ව්‍යවස්‌ථා සංශෝධන
ජනපතිගේ දෙවැනි ධුර කාලයට පෙර

රනිල් ධර්මසේන

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමට පෙර වත්මන් ව්‍යවස්‌ථාවේ සංශෝධන සිදු කර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පක්‍ෂ නායකයන් කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය, පරිපාලන ක්‍රමය. කොමිෂන් සභා ඇතුළු විධිමත් පාලන තන්ත්‍රයකට අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි ධුර කාලය සම්පූර්ණයෙන්ම රටේ දියුණුව වෙනුවෙන් වෙන් කිරීමට සැලසුම් කර ඇති නිසා ඊට පෙර, ඊට අවශ්‍ය නීතිමය කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.

 

 
Powered By -