුර්ලභ ගණයේ කලාකරුවෙකි.

 
Powered By -