නවකතා කෙටිකතා ප්‍රේමකතා
සුරංගනා කතා හා ඥනකතා ගැන
ජනපති රහසක්‌ හෙළිකරයි


නාමයෝජනා පත් භාර දීමත් සමගම අපේ දේශපාලන පොර පිටිය කඩි ගුලක්‌ ඇවිස්‌සුනාක්‌ මෙන් කලබලකාරී එකක්‌ වූයේය. දේශපාලනඥයෝ පක්‍ෂ අභ්‍යන්තරවත් බාහිරවත් සිට සුපුරුදු දේශපාලන පොරයේ යෙදී සිටින ආකාරය පසුගිය සතියේ කාට කාටත් දැක ගන්නට ලැබෙන සුලබ දසුනක්‌ වූහ.

පසුගිය සතියට පෙර සතියේ නම් දේශපාලනඥයෝ පොරකෑමක නිරතවී සිටියේ ඒ ඒ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක ලැයිස්‌තුවලට නම් ඇතුළත් කර ගැනීම සඳහා ය. සමහරු පොරකෑවේ ලැයිස්‌තුවට ඇතුළත් වූ නම නාමයෝජනා භාර දෙන දිනය තෙක්‌ රැක බලා ගැනීමටය. තවෙකකු පොරකෑවේ තවෙකකුගේ නමක්‌ ලැයිස්‌තුවෙන් ඉවත් කිරීම සඳහාය. මේ කප්පරක්‌ ගැටලු ප්‍රශ්න ගාලගෝට්‌ටි නිසා ඒ ඒ පක්‍ෂ ලේකම්වරු සිටියේ දිවා රෑ නොකා නොබී නොනිදා යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. සමහර බලවත් ඇමැතිවරු හා නායකයෝ නාමයෝජනා සකස්‌ කරන අවසන් දින දෙක තුන තුළ සිටියේ දුරකථන විසන්ධි කර අස්‌ථානගතවය. නැතිනම් අසනීප ගති මවා පා රෝහල්ගතවය.

26 වැනිදා නාමයෝජනා පත් අවසාන වශයෙන් භාර දීමත් සමගම එම යුද්ධය අවසන් විය. ඉන්පසු එදා පටන් ආරම්භ වූයේ මනාප පොරයයි. මනාප පොරය පෝස්‌ටර් පොරය පෝස්‌ටර් ගැහීමට තාප්ප බෙදා ගන්නට පොරය ආදී සකලවිධ දේශපාලන පොරකෑම් මැද දේශපාලන ක්‍රියාකාරකම් ද ගණනාවක්‌ ම පසුගිය සතියේ දකින්නට ලැබිණි.

බෝධි පූජාව

ජනාධිපති මහින්ද රාජපක්‍ෂයෝ පසුගිය සති අන්තයේ සිsටියේ අනුරාධපුරයේය. ඔහු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලුම අපේක්‍ෂකයන්ට 27 වැනිsදා සෙනසුරාදා අනුරාධපුරයට එන්නට කීවේ ජයශ්‍රී මහ බෝ සමිඳු අබියස පැවැත්වෙන ආශිර්වාද බෝධි පූජාමය පුණ්‍යකර්මයට සහභාගි වීම පිණිසය. ඒ නිසා 27 වැනිsදා සෙනසුරාදාව අනුරාධපුර නගරය වෙන කවරදාකවත් නැති තරමේ වාහන තදබදයකින් පිරී ඉතිරී ගොස්‌ තිබිණි

අනාගමික වාසු

සෙනසුරාදා ශ්‍රී මහා බෝධිය අබියසට එන්නට කී පණිවුඩය රත්නපුර දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක වාසුදේව නානායක්‌කාරට ද ලැබිණි. ඔහු ඒ ආරංචිය ලත් විට අපූරු කතාවක්‌ කීවේය.....

ඔය බෝධි පූජාව තියන්නේ අපේක්‍ෂකයන්ටයි, සන්ධාන කණ්‌ඩායමටයි, ආගමික ආශිර්වාදය ගන්නනේ. මම ඉතින් අනාගාමික මනුස්‌සයා කියලා කවුරුත් දන්නවානේ. මට ආගමික ආශිර්වාදයක්‌ ලැබෙන එකක්‌ නැහැ. ඒ වුණාට මට නිසැකයෙන්ම ජනතා ආශිර්වාදය ලැබෙනවා. ඒ හින්දා ශ්‍රී මහා බෝධිය ඉස්‌සරහට යන වෙලාවේ මම යනවා ජනතාව ඉස්‌සරහට.

