ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ධාතු වැඩම කරවති

අශෝක වන්නිආරච්චි

ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ශුද්ධ වූ ධාතුව (හදවත) ඉතාලියේ පාදුවා නගරයේ සිට අද පස්‌වරුවේ ශ්‍රී ලංකාවට වැඩම කරවති.

කටුනායක ගුවන් තොටුපළේ අද පස්‌වරු 1.30 ට මේ නිමිත්තෙන් විශේෂ ආගමික උත්සවයක්‌ පැවැත්වෙන අතර කොළඹ අගරදගුරු අති උතුම් දේවධර්මාචාර්ය මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ 175 වැනි සංවත්සරය නිමිත්තෙන් අගරදගුරු මැල්කම් රංජිත් හිsමිපාණන්ගේ ඉල්ලීමක්‌ අනුව ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ ආශ්චර්යාත්මක සිද්ධස්‌ථානයේ සිට අන්තෝනි මුනිතුමාගේ තවමත් නොදිරා පවතින හදවතේ ශුද්ධ වූ ධාතුව අඩංගු කරඬුව සහිත ප්‍රතිමාව වැඩම කෙරේ.

අනතුරුව ගුවන්තොටුපළේ සිට දර්ශනීය රිය පෙරහැරකින් මෙම ශුද්ධ වූ ධාතුව කොච්චිකඩේ සිද්ධස්‌ථානය කරා වැඩම කෙරෙන අතර මෙම 10 වැනිදා සිට 23 දා දක්‌වා දිවයිනේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් නමින් කැපකර ඇති දේවස්‌ථානය කරා එය ගෙන යනු ලබයි.

 

 
Powered By -