මොසාබ්ගේ කතාව කියවන්න

ශේaaක්‌ හසන් යූසුෆ් හමාස්‌ සංවිධානයේ ආරම්භක නායකයෙකි. පලස්‌තීනයේ රමාලාහ් නුවරට ආසන්න අල් ගානියා හි ඉපදුණු මොහු හමාස්‌ ත්‍රස්‌ත සංවිධානයේ නායකයකු නිසා කිහිපවිටක්‌ම ඊශ්‍රායල් අත්අඩංගුවට පත්ව සිරබත් කන්නට සිදුවිය. 2004 නොවැම්බර් මාසයේ මොහු නිදහස්‌ කරනු ලැබුවද නැවතත් 2005 සැප්තැම්බර් මාසයේ යළිත් ඊශ්‍රායල් අත්අඩංගුවට පත්විය. හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ඇති අංක එකේ සතුරෙකි. එය ආරම්භ කරනු ලැබුවේ 1987 දීය. මේ හමාස්‌ සංවිධානයේ නායකයකු වන යූසුෆ්ගේ පුතා ගැන එනම් මොසාබ් හසන් යූසුෆ් ගැන අද ලොවෙහිම අවධානය යොමුව ඇත. එA මන්ද ඔහු සිය පියාගේ සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයට ඔත්තු සපයා ඇති බැවිනි. මේ සියලු විස්‌තර ඇතුළත් Sධභ ධF HAඵAS ග්‍රන්ථය පසුගියදා නිකුත් වූ අතර මේ ග්‍රන්ථය මහත් ආන්දෝලනාත්මක කෘතියක්‌ වන බවට නම් කිසිදු සැකයක්‌ නැත. මොසාබ් අද වෙසෙන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේය. මොසාබ් ඊශ්‍රායලයේ අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතු මෙහෙය වන ශින්බෙට්‌ හි ඔත්තුකාරයකු වූයේ 1996 දීය. හිබෲ භාෂාවෙන් ශබාක්‌ නමින් ද හඳුන්වන අතර මොවුනගේ තේමා පාඨය වන්නේ "අදිසි පලිහ" යන්නයි. මොසාඩ් සංවිධානය ඊශ්‍රායලයෙන් පිටත බුද්ධි මෙහෙයුම්වල නිරත වෙයි. මොසාබ් ඊශ්‍රායලයේ ආරක්‍ෂක අංශවලට කෙතරම් වැදගත් වූවාද යත් ඔහු හඳුන්වනු ලැබුවේ ,ඨරුeබ චරසබජැ, ලෙසය. ශින්බෙට්‌හි හිටපු නියෝජ්‍ය ප්‍රධානියකු මෙන්ම වර්තමානයේ ඊශ්‍රායෙල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගිඩියොන් එස්‌රාද ඊශ්‍රායල් පුවත්පතකට මොසාබ් සිය රටට ඉතාම වැදගත් වූ ඔත්තුකාරයකු බව හෙළි කර ඇත. එස්‌රා පවසන අන්දමට මොසාබ් මුලින්ම ශින්බෙට්‌ ඔත්තුකරුවකු බව පත්කර ගැනීමට හැකිව තිබෙන්නේ ඔහු ඊශ්‍රායල් අත්අඩංගුවට පත්වූ පසුවය. මොසාබ්ගෙන් ලද බුද්ධි තොරතුරු නිසා ඊශ්‍රායල් ආරක්‍ෂක අංශවලට සිය ගණනක්‌ මිනිස්‌ ජීවිත බේරාගැනීමට හැකිව තිබේ.