වාසු එසේ කීවත් ශ්‍රී ලනිපයේ බොහෝ දෙනෙක්‌ හා සන්ධානයේ පිරිස්‌ අනුරාධපුරයට ගොස්‌ සිටියහ. හවස ශ්‍රී මහා බෝ සමිඳු අබියස බෝධි පූජාව පැවැත්විණි. උඩුවේ ධම්මාලෝක හිමියෝ බෝධි පූජාව මෙහෙයවනු ලැබූහ.

බෝධි පූජා පුණ්‍යකර්මයෙන් පසුව අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී සන්ධාන අපේක්‍ෂක කණ්‌ඩායමේ මහා රැස්‌වීම ආරම්භ කෙරිණි. පළමුව සුසිල් ප්‍රේමජයන්ත් සන්ධානයේ ලේකම්වරයා විසින් අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඥව කියවනු ලැබීය. අපේක්‍ෂකයෝ ඒ අනුව ප්‍රතිඥ දුන්හ.

මේ රැස්‌වීම නියමිත වේලාවට ම පටන් ගැනිණි. රැස්‌වීම අතරතුරදී නිමල් සිරිපාල ද සිල්වා නැඟිට අපූරු යෝජනාවක්‌ කළේය. යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලය 35 දක්‌වා අඩු කිරීම පිළිබඳවය.

මේ යෝජනාව කළ වහාම සී. බී. රත්නායක නැඟිට ස්‌ථිර කළේය. යෝජනාව ස්‌ථිර වූ පසුව ජනාධිපතිවරයා සිය කතාවේදී ද අපූරු කතාවක්‌ කීවේය.

දැන් ඔයාලම තමයි යෝජනාව කරන්නේ මීළඟ ආණ්‌ඩුවේදී කැබිනට්‌ එක 35 ට අඩු කරන්න කියලා. යෝජනා කරල ඔයාලම ස්‌ථිර කළා. හැබැයි මතක තියාගන්න...... ලබන පාර මම කැබිනට්‌ එක අඩු කරන කොට කපන්නේ යටින් විතරක්‌ නෙවෙයි, උඩිනුත් කපනවා. මට උඩින් යටින් දෙපැත්තෙන්ම කපන්න සිද්ධ වෙනවා.

ජනාධිපතිවරයාගේ මේ කතාව තුළ ඇමැතිවරු අතර ලොකු කසුකුසුවක්‌ හට ගත්තේය. රැස්‌වීම ඉවර වූ පසු ඒ ගැන එක එක්‌කෙනා කතා කරන්නට පටන් ගත්හ.

නිමල් සිරිපාල කැබිනට්‌ එක 35 ට අඩු කරන්න යෝජනා කළේ ෂුවර් එකටම උඹට ගහන්න..... උඹවයි බදුල්ලෙන් කපන්නේ....... ඇමැතිවරු ඩිලාන්ට වදේ ගහන්න පටන් ගත්හ.

පිස්‌සුද ...... ජනාධිපතිතුමා කිව්වේ උඩින් යටින් දෙකෙන්ම කපනවා කියලා. ඒ කිව්වේ උඩින් ඉන්න නිමල්වත් කපනවා යටින් අයත් කපනවා.... මම ඉන්නේ මැදනේ. මට මුකුත් වෙන්නේ නැහැ...... ඩිලාන් සිනහවෙමින් උත්තර දුන්නේය.

මෙතැන අනුර යාපා ඇමැතිවරයා ද සිටියේය. ඇමැතිවරු ඔහුවද කතාවට ඈ¹ ගත්හ.

අපේ අනුර යාපා ඇමැතිතුමාටත් බයවෙන්න දෙයක්‌ නැහැ. මෙයානේ අපට ඉන්න ළාබාලම ජ්‍යෙෂ්ඨ කැබිනට්‌ ඇමැතිවරයා ඒ නිසා මෙයත් ඉන්නේ මැද........

ඔව්, ඔව්..... මටත් බයවෙන්න දෙයක්‌ නැහැ. අනුර යාපා කීවේය.

ඔව්... ඔව්... ජනාධිපතිතුමා ඉස්‌සරහදී තැනක්‌ දෙන්නේ තරුණයන්ටයි දක්‍ෂයන්ටයි විතරයි...... ඒ අයට බයවෙන්න දෙයක්‌ නෑ..... ඇමැතිවරු කීහ.

ඇතැම් මැති ඇමැතිවරු හා අපේක්‍ෂකයෝ මේ මොහොතේත් ආශිර්වාද බෝධි පූජාවට නොපැමිණ මනාප සොයන්නට ගොස්‌ සිටිSම ගැන සභාව තුළ කසුකුසුවක්‌ ද පැතිර යන්නට වූහ.

අවසානයේ සියලුම දෙනා වෙනුවෙන් සකස්‌ කර තිබූ රාත්‍රි භෝජන සංග්‍රහය ජනාධිපතිවරයා හා බුක්‌ති විඳි අපේක්‍ෂකයෝ රාත්‍රියේම විසිර ගියහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විවේක ගන්නට ගියේ පසුදා පාන්දර නැඟිට පෝය දිනයේ වත්පිළිවෙත්වලටද සූදානම් වීමට අවශ්‍යව තිබූ නිසාය.

ලැයිස්‌තු ප්‍රශ්න

දිස්‌ත්‍රික්‌ක ගණනාවකම එක්‌සත් ජාතික පක්‍ෂ කණ්‌ඩායම් නාමයෝජනා භාර දුන්නෙ පසුගිය 26 වැනිදා සිකුරාදාය. එදින එජාප නායක රනිල් හා තිස්‌ස සිරිකොතට පැමිණ උදේ සිටම කළේ ඒ ඒ දිස්‌ත්‍රික්‌කවලට කතාබහ කරමින් නාමයෝජනා ලැයිස්‌තුවල වග විස්‌තර විමසීමය. සිරිකොතේ සිට ඒ දෙදෙනා දුරකථනයෙන් විමසමින් හැමතැනක්‌ පිළිබඳවම සොයා බැලූහ.

මේ අතර මොණරාගල ලැයිස්‌තුව පිළිබඳ ලොකු ගාලගෝට්‌ටියක්‌ පටන් ගත්තේ තිස්‌ස කුට්‌ටිආරච්චිය. ඔහු දුරකථනයෙන් තිස්‌ස අමතා අඬන්නට පටන් ගත්තේය.

ඔහු පැමිණිලි කළේ රංජිත් මද්දුම බණ්‌ඩාර විසින් අවසානයට භාර දුන් ලැයිස්‌තුවේ තම නම වෙනුවට වෙන්ත නමක්‌ යොදා අත්සන් කර ඇති බවකි.

ඒ සමඟම මංගල සමරවීර ද දුරකථනයෙන් කතාකොට තිස්‌සගේ අවනඩුව ගැන රනිල්ට පැමිණිලි කළේ තිස්‌ස මංගල පිලෙන් ඇතුළත් කළ අයකු වීම නිසාය.

මේ අතරතුර තිස්‌ස කුට්‌ටිආරච්චිට එරෙහිව රංජිත් මද්දුම බණ්‌aඩාර ආරම්භ කර තිබූ අරගලයද උත්සන්න වී තිබිණි. රංජිත් කෙලින්ම තිස්‌සට විරෝධය පළකර තිබිණි....

පළාත් සභාව වෙලාවෙත් අපි මෙයාට නාමයෝජනා දෙනවට විරුද්ධ වුණා. තිස්‌ස කුට්‌ටිආරච්චි, මංගල සමරවීරගේ මිනිහෙක්‌ නිසා අපේ නායකතුමා තනි කැමැත්තට තමයි එයාට නාමයෝජනා දුන්නේ. අපේ දිස්‌ත්‍රික්‌ සංවිධානයේ ඔක්‌කොම මෙයාට නාමයෝජනා දෙනවට කැමැති නැහැ. ඒක අපි නොමිනේෂන් කොමිටි එකට ලිතව ප්‍රකාශ කළා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. අපේ නායකයාගේ මතය වුණේ එයාලට බැරිනම් මම තිස්‌ස කුට්‌ටිආරච්චිව දාලා වෙනම ටීම් එකක්‌ දානවා කියන එකයි.

රංජිත් මද්දුම බණ්‌ඩාර ඒ වවිටත් සිය මතය මෙසේ සෘජුව ජනමාධ්‍යවලටද ප්‍රකාශකර තිබිණි. ඔහුගේ හා තිස්‌ස කුට්‌ටිආරච්චිගේ ගැටලුව පසුගිය සතියට පෙර සතියේ උණුසුම් වී තිබුණේ එසේය.......

අවසානයේ එජාප නායක රනිල්, තිස්‌ස අත්තනායකට කතා කර කීවේ රංජිත් මද්දුම බණ්‌ඩාරට කතා කර මේ පිළිබඳ විමසන ලෙසය. ඒ වනවිට රංජිත්ගේ දුරකථන කිසිවක්‌ ක්‍රියා කළේද නැත.

සිකුරාදා හවස 4.30 ට රනිල්, කරු හා තිස්‌ස අත්තනායක සමග වෙනමම විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වූයේය. මොණරාගල දිස්‌ත්‍රික්‌ නායකයා වන රංජිත් සොයා ගැනීමට බැරි වූ තැන රනිල් කතා කොට බැන වැදුණේ දිස්‌ත්‍රික්‌කයේ එජාප කළමනාකරුටය.

නොමිනේෂන් භාර දුන්නට පස්‌සේ අපට දැන් ඒ ලැයිස්‌තුව ගැන කරන්න දෙයක්‌ නැහැ. මේක බලන්න ඕන ඊට කලින්. තිස්‌ස ඇයි මේ ගැන සොයා බැලුවේ නැත්තේ.... රනිල් කීවේය.

අපි අත්සන් කරල ඔක්‌කොම ඉවර කරල මගේ අත්සනත් යොදල දිස්‌ත්‍රික්‌ නායකයාට භාර දෙනවා. හැම තැනම එහෙමයි. එතැනින් එහාට හොයල බලන්න අපට ක්‍රමයක්‌ නැහැ..... තිස්‌ස කීවේය.

හරි...... අපි බලමු නොමිනේෂන් ගැසට්‌ කරන තුරු. නීත්‍යානුකූලව අපට නොමිනේෂන් ගැන ඇඟිලි ගහන්න පුළුවන් වෙන්නේ ගැසට්‌ කළාට පසුවයි...... කරු යෝජනා කළේය.

මේ අතරතුර රංජිත් මද්දුම බණ්‌ඩාරට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලටද විනය ක්‍රියාමාර්ගවලට යැමට එජාප නායකත්වය තීරණය කළේය....

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී රංජිත් මද්දුම බණ්‌ඩාර තම හිතවත් මාධ්‍යවේදීන්ට කතා කරමින් හෙළි කර සිටියේ වෙනත් කතාවකි.

එහේ මට දීපු ලැයිස්‌තුව තමයි මම ගිහින් කච්ෙච්රියට භාර දුන්නේ. මේක මට විරුද්ව ක්‍රියාමාර්ග ගන්න ගෙනාපු කුමන්ත්‍රණයක්‌.... රංජිත් කීවේය.

පළමු රැස්‌වීම

මේ අතරතුර 27 වැනිදා එජාප නායකයා මැතිවරණ කටයුතු රත්නපුරයෙන් පටන් ගත්තේය. දිස්‌ත්‍රික්‌ නායිකා තලතා අතුකෝරාල රත්නපුර කහවත්තේ පනාවැන්න වතුයායේ සිය නිවසේ ඒ සඳහා දිස්‌ත්‍රික්‌ බල මණ්‌ඩලයේ කැඳවා ලොකු රැස්‌වීමක්‌ සංවිධානය කර තිබිණි. ඊට රනිල් හා තිස්‌ස පැමිණියේ කොළඹ සිටය.

අද ඔයාලට අමු තේ දලු කිලෝවක්‌ විකුණලා හාල් කිලෝ එකක්‌වත් ගන්න බැරි තත්ත්වයේ ආර්ථිකයක්‌ තමයි රටට උදාවෙලා තියෙන්නේ.

රනිල් සිය කතාව කළේ ප්‍රාදේශීයව බලපාන ප්‍රස්‌තුත එසේ උපයෝගි කර ගනිමිනි.

තලතා පැමිණ සිටි සියලුම දෙනා වෙනුවෙන් තම නිවසේ දිවා ආහාරය ද සූදානම් කර තිබිණි. රනිල්, තිස්‌ස ඇතුළු නායකයෝ දිවා ආහාරය ගෙන තලතාගෙන් සමුගෙන ඊළඟට ගිහින් එදින සවස සජිත් සූදානම් කර තිබූ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සංවිධානය ඇමතීමටය....

සජිත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සංවිධායක රැස්‌වීම ද මහ ඉහළින් සූදානම් කොට තිබිණි. රනිල් මෙහිදී ද කතා කළේ අමුතුම තාලයේ උපහැරණ ගෙනහැරපාමිනි.

එදා කිසාගෝතමීට කිසිවෙක්‌ නොමළ ගෙයකින් අබ මිටක්‌ ගේන්න බැරි වුණා. වගේ අද ණය නැති ගෙයකින් අබ මිටක්‌ හොයාගන්න කාටවත්ම බෑ. ඒ තරමටම අපේ ජනතාව ණය බරෙන් හෙම්බත්වෙලා....... රනිල් කීවේය.

ඉරිදා පොහොය දිනයේ ධර්ම දේශනාව මෙවර පැවැත්වුනේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂයෝ උදෑසනම ඊට සහභාගි වූහ. ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ රුවන්වැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියෝය. උන්වහන්සේ මෙදින කරනු ලැබුවේ සාම්ප්‍රදායික විදියේ ධර්ම දේශනයක්‌ නොව හිමිනමක්‌ මහ රජෙකුට කරන ආකාරයේ අර්ථ ධර්මානුශාසනාවකි. සත්තකින්ම එය ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ගේ දෑස ඇරවන ආකාරයේ අනුශාසනාවක්‌ම විය.

ධර්ම දේශනාවෙන් පසු ජනාධිපති මහින්ද දිවා ආහාරය ගෙන අනුරාධපුරයෙන් නික්‌ම කෙළින්ම ගියේ පැල්මඩුල්ලේ රජමහා විහාරයටය. එම විහාරයේ විහාරාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමිපාණන්ගේ උපන්දිනය වෙනුවෙන් විහාරයේ සුවිසල් පින්කම් රැසක්‌ සිදු කෙරෙමින් තිබිණි.

ජනාධිපතිවරයා ඊට සහභාගිවී උන්වහන්සේට සුබපතා උත්සව සභාව අමතා කතාවක්‌ද කළේය. එම කතාවේදීද කරනු ලැබුවේ දේශපාලනය හා මනාප පොරය විග්‍රහ කිරීමය. ඊට හේතුව රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම දේශපාලනඥයන් පාහේ එම උත්සව සභාවට පැමිණ සිටීමය.

ජනාධිපති මහින්ද කෙළින්ම ජෝන් සෙනෙවිරත්නගේ හා පවිත්‍රා වන්නිආරච්චිගේ නම් දෙක කියමින් අවවාද කළේ දෙදෙනා අතර තිබෙන මනාප පොරය නවත්වා පක්‍ෂය දිනවීමට කටයුතු කරන ලෙසය.

උත්සව සභාව ඉවරවී සියලු දෙනාගෙන් සමුගෙන එළියට බසින අතර සෙනග අතර සිටින තවත් මුහුණක්‌ ජනාධිපතිවරයා හොඳින් හඳුනා ගත්තේය. හේ කෙළින්ම ඔහු කැඳවා ඔහුගේ අතින් අල්ලාගෙන කතා කළේය. ඔහු කරුණාරත්න පරණවිතානය.

කොහොම පරණේ වැඩ. මට ආරංචියි ඔයා කැම්පේන් එක කරන හැටි ගැන. එහෙම තමයි වැඩ කරන්න ඕන. අපි උත්සාහය තුලින් තමයි ප්‍රතිඵල හොයන්න ඕන. හොඳයි පරණේ මම ඔයාට සුබ පතනවා.

ජනාධිපතිවරයා එතනින් සමුගෙන ගියේ සිය මිතුරකු වන තිස්‌ස ජෙම්ස්‌ අධිපති තිස්‌සගේ නිවසටය. ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ නිවසේ තේ පැන් සංග්‍රහයක්‌ සූදානම් කර තිබිණි.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මැති ඇමැතිවරුන්ට හා සියලුම දේශපාලනඥයන්ට තේ පැන් සංග්‍රහය සඳහා ආරාධනා කර තිබුණෙන් සියල්ලෝම පාහේ පැමිණ සිටියහ. සබරගමු පළාතේ ආණ්‌ඩුකාර ජනක බණ්‌ඩාර ද පැමිණ සිටියේය.

තේ බොන අතරේ පළාතේ නාම යෝජනා පිළිබඳ යෝජනා චෝදනා හා පැමිණිලි කප්පරක්‌ ජනාධිපති මහින්ද වෙත ගලා ආවේය. සමහරු කීවේ නාම යෝජනා ලැයිස්‌තුවල සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් නාමයෝජනා නොලැබුණ පාක්‍ෂිකයන්ගේ දුක්‌ ගැනවිලි කීපයක්‌ද කියමිනි.

මේ සමහරු දැන් යූ ඇන් පී එකට යන්නත් හදනවා කීවේය.

යන කෙනෙකුට යන්න කියන්න. ඔය ලැයිස්‌තු ඔක්‌කොම හැදුනේ මගේ අනුදැනුම යටතේ. මමයි අවසාන වශයෙන් තීරණ ගත්තේ කාගේaවත් තින්දු නොවෙයි. යන කෙනෙක්‌ ඉන්නවා නම් දැන්ම ගියාට කමක්‌ නැහැ. ජනාධිපති කීවේය.

මේ සියල්ල අවසානයේ ජනපති නැවත කොළඹ බලා පිටත්ව ආවේය.

පංචායුධ

විමල් වීරවංශ පසුගිය 01 දා කොට්‌ටාව මාකුඹුරේ සිය ප්‍ර්‍රධාන මෙහෙයුම් මධ්‍යස්‌ථානයේ විශාල තරුණ සමුළුවක්‌ සංවිධානය කළේය. 2000 කට අධික තරුණ නියෝජිතයන් පිරිසක්‌ ඊට සභාගිවී සිටියහ. මෙම සමුළුවට විශේෂ ආරාධිතයින් දෙදෙනකුද පැමිණ සිටියහ. ඒ නාමල් රාජපක්‍ෂ හා ජැක්‌සන් ඇන්තනීය. මෙම සමුළුව අමතා විමල් නාමල් හා ජැක්‌සන් යන තිදෙනාම කතා කළහ. එහිදී නාමල් කළ එක්‌තරා ප්‍රකාශයක්‌ එතන සිටි කාගෙ කාගේත් සිත් තදින් පැහැර ගත්තේය.

අපේ තාත්ත විමල් වීරවංශ මන්ත්‍රීතුමාට සලකන්නේ හිතවත් මන්ත්‍රී කෙනෙකු හැටියට හිතල නොවෙයි. ඇත්තම කියනවා නම් තාත්තා ඔහුට සලකන්නේ පවුලේ සාමාජිකයකුට සලකන විදියට. හරියට මගේ සහෝදරයකුට වගේ. ජනාධිපතිතුමා හිතන්නේ විමල් අයියාත් ඔහුගේම පුතෙක්‌ හැටියටයි. ඒකයි එතුමා අපි හැමෝටම මේ තරම් විශේෂ. ඒ නිසා අපි තීන්දු කළේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාව මේ පාර කොළඹින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යන්න.

නාමල්ගේ කතාවට පසුව සභාව ඇමතුවේ ජැක්‌සන් ඇන්තනීය. ඔහු කීවේද විමල් මෙවර වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට එන එක ස්‌ථිර බවය. අප කළ යුත්තේ ඒ ජය තව තවත් තහවුරු කිරීම බව ඔහු කීවේය.

ජනතා විමුක්‌ති පෙරමුණ සහ සරත් ෆොන්සේකාගේ කණ්‌ඩායම මෙවර මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නම් එකමුතුව යටතේය. එම සංවිධානය නාමයෝජනා බාරදීමෙන් පසුව පසුගිය 03 වැනිදා තමන් කළ යුත්තේ කුමක්‌ද කියා එක්‌ව කතා බහ කළේය.

දැන් ආණ්‌ඩුව ජනතා සහන රට සංවර්ධනය කිරීම වගේ දේවල් ගැන මොනවාවත් කියන්නෙම නැහැ. කතා කරන්නට 2/3 ක බලය ලබා ගැනීම ගැන විතරයි. ආණ්‌ඩුවට වැදගත් වෙලා තියෙන්නේ තම බල අරමුණු විතරයි. විජිත හේරත් කීවේය.

ආණ්‌ඩුව 2/3 ගන්නවා තියා දිනන එකක්‌ අඩමානයි. විපක්‍ෂය වුනත් දැන් රජයට හරි අභියෝගයක්‌ කරන්නේ නැහැනේ. රජය බයවෙලා ඉන්නේ කියලා අර්ජුන රණතුංග කීවේය.

ඔව්.... අපෙන් නාම යෝජනා දීලා තියෙන ලැයිස්‌තුව බැලුවාම රජයට තියන අභියෝගය පැහැදිලිව පෙනෙනවා. අපිට අද එකතුවෙලා තියෙන්නේ රට මුහුණ පා තියන අභියෝගය හමුවේ රටට සැබෑ ලෙස ආදරය කරන පිරිසක්‌. අනුර දිසානායක කීවේය.

ගම්පහ ලැයිස්‌තුව අරගෙන බැලුවත් ඒක පැහැදිලියි විජිත කීවේය.

මම පසුගිය සතියේ අපේ නිවසේදීත් ආධාරකරුවන් හමුවීමේ රැස්‌වීම් 2 ක්‌ තිබ්බා. එජාප ක්‍රියාකාරිකයන් විශාල පිරිසක්‌ ඇවිත් සිටියා. රටට ආදරය කරන පිරිස්‌ මේ විදියට එකතුවීම ගැන ඔවුන් තුළත් ලොකු සතුටක්‌ තියෙනවා ජයන්ත කැටගොඩ කීවේය.

මම කළුතරින් ඉල්ලපු එක ගැන හුඟ දෙනෙක්‌ සතුටුයි. නාම යෝජනා බාරදීල ආගමික ස්‌ථානවලට යද්දී ඒක තහවුරු වුණා. අර්ජුන කීය.

මාර්තු 8 වනදාට ජෙනරාල් අත්අඩංගුවට අරන් මාසයක්‌ වෙනවා. අපි ඔහු නිදහස්‌ කරවා ගැනීමට පවත්වන රැලිය සාර්ථක කරගන්න ඕන. ඉන්පසුව මේ සංවිධානයේ නායක කාරකාදීන් කතා බහ කළේ හයිඩ්පාක්‌ පිටියේ පවත්වන එම රැලියේ සංවිධායක කටයුතු පිළිබඳවය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තු තුළ එක්‌සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා නොලැබුණ පිරිස්‌ද ගොනුවී සිටියහ.ඒ සියලුම දෙනා ජවිපෙ සමග එක්‌වී පොදු සතුරා වන රජයට එරෙහිව තම මැතිවරණ ව්‍යාපාරය ශක්‌තිsමත් කරන අයුරු පෙනෙන්නට තිබිණි.

මර්වින් එජාපයට

28 වැනි ඉරිදා රනිල් හා තිස්‌ස ගාල්ල බලා පිටත්ව ගියේ ගාලු දිස්‌ත්‍රික්‌ සමුළුව ඇමතීමටය. වජිර හා ගයන්ත එය ඉතා ඉහළින් සංවිධානය කර තිබිණි.

මේ අතරතුර කරු ජයසූරිය සිටියේ මිනුවන්ගොඩ මහර හා කැලණිය ප්‍රදේශවල ප්‍රචාරක රැස්‌වීම් කිහිපයකට සහභාගි වෙමිනි.

කරු කැලණිය ප්‍රදේශයේ රැස්‌වීමකට සහභාගි වන වෙළේ හරි අපූරු සිදුවීමක්‌ද විය. ආසන බල මණ්‌ඩල රැස්‌වීම තිබුණේ කැලණිය නව සංවිධායක බෙවන් පෙරේරාගේ නිවසේය. රැස්‌වීම යන අතරවාරයේ එතැනට හිටි හැටියේම මර්වින් සිල්වා ඇමැතිවරයා පැමිණියේය. ඔහු පැමිණ කළේ බෙවන්ට අතට අතදී වැළඳගෙන සුබ පැතීමය.

මල්ලි.... උඹ හොඳ එකා. උඹට අලියා ලකුණෙන් මේ කැලණියේ ඕනම දේශපාලනයක්‌ කරන්න අයිතිය තියෙනවා. උඹට මම සුබ පතනවා. හැබැයි හංසයින්ට මේ කැලණියේ දේශපාලනය කරන්න ඉඩක්‌ නැහැ............

මයික්‌ එක අතට ගෙන ඔය කතාව කියූ මර්වින් පසුව හැමෝටව අත වනා යන්නට ගියේය.

ඒ වන විට රනිල් සිටියේ ගාල්ල දිස්‌ත්‍රික්‌ බල මණ්‌ඩල රැස්‌වීමේය. ඔහු හරි අපූරු කතාවක්‌ කීවේය.

මම ගාල්ලට එනකොට ලොකු කටවුට්‌ එකක්‌ දැක්‌කා. ඒකේ හිටියේ අතේ කරේ ලොකු රන් ආභරණ පුරවගෙන හිටපු කාන්තාවක්‌. මම හිතුවේ මුතුකරුප්පන් චෙට්‌ටියාර් වගේ ස්‌වර්ණාභරණ ශාලාවක දැන්වීමක්‌ කියලයි. බලනකොට මේ ඡන්ද ප්‍රචාරක දැන්වීමක්‌ නේ..........

රනිල් එලෙස කීවේ වජිරටද විහිළුවක්‌ කරන ගමන්ය....

මේ ආකාරයට පසුගිය සතියේ සෑම දිනකම රනිල්ට රැස්‌වීම් තිබිණි. සඳුදා දිනයේ පුත්තලම හා වයඹ ප්‍රදේශවල රැස්‌වීම් තිබිණි. අඟහරුවාදා කුරුණෑගල රැස්‌වීම තිබිණි.

මේ අතරතුර අඟහරුවාදා හවස කේ්‍රම්බ්‍රිඡ් ටෙරසයේදී එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාවක්‌ ද පැවැත්විණි. මංගල මනෝ හකීම් ඇතුළු පක්‍ෂ නායකයන් හා එක්‌වූ තිස්‌සත් රනිලුත්, කරුත් හුඟක්‌ම අවධානය යොමු කර කතා බහ කළේ එක්‌සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සාදන ආකාරය පිළිබඳවය.

හෙළ උරුමයේ

පසුගිය සතියේ නාමයෝජනා ලබාදීමෙන් පසු කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂකයෝ සියලුම දෙනා ගියේ ගංගාරාමයටය. ඒ ආගමික වතාවත් සඳහාය. මෙහිදී අස්‌සජි හිමි මුලින්ම පොල්තෙල් පහන් දැල්වීම සඳහා ආරාධනා කළේ චම්පික ඇමැතිවරයාටය.

මම බලන් හිටියේ කවුද අපේ හාමුදුරුවෝ පහන් පත්තු කරන්න කතා කරන වාසනාවන්තයා කියලා...... පොඩි හාමුදුරුවෝ කීහ.

අපි ඉතින් "හෙළ උරුමයනේ" හාමුදුරුවනේ........ චම්පික කීවේය.

අපිත් හෙළ උරුමයේ තමයි...... සුසිල් ප්‍රේම් ජයන්තද කීවේය.

ඔව්. ඔව්. දැන් නම් රටම හෙළ උරුමයේ තමයි. ඒත් මේ මැතිතුමාලා තමයි රටම හෙළ උරුමයේ මතයට ගන්න අප්‍රමාණ කැප වුණේ.

පොඩි හාමුදුරුවෝ එසේ කියමින් චම්පික ඇතුළු සියලුමදෙනාට ආශිර්වාද කළහ.

බදාදා දිනය ජනාධිපති මහින්දට ඉතා කාර්ය බහුල දිනයක්‌ වූයේය. පළමුව පළාත් සභාවල මහ ඇමැතිවරු හා ආණ්‌ඩුකාරවරු කැඳවූ ජනාධිපතිවරයා ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක්‌ කළේය. මේ සාකච්ඡාවට පිල්ලෙයාන්ද නන්දමැතිව් හා ටිකිරි කොබ්බෑකඩුව ද පැමිණ සිටියේ නැත. අනෙකුත් සියලුම දෙනා පැමිණ සිටියහ.

කැබිනට්‌

හවස සුපුරුදු පරිදි කැබිනට්‌ රැස්‌වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට පළාත් සභා මහ ඇමැතිවරුන්ට ද එන්නට කියා තිබිණි. එහෙත් සියලුම දෙනා පැමිණ සිsටියේ 20 කටත් අඩු සංඛ්‍යාවකි. ඊට හේතුව මැති ඇමැතිවරු හුඟදෙනෙක්‌ කොළඹින් බැහැරව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටීමය.

ජනාධිපතිවරයා නිල කටයුතු අවසානයේ ඇමැතිවරු අමතා එක්‌තරා කාරණාවක්‌ අවධාණය කළේය. එය නම් මනාප පොරය පිළිබඳවය. අනවශ්‍ය අයුරින් මනාප සටනේ නිරත නොවන්නැයි ඔහු කීවේය.

අපේ හම්බන්තොට පළාතේ නම් මේ දවස්‌වල කෙටි කතා, නව කතා, සුරංගනා කතා ප්‍රේම කතා ඥණකතා ඔක්‌කොම තියෙනවා. අපේ නාමල් තැනින් තැන ගිහිල්ලා පුංචි පුංචි කතා කරනවා. ඒවා කෙටි කතා. චමල් අයිය ගිහිල්ලා ප්‍රශ්න විග්‍රහකරලා දිග් කරලා කරනවා ලොකු ලොකු කතා. ඒවා තමයි නවකතා. එතකොට මහින්ද අමරවීර අරවා කරනවා මේවා කරනවා අරක දෙනවා මේක දෙනවා කිය කියා සුරංගනා කතා කියනවා. ඒ අස්‌සේ අපේ නිරූපමාත් ගිහිල්ලා අනේ අම්මේ තාත්තේ මම ඔයාලට ආදරෙයි. ඔයාලත් මට ආදරෙයි. ඔයාලට කවදත් මම ඉන්නවා කිය කියා ප්‍රේම කතා කියනවා. ඒ අතර වීකේ ඉන්දිකත් ගිහිල්ලා මිනිස්‌සුන්ට ලොකු ලොකු කතා කියලා දෙනවා. අරවා කරන්නේ මේවා කරන්නේ එහෙමයි මෙහෙමයි කිය කිය ගුණ දොස්‌ කියනවා. මේවා තමයි ඥනකතා. මේ විවිධ කතා කියා අද හම්බන්තොටට කතාවලින් නම් අඩුවක්‌ නෑ.....

පසුගිය සතියේ දේශපාලන වැඩකටයුතු ඇදී ගියේ ඔය ආකාරයටය.

මේ අතරතුර තම පක්‍ෂය වෙනුවෙන් නිර්මාණශීලී අලුතෙන් යමක්‌ සිතන පතන තරුණ තරුණියන් කැලක්‌ සන්ධාන ලැයිස්‌තුවෙන් ඡන්දයට ඉදිරිපත් කරවීමට හැකිවීම ගැන ජනාධිපතිවරයා සිටියේ අප්‍රමාණ සතුටකිනි. විශේෂයෙන්ම කරු පරණ විතානලා, සාගර කාරියවසම්ලා, රුවන් රණතුංගලා, සනත් ජයසූරