නිර්වානය මරණයමෙන්අනිවාර්ය නෑ

මහරජ ගැමුණු
සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය


රාජ සභා ශාලාවෙන් පිටතට පැමිණෙන ගාමණී, තවමත් ද්වාරය අසල සිටගෙන කිසිවක්‌ සිදු නොවූ පරිද්දෙන් ඉදිරිය බලාගෙන සිටින දෝවාරිකයාගේ පිටට සන් කරගෙනම ගියේය.

සාමාන්‍යයෙන් රාජ කුමාරවරු එසේ නොකරති. සේවකයන්ගේ පිටට තට්‌ටු දැමීම රාජව්‍රතයනට, කුමාර ව්‍රතයනට පටහැනි දේය. එහෙත්, එසේ කිරීම නිසා දෝවාරිකයාත් ඔහුගේ මුර සෙබළුනුත් කිසියම් ප්‍රහර්ෂයකට පත්වන බව ඔහු දැන සිටියේය. කුමරුවා සතු පරිදිම දෝවාරිකයා මෙතෙක්‌ තම සිත තුළ ඔහු පිළිබඳව රඳවා තිබූ රහසිගත කෝපය ඉන් සිඳ වියළවා දැමීය.

ඔහු අද ඔහුගේ භාර්යාවට පවසන්නට වැදගත් දෙයක්‌ රැගෙන යනු ඇත.

තමාට පෙර රාජ සභා ශාලාවෙන් පිටතට පැමිණි මෑණියන් අතරමග නතරව සිටිනු ගාමණි දුටුවේය. ඒ තම පෞද්ගලික කුටිවලට පිවිසීම සඳහා රාජකීයයන් ගමන් කළ යුතු පඩිපෙළ අසලදීය. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයේ කිසිවකුත් නොගැවසෙති. රාජකීයයන් හැර මෙහි ගැවසෙනවා නම් ඒ ඔවුන්ගේ අංගාරක්‍ෂකයන්ම පමණකි.

කුමාරවරුන්ගේ අංගාරක්‍ෂකයන් දෙදෙනෙක්‌ ඒ මොහොතේද එතැන සිටියහ. සෙල්රූ මෙන් නිහඬව, සෘජුව සිටි ඔවුන් අතරත් මාළිගයේ බිත්ති අතරත් බැලූ බැල්මට වෙනසක්‌ නොවිණි.

,මෑණියෙනි?,

ගාමණී අබය මෑණියන් විමසුවේය.

,අර වෙළෙ¹මේ ගිය නාගයන් අතර ඇත්තටම ඔබේ චරපුරුෂයන් සිටියාද?,

රාජ සභාව තුළදී ඇසිය නොහැකි වූ ප්‍රශ්නය විහාර මහා දේවිය දැන් ගාමණී අබයගෙන් ඇසුවාය.

,නැහැ. ඒ සේරම අහිංසක මිනිස්‌සු, යුද්ධය ප්‍රමාද කිරීමෙන් තවත් අහිංසකයන් මැරෙයි,.

,යුද්ධය හෝ සාමය පියරජතුමාගේ වැඩක්‌. එයට වෙන කිසිවකුත් ඇඟිලි ගැසීම නොයුතුයි,ග

මව තමා අමතන මේ ස්‌වරය තුළ යම් දෘඪ විධානයක්‌ පැවතියත්, ඒ තුළ මේ ප්‍රශ්නය අරභයා වන ඇයගේ මතවාදය නොපවතින බව ගාමණී අබය දනී.

මඳ නිහැඬියාවකට පසු ඔහු මෙසේ කීවේයත

,මේ ඉවසීම අපගේ රාජ්‍යය අනතුරේ හෙළනවා...., අනතුරුව ඔහු කීමට උත්සාහ කළේ රාජ්‍යය අනතුරේ වැටීම රටම අනතුරේ වැටීමක්‌ බවය. එහෙත්, ගාමණී අබය මුවින් මුල් වාක්‍යය නිකුත් වීමත් සමඟම විහාර මහා දේවිය ඔහුට බාධා කරමින් මෙසේ කීවායත

,..... මා කියන්නේ ඊට සූදානම් වීම සඳහා ඔබ මීට වඩා සියුම් ක්‍රමයක්‌ අනුගමනය කළ යුතු බවයි,.