මොසාබ් 2007 දී ක්‍රිස්‌තියානි ආගම වැළඳගත් අතර ඔහු දැන් ප්‍රබල ලෙස මුස්‌ලිම් ආගමට පහර දෙයි. ඊශ්‍රායල් බන්ධනාගාරයේ සිටින මොසාබ්ගේ පියා එනම් ෂේක්‌ හසන් යූසුෆ් නම් සිය දරුවා ආගම වෙනස්‌ කිරීම ගැන දැඩි ලෙස කනගාටුවී ඇත. ෂේක්‌ යූසුෆ්ගේ නීතිඥවරයා ප්‍රකාශ කරන්නේ මොසාබ් 1996 දී එනම් 17 හැවිරිදි වියේ සිට ඊශ්‍රායල ඔත්තු සේවයේ ගොදුරක්‌ බවට පත්වුණු බවයි. ඊශ්‍රායල් ඔත්තු සේවා මොහු පීඩනයට ලක්‌ කරමින් කප්පම් ගෙවමින් මොහු පාවිච්චි කළ බවයි. මොසාබ්ගේ වැඩිමහලු සොහොයුරා වන ඕවේස්‌ යූසුෆ් ප්‍රකාශ කරන්නේ සිය සොහොයුරා තමන්ට වසරකින් පමණ කතා කර නැති බවත් මේ කියන සියල්ල මුසාවක්‌ පමණක්‌ යන්නයි. හමාස්‌ සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මුෂිර් අල් මස්‌රි ප්‍රකාශ කරන්නේ පලස්‌තීන ජනයාට එරෙහිව ඊශ්‍රායලය මගින් මානසික යුද්ධයක්‌ ආරම්භ කර ඇති බවයි.

32 හැවිරිදි මොසාබ් ලබාදුන් ඔත්තු නිසා ඊශ්‍රායල ආරක්‍ෂක අංශයන්ට හමාස්‌ සංවිධානයේ වැදගත්ම නායකයන් අත්අඩංගුවට ගැනීමටත් විනාශ කිරීමටත් හැකිවිය. ඒ.පී. පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක්‌ සඳහා මොසාබ් පැමිණියේ ආරක්‍ෂක භටයන් ද පිරිවරාගෙනය. සැබවින්ම ඊශ්‍රායල් ඔත්තු සේවා දිගින් දිගටම ඔහුට ආරක්‍ෂාව සපයන බවට සැක නැත. මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු හමාස්‌ සංවිධානයටත් මුස්‌ලිම් ආගමටත් කෙලින්ම පහර දුන්නේය. මුස්‌ලිම් ආගම සම්බන්ධව ඔහු කරන ප්‍රකාශ ඉතාම දරුණු වන අතර එය ලොව පුරා බලවත් ආන්දෝලනයකට ලක්‌විය හැකිය. "හමාස්‌ සංවිධානය ඇත්තටම මධ්‍යධරණී යුගයේ මතයක්‌ ඇති සංවිධානයක්‌. ඔවුන් අදට කොහොමත් ගැලපෙන්නේ නැහැ. මුස්‌ලිම් ආගම සාමයේ ආගමක්‌ නොවෙයි" යනුවෙන් මොසාබ් ප්‍රකාශ කරයි. Sධභ ධF HAඵAS ග්‍රන්ථය මගින් මොසාබ් ශින්බෙට්‌ සංවිධානයේ මෙහෙයුම්වලට තමා කෙතරම් දායක වූවේදැයි සඳහන් කරයි. සිය සංවිධානයේ ප්‍රධානීන් ඊශ්‍රායල් ආරක්‍ෂක අංශ මගින් විනාශවී යැම ගැන කිසිදු අවබෝධයක්‌ හමාස්‌ සංවිධානයට නොතිබූ බව හෙතෙම සටහන් කරයි. එක්‌ අවස්‌ථාවක ඔහු දුන් ඔත්තුවක්‌ නිසා ඊශ්‍රායල් ජනපති ෂිමොන් පෙරෙස්‌ට ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට හැකිවිය. එමෙන්ම ඔහු ඊශ්‍රායල් හිටපු අගමැති එAරියල් ශැරොන්ගේ ඝාතන ප්‍රයත්නයක්‌ ද වැළකූ බව සඳහන් කරයි. මේ සියල්ල සටහන් කරන මොසාබ් බී.බී.සී. රූපවාහිනි කණ්‌ඩායමක්‌ සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ තමා සිය පියාට කිසිම දොසක්‌ නොකියන බවත් ඔහු වැරැදිකාර පුද්ගලයකු නොවන බවත්ය. මොසාබ් වැරැදිකරු ලෙස හඳුන්වන්නේ මුස්‌ලිම් ආගමය. "ඇත්තෙන්ම මේ පොතක්‌ පිටවෙන අවස්‌ථාවේ මේ ගැන පවුලේ අයත් එක්‌ක සැමරිය යුතුයි. එහෙත් එය කරන්නට බැහැ. එA ගැන කනගාටුයි. මම මගේ තාත්තාගේ කිසිම වරදක්‌ දන්නේ නැහැ. මගේ තාත්තා තමයි මගේ ජීවිතයට ඉතාම වැදගත් පුද්ගලයා. වරද ඔහුගේ නොවෙයි. දෙවියන්ගෙයි." මුස්‌ලිම් ආගමට තදින් පහර දෙන මොසාබ් කියන්නේ තමාට සැඟවී ජීවත්වීමට අවශ්‍ය නැති බවයි.

කවරක්‌ නමුත් දැන් මොසාබ් ඊශ්‍රායල් ඔත්තුකාරයකු නොවේ. ඔහු එA කටයුත්තට 2007 දී සමු දුන් වග සිය ග්‍රන්ථයේ සටහන් කර ඇත. Sධභ ධF HAඵAS ග්‍රන්ථයේ හමාස්‌ සංවිධානය සිදු කරන දරුණු ත්‍රස්‌තවාදී ක්‍රියා ගැනද මහා විස්‌තරයක්‌ සපයා ඇත. මුස්‌ලිම් ආගම අත්හැරි ඔහු දැඩි ක්‍රිස්‌තියානි භක්‌තියකු වී ඇති බව මේ ග්‍රන්ථය කියවීමේදී වැටහෙන බව විචාරකයෝ පවසති. මොසාබ් හසන්ගේ මේ ග්‍රන්ථය පලස්‌තීනයත් හමාස්‌ සංවිධානයත් වෙව්ලුම් කන පුවත්වලින් ගහණ වන බවට සැක නැත. හමාස්‌ සංවිධානයේ නායකයකුගේ පුත්‍රයා තමන්ගේ ඔත්තුකාරයකු බවට පත් කරගැනීමට හැකිවීම මගින් ඊශ්‍රායල් ආරක්‍ෂක අංශවල සුවිශේෂී හැකියාව මනාව ප්‍රගුණ වන බව පැහැදිලිය.

එක්‌ ආගමකින් තවත් ආගමකට ගොස්‌ සිය උපන් ආගමට පහර ගැසීම අපට අනුමත කළ නොහැක. එම නිසා අපට මොසාබ් කියන දෙයත් ඔහු මුස්‌ලිම් ආගම ගැන කියන දෙයත් දැකිය හැක්‌කේ මධ්‍යස්‌ථවය. මොසාබ් කවර චරිතයක්‌ ඇති පුද්ගලයෙක්‌ දැයි අපට පැහැදිලි නැත. දැන් ඔහු තමා උපන් පලස්‌තීනයට නම් ෙද්‍රdaහියකු වී ඇත. එය ඔහුගේ වැරැද්ද ද නැත්නම් පලස්‌තීනයේ වැරැද්ද ද ආගමේ වැරැද්ද ද යන්න පිළිබඳ නිගමනවලට බැසීම අපට කළ නොහැකිය. එහෙත් මූලධර්මවාදය ප්‍රතික්‍ෂේප කළ යුතුය. ක්‍රිස්‌තියානි මූලධර්මවාදය මෙන්ම මුස්‌ලිම් මූලධර්මවාදය ප්‍රතික්‍ෂේප කළ යුතුය. මොසාබ් සිය ග්‍රන්ථය හරහා හමාස්‌ මූලධර්මවාදය ගැනත් තමාගේ ඔත්තුකාර ජීවිතය ගැනත් වැදගත් තොරතුරු ලෝකයට ප්‍රකාශ කරයි.

චතුර පමුණුව

 
Powered By -