ගාමණී අබයගේ මුහුණ අවබෝධාත්මක සිනාවකින් ආලෝකවත් වන අතරේ විහාර මහා දේවිය එතැනින් නික්‌ම පඩි පෙළ නැඟ පිටව ගියාය.

තමන් සිටින දිශාව පසුකොට යන කුමරුවනට අංගාරක්‍ෂකයෝ දෙදෙනා හිස නවා ආචාර දැක්‌වූහ.

විශේෂ පාෂාණ වර්ගයකින් නිර්මාණය කරන ලද හොඳින් මැද ඔප දැමූ පොළොවේ ගාමණී අබය කුමරුන්ගේ පියවර හඬ මැකීයත්ම, අංගාරක්‍ෂකයෝ දෙදෙන මෙතෙක්‌ තමන් සුරැකි සෙල් රූ ව්‍රතයෙන් මිදී එකිනෙකා දෙස කලබලයෙන් බැලූහ.

,මම හුස්‌ම ගන්නා ශබ්දය වැඩිද?,

කෝඳුරුවා හෙවත් ශක්‌තිමත් මුත් විසුqළු පෙනුමකින් යුත් අංගාරක්‍ෂකයා අනෙකා හෙවත් භාතික නමැත්තාගෙන් ඇසුවේය.

,නිකං, අතැන්වැසියෙක්‌ වගේ හැසිරෙන්න එපා බොල, තැති නොගෙන හිටපං· සැහැල්ලුවෙන් හිටපං··,

,කුමාරයා දුටුවාම මගේ පපුව ගැහෙන හඬ මට හිතෙනවා මාළිගයටම ඇහෙනවද කියලා,.

භාතික හොඳටම කෝප වූයේය. තම සගයා මීට පෙරද මේ අඳෝනාව නඟා තිබේ.

,තගේ පපුව කුම්භ බෙරයක්‌ද මීහරකා· අපේ රාජකාරිය ඉවර වෙනකං කෙඳිරි නොගා හිටු,.

කෝඳුරුවාත්, භාතිකත් දැන් කලෙක පටන්ම රාජකාරි දෙකක්‌ කරති. එකක්‌ මාගම රජ මාළිගයේ ගාමණී අබය කුමරුගේ සහ තිස්‌ස කුමරුගේ සයනාගාර ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ ආරක්‍ෂාව සම්බන්ධයෙනි. අනෙක මාගම රජ මාළිගයේ රහස්‌ තොරතුරු රජරට මාළිගයට සපයන්නන් වශයෙනි. සත්‍ය වශයෙන්ම ඔවුන් සේවය කරන ලද්දේ එළාර රජුගේ විශේෂ ඔත්තු සේවාවකට වූ අතර භාතික නමැත්තා සෘජුවම මිත්‍ර සෙනෙවි යටතේ, කළහනගර, පුලත්ථිගාම, කච්ඡකතිත්ථ, විජිතපුර වැනි ප්‍රදේශවල ඔහුගේ චරපුරුෂයෙක්‌ වශයෙන් සේවය කළ අයෙක්‌ විය. මනා කාය ශක්‌තියකින් යුක්‌ත වූවකු සහ රාක්‍ෂස අංගම් ශිල්පයේ නිපුණයකු වූ ඔහු මීට කලකට ඉහත වේළුසුමන සෙනෙවියා වෙතට පමුණුqවන ලද්දේ ඊටත් කලකට පෙර එළාරගේ ඔත්තු සේවය විසින් මිලදී ගෙන තිබූ කෝඳුරුවා නමැති අංගාරක්‍ෂකයා හරහාය.

කෝඳුරුවා එළාරගේ චරපුරුෂ සේවයට නතු වන්නේ ගුණනිකා නමැති රජ රටින් මාගමට පැමිණි සුරූපී ස්‌ත්‍රිය නිසාය. තමාට කිසි කලෙකත් රූමත් කාන්තාවක්‌ සරණ පාවා ගත නොහැකි යෑයි යන පූර්ව නිගමනයේ පසු වූ කෝඳුරුවාට ගුණනිකා මුණගැසෙන්නේ රජරටින් මාගමට පැමිණි වන්දනා නඩයක සාමාජිකාවක්‌ වශයෙනි. ඇය පරිබ්‍රාජිකා වර්ගයට අයත් චරපුරුෂ කාන්තාවක්‌ බව ඔහු දැන ගන්නේ ඇය සරණපාවා ගෙනත් බොහෝ කාලයකට පසුවය. ශරීරයෙන් ශක්‌තිමත් මිනිසකු වුවත් ඔහු මනසින් ඉතා දුර්වල මිනිසකු විය. ගුණනිකා විසින් දන්වන ලද ඒ තොරතුරුවලට අනුවය, මිත්‍ර සෙනෙවි විසින් කෝaඳුරුවාගේ සහායට භාතික නමැති සුවිශේෂ ඔත්තුකරුවා මාගම රජ මාළිගයට රිංගවනු ලබන්නේ.

වසර ගණනාවක්‌ යනතුරුම ඔත්තුවක්‌ දෙකක්‌ සැපයීම හැර වෙනත් බරපතල කාර්යයක්‌ රජරට විසින් ඔවුන්ගෙන් අපේක්‍ෂා නොකෙරිණි.

එහෙත්, දැන් දින කීපයක පටන් තත්ත්වය එසේ නොවේ.

,මගේ පපුව ගැහෙන වේගයට, මීට වඩා සැපවත් ජීවිතයක්‌ ගත කරන්න අපට රජරටට යන්න ලැබෙයිද කියලා මට සැකයි,ග

කොAaඳුරුවා ගුණනිකාට කීවේය. ගුණනිකා සුපුරුදු පරිදි සෙමෙන් ඔහුගේ කණක්‌ සැපුවාය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ

මාගම රාජධානියේ මහා විහාරයන් ද්වයක්‌ ද විහාර සම්ප්‍රදායන් ද්වයක්‌ද විය. මෙයින් අරණ්‍ය වාසී භික්‍ෂූන් වහන්සේගේ මධ්‍යස්‌ථානය සිතුල් පව්ව වූ අතර ග්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේගේ මධ්‍යස්‌ථානය වූයේ තිස්‌සමහාරාමයි.

බුදුන් වහන්සේ සිහලද්වීපයට වැඩම කළ තෙවන අවස්‌ථාවෙහි පන්සියයක්‌ රහතන් වහන්සේලා සමඟ සමාපත්ති සුවයෙන් වැඩ සිටිය භූමිය වශයෙන්ද, උන්වහන්සේගේ ලලාට ධාතුව නිදන්කොට (දැන් ප්‍රකාශ කෙරෙන්නේ මෙහි බුදුන්aවහන්සේගේ දකුණ අකුධාතුව නිදන්කොට ඇති බවය.) කාවන්තිස්‌ස රජතුමා විසින් ගොඩනඟන ලද චෛත්‍යය ඇතුළු මහා ආරාම සංකීර්ණයම සහිත ස්‌ථානය වශයෙන් ද මෙය හඳුන්වනු ලැබේ.

සිහල ද්වීපයේ මහා බෞද්ධ ආරාම හුදු ආගමික මධ්‍යස්‌ථාන පමණක්‌ වූයේ නොවේ. ඒවා මහජනතාවට ප්‍රඥව හා දැනුම ලබා දුන් තක්‌aසලාවන් වූ අතරම දේශපාලනමය වශයෙන් ජනතාව සහ රාජ්‍යය අතර සංවේදී සබඳකම් දියුණු කළ සුවිශේෂ ස්‌ථාන ද විය.

රජරට රාජධානියේ මේ ප්‍රභූත්වය ඉසිලූ මහා විහාරය එළාර ආක්‍රමණයත් සමඟ දැඩි නිහඬ බවක සිටිය ද මාගම රාජධානියේ තත්ත්වය ඊට මුළුමනින්ම වෙනස්‌ විය. එහි "මහාවිහාර භූමිකාව" ඉටු කරනු ලැබුවේ තිස්‌සමහාරාමයේ සඟ පරපුර විසිනි. රාජ්‍යයේ ඇතැම් ප්‍රශ්න සේම රජ මාළිගයේ ප්‍රශ්න ද සාකච්ඡා කිරීම එයට අලුත් අත්දැකීමක්‌ නොවේ.

අවට දැඩි අන්ධකාරය විසින් ගිලගත් මේ සෞම්‍ය නොවන රාත්‍රියේ, තිස්‌සමහාරාම විහාර සංකීර්ණයේ පිහිටි සිලාපස්‌සය පිරිවෙනේ සියලුම පහන් දල්වා තිබිණ.

ප්‍රධාන ධර්මශාලාවේ සෘජුකෝණාශ්‍රාකාර හැඩයට පණවා ඇති දිගු මිටි මේස ඉදිරිපිට මහා සංඝයා වහන්සේ අසුන්ගෙන සිටියහ. ඔවුන් අතර මහා සිව මහා ස්‌ථවිරයෝ ද, ගෝධගත්ත තිස්‌ස, ත්‍රිපිටක තිස්‌ස, බු-ජතිස්‌ස, ගෝතම වැනි අනෙකුත් මහතෙරවරුද වැඩසිටියහ. ඉතා විශේෂයක්‌ වූයේ කාවන්තිස්‌ස රජතුමාද, විහාර මහා දේවියද. මේ අවස්‌ථාවට සහභාගීව සිටීමය. සෘජුකෝණාශ්‍රයේ කුඩා පාදයකට අයත් පෙදෙසක බිම එළන ලද සළුවක්‌ මත ඔවුහු වාඩිවී සිටියහ.

එය ඉතා උණුසුම් සාකච්ඡාවක්‌ විය, සම්මන්ත්‍රණයක්‌ විය.

මහාසිව මහාස්‌ථවිරයෝ අන්තිමේදී මෙසේ කී සේක.

,.......... ඔහු වෙනස්‌ කෙනෙක්‌, ඔහු පැමිණියේ කොහොමද, පැමිණියේ කුමකටද කියන කාරණය දන්නේ බිසවුන් වහන්සේ විතරක්‌ නොවෙයි මගෙ හිතේ.......,

මීට වසර විසිපහකට එහා සිදුවූ ඓශ්චර්යවත් සිදුවීම කාවන්තිස්‌ස රජතුමාට අමතකව තිබුණා නොවේ. තමන් දැන් මේ සිටින්නේ ද ඊට පදනම් වූ ස්‌ථානයේ බව ඔහුට අමතක වූවාද නොවේ.

,ප්‍රශ්නය ඔහුව පාලනය කරන්න බැරි එකයි.,

රඡ්ජුරුවෝ කීහ.

,ඔහුව පාලනයන් කරන්න අප කාටවත් බැහැ. අනෙක ඔහු බාලයෙක්‌ නොවෙයි. සංසාරික වයස අනුව ඔහු අප සියල්ලන්ටත් වඩා වැඩිමහල්ලෙක්‌.,

මහා ස්‌ථවිරයෝ ප්‍රකාශ කළහ.

,මට වැටහුණේ නැහැ ස්‌වාමීනි·, යි මෙහිදී කාවන්තිස්‌ස රජු ප්‍රකාශ කළේ ඔහුට එය නොවැටහුණුqq නිසාම නොවේ, ඒ මහා ගැඹුරු ආගමික චින්තාව තමන් මුහුණ දී සිටින දේශපාලන යථාර්ථයට අදාළ නොවන්නේ යෑයි අන්‍යාලාපයකින් ප්‍රකාශ කොට සිටීමටය.

ධර්මය නැතහොත් දර්ශනය,

තම පරමාදර්ශය බවත් සුමිතුරා බවත් ගුරුවරයා බවත් ප්‍රකාශ කිරීමට දේශපාලනය හැමවිටම කැමතිය. එහෙත් එය තමනට සරසක්‌ වන ඕනෑම විටෙක දෙවරක්‌ නොසිතා අත්හැර දැමීමද එසේaත් නැතහොත් එය තම මිතුරා හෝ ගුරුවරයා නොව වහලා බවට පත්කර ගැනීමට උත්සාහ කිරීමද දේශපාලනයේ සාමාන්‍ය සිරිතය.

රජුට ඇත්ත වශයෙන්ම අවශ්‍යව තිබුණේ ගාමණී අබයගේ හිතුවක්‌කාරකම් පිළිබඳව සංඝයාවහන්සේ ලවා ඔහුට අවවාද අනුශාසනා කරවීමය. ගාමණී අබය, භික්‌ෂූන් වහන්සේ කෙරෙහි පැවැති විශ්මය ජනක පක්‍ෂපාතීත්වය කාවන්තිස්‌ස රඡ්ජුරුවන් පමණක්‌ නොව මුළු මහත් රාජ සභාවම දැනසිටි කරුණක්‌ විය.

මහා ස්‌ථවිරයෝ මේ සියලු සත්‍යයන් අවබෝධ කොට සිටියෝය. එහෙත්, තමා විශ්වාස කරන පොදු සත්‍යය ප්‍රකාශ කිරීමට ඒ කිසිවක්‌ බාධාවක්‌ කොට නොගත්හ.

..ඔහු පැමිණියේ පරිත්‍යාගයක්‌ කරන්න. අහිංසාව පදනම් කොටගත් ධර්මය අහිංසාව පදනම් කොටගත් විද්‍යාව ආරක්‍ෂාකොට දෙන්න. ඒ අපේ රට වෙනුවෙන් විතරක්‌ නොවෙයි මුළු මහත් මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්මයි...

..ඔබ වහන්සේ ගාමණී අබය අතිශයෝක්‌තියෙන් වර්ණනා කරනවා යෑයි මා නොසිතා ඉන්නම්...

රජුගේ ප්‍රකාශය තුළ මඳ අමනාපයක්‌ දැවටී තිබිණ.

ස්‌ථවීරයෝ මෙසේ ඇසූහත

..පින්වත් මහරජතුමාගෙන් මා ප්‍රශ්නයක්‌ ඇසිය යුතුයි. ඔබේ අවසාන ප්‍රාර්ථනය කුමක්‌ද?..

..මේ සංසාර ගමන නිමාකර ගැනීම, නිර්වාණය අවබෝධකොට ගැනීම...

ර-ජුරුවෝ නොපැකිලව කීහ.

..අප කාගේත් ප්‍රාර්ථනය එයයි. එහෙත් නිර්වාණය මරණය මෙන් අනිවාර්යයෙන්ම ලැබෙන්නක්‌ නොවෙයි. එය වැර වෑයමෙන් ලබාගත යුතු දෙයක්‌. ඊට මඟ පෙන්වන්නේ ධර්මයයි...

..මා දන්නවා ස්‌වාමිනි ධර්මය මේ සසරින් අප එතෙර කරන ඔරුවක්‌ වගේ...

මහා ස්‌ථවිරයන් මුව මඳ සිනහවක්‌ නැගිණි. සාකච්ඡාව අවසාන වශයෙන් යොමුකළ යුතු තැනට රඡ්ජුරුවෝ ඔරුවකින්ම පැමිණ සිටිති. මඳක්‌ උගුර පෑදු ස්‌ථවිරයෝ සන්සුන්ව මෙසේ කීවෝය.

..අප පමණක්‌ එගොඩ වූ පසු ඔරුවට කුමක්‌ වුවත් කමක්‌ නැද්ද? එගොඩ නොවූවන් වෙනුවෙන් ඔරුව සුරැකිය නොයුතුද? ගාමණී අබයගේ උත්සාහය ඔරුවෙන් එගොඩවීමට වඩා ඔරුව සුරැකීමයි. එය මහා පරිත්‍යාගයක්‌. හරියට උදම් රළ රට ගිලගත් මොහොතේ අනෙකුත් මනුෂ්‍යයන් වෙනුවෙන් මුහුදු රකුසාට බිලිවීමට ඉදිරිපත් වූ මේ ශ්‍රේෂ්ඨ කාන්තාව කළා වගේ පරිත්‍යාගයක්‌...

සියල්ලන්ගේම දෙනෙත් නිහඬව සිටින විහාර මහාදේවිය වෙත යොමුවූ අතර ඇය තවදුටත් නිහඬව සිටියා පමණි.

ෆ ෆ ෆ ෆ ෆ

..මම ඔහුගේ මුහුණට භයයි..ග

කෝඳුරුවා කෙඳිරියක හඬින් භාතිකට කීවේය. ඔව්හු රාත්‍රියට මාළිගයේ වැඩි වශයෙන් අඳුර රජකරන ප්‍රදේශයක සැඟවී සිටියහ.

පසුගිය මාස කීපය තුළ මාගම රාජ්‍යයේ සිදු වූ විපර්යාස රැසකි. යුද්ධයක්‌ සඳහා අවසර නොදුන්නත් විශාල වශයෙන් සටන් පුහුණු කඳවුරු පැවැත්වීමටත් වැඩිවශයෙන් හමුදාවනට මිනිසුන් බඳවා ගැනීමටත් රජු විසින් ගාමණී අබයට අවසරදී තිබිණි.

ඊට ප්‍රතික්‍රියා වශයෙන් රජරට ද එසේ කළ අතර දුර්ගම සංග්‍රාමික කණ්‌ඩායම්වල සහ චරපුරුෂ සේවාවල කටයුතුද වඩාත් සක්‍රීයව ඇතැයි දනන් තුඩ තුඩ පැතිර ගියේය.

ඒ සමගම වාගේ පැතිර ගිය කතාවක්‌ වූයේ ගාමණී අබය ඝාතනය කිරීම සඳහා එළාර රජු විසින් මිනිසුන් ඉතා ගුප්ත ලෙස මරා දැමිය හැකි තුෂ්ණිදණ්‌ඩ වර්ගයේ චරපුරුෂයකු මාගමට එවා ඇති බවය. පුදුමයකට මෙන් මිනිසුන් ඔහුගේ නමද දැන සිටි අතර ඔහු හඳුන්වන ලද්දේ පරභුක්‌ත වශයෙනි.

මේ තොරතුරු මාත්‍රයන් කුමක්‌ වුවද තම්බලගාමයේ සිට මහානිගම, වාකිරිගල, වෙනගල, නාලන්ද, නිලගම හරහා රට මැදින් අනුරාධපුරයට යන මාර්ගය වාකිරිගලින් තාවකාලිකව වසාදැමුණු අතර අනෙක්‌ ප්‍රධාන මාර්ගය වූ ගුත්තහාලක මහාඅම්බිලපිට්‌ඨියංගන මහියංගන, රණමුරේ පුලස්‌ථිගාම හරහා අනුරාධපුරයට යන මාර්ගය මහියංගනයෙන් මෙහාට රැකවලුන්ගේ දැඩි පරීක්‍ෂාවට ලක්‌විය.

කොහොමටත්, මහවැලි ගඟත් මධ්‍ය කඳුකරයත් නිරිත දිග වගුරුබිම් සමූහයත් තවදුරටත් රෝහණ රාජ්‍යයේ ස්‌වභාවික යෝධ ආරක්‍ෂකයන් හැටියට පැවතිණි. වේළුසුමන සෙනෙවිභාරයේ පැවැති මාළිගයේ අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතුවල සහාය පිණිස සෙනෙවි නන්දිමිත්‍ර ද අනුයුක්‌ත කෙරුණු අතර රාජකුමාරවරුනට රාත්‍රී කාලයේ මාළිගයෙන් පිටවී යැම තහනම් කෙරිණ. පරභුක්‌තකයා විශේෂයෙන් රාත්‍රී කාලයේ පහර දෙන්නෙකු යෑයිද මතයක්‌ පැවති නිසාය.

පරභුක්‌තකයා පිළිබඳ භ්‍රමය කුමක්‌ වුවද සංචාරක චරපුරුෂ නියෝජිතයන් මගින් තමාට ලැබුණු සංකේතාත්මක තොරතුරු නිවැරදිව පරිවර්තනය කළ ගුණනිකා කෝඳුරුවාටත් භාතිකටත් දන්වා සිටියේ ගාමණී අබය පිළිබඳ කටයුතු ඉක්‌මනින්ම නිමාකළ යුතු බවය.

කෝඳුරුවාත්, භාතිකත් අහුමුල්ලක සැඟවී සිටින්නේ ඒ නිසාය.

හිටිවනම එහා මෙහා යන අතාවුදයකු හැරුණු විට මේ මොහොතේ වෙනත් කිසිවෙක්‌ මෙතැනින් ගමන් නොගන්නා බව ඔව්හු දනිති. මේ වූ කලී මාළිගය තුළ සිට යමකුට පිටතට යා හැකි එතරම් භාවිත නොවන ප්‍රදේශයෙකි. ගාමණී අබය කීපවිටක්‌ම තනිවම රහසින් මෙම මගින් පිටව යනු ඔව්හු කීපවිටක්‌ම නිරීක්‍ෂණය කොට ඇත්තෝය. අදද ඔහු මෙතැනින් රහසිගත ලෙස පිටවී යැමට පැමිණෙනු ඇත. තව හෝරාවක්‌ ඇතුළත මුළු සිහලද්වීපයම කලඹන තොරතුරක හිමිකාරයන් වීමට නියමිත චරපුරුෂයන් දෙදෙන වෙනත් අංගනවල සිට මෙම ස්‌ථානයට පැමිණෙන සියලු දොරටු දෙස එකපැහැර බලා සිටියෝය.

කෝඳුරුවා යළිත් කෙඳිරි ගෑවේය.

..මම ඔහුගේ මුහුණට භයයිෘ..

වේළුසුමන අංගාරක්‍ෂකයන් වුවද ප්‍රභේද කොට තිබිණි. එනම්, රාජකීයයන් සමීපයටම පැමිණිය හැකි සහ වියත් කීපයක්‌ දුරින් සිටින්නන් වශයෙනි. කාගේත් සිත් දිනාගෙන සිටි කෝඳුරුවා රාජකීයයන් ඉතා සමීපයටම යාහැක්‌කෙකි. භාතික එවැන්නෙක්‌ නොවේ. ගාමණී අබය ඝාතනය කිරීම කෝඳුරුවාටම පැවරෙන්නේ ඒ අනුවය.

..මෙහෙම කරපන්..

මඳක්‌ කල්පනා කළ භාතික කීවේය. මේ වූ කලී නොසන්සුන් මිනිසාට චරපුරුෂ ආචාර ධර්ම උගැන්විය හැකි වේලාවක්‌ නොවේ. ගාමණී අබයගේ මුහුණ බලන්නට භය එකා ඔහුගේ හදවතට කිණිස්‌සෙන් අනින්නේ කෙසේද?

..කොහොමද?..

කෝඳුරුවා කෙඳිරීය. ඔහුගේ හඬ දැන් ඔහුටවත් නොඇසෙන ගානය. උගුර කට වියළී ඇති නිසාය.

දොර ළඟදී නුඹ කියනවා මහරජුගේ අණ පරිදි කුමාරයාණන්ට එළියට යන්න දෙන්න බැහැ කියලා. එතකොට ඔහු ආපසු හැරෙනවා. අන්න එතකොට භය නැතුව පිටුපස්‌සෙන් ඇනපං මොනම මිනිහකුටවත් පිටුපස්‌සට ඇස්‌ නැහැ...

..ඇත්තද?..

..ඇත්තද කියල අහන්නෙ. පිටිපස්‌සට ඇස්‌ තියෙන මිනිස්‌සු උඹ දැකල තියෙනවද? නිකං තෝන්තුවෙන් කියවන්නෙ නැතුව වැදගත් ප්‍රශ්නයක්‌ අහපං...

..කුමාරයා හැරෙයිද?..

..අන්න හොඳ ප්‍රශ්නයක්‌, කුමාරයා හැරුණොත් රජරටේ වාසනාව, ඒ කියන්නේ අපේත් වාසනාව නොහැරුණොත් ඉතිං රුහුණු රටේ වාසනාව...

..අනේ කුමාරයාණෙනි, ගැත්තා කෙරෙහි අනුකම්පාකොට මා රාජ නියෝගය ප්‍රකාශ කළ විට ආපසු හැරෙන්නෘ..

කෝඳුරුවා දෙනෙත් වසා තමන්ටම මතුරා ගත්තේය.

..ඒයිෘ..

එකෙනෙහිම භාතික කෝඳුරුවා ඇමතීය. සුපුරුදු මාර්ගයෙන් හුදෙකලා අංගනයට බට ගාමණී අබය ඉක්‌මන් ගමනින් තමන් සිටින පැත්තට එනු පෙනේ.

ඔව්හු ඉක්‌මණින් තමන් ඉදිරියෙන් තිබෙන ද්වාරයට දිව ගියහ. මෙහි මුර සෙබළුන් ඇත්තේ දොරටුවට පිටතින් බව ඔව්හු දනිති.

ගාමණී අබය දොරටුව අසලට පැමිණියේය. අංගාරක්‍ෂකයෝ තමනට ඔහුට ළඟාවිය හැකි නිශ්චිත දුර ප්‍රමාණවල සිට ආචාර කළහ.

වෙනදා තමා විසින්ම ඉවතට තල්ලුකරන දොරපියනට අත නොතබා ගාමණී තම අංගාරක්‍ෂකයනට ඔවුන් මහත් අභිරුචියක්‌ කරන රාජකාරියට ඉඩහළේය.

..දොරෘ..

(ලබන සතියේ තවත් කොටසක්‌)

 

 

 
Powered By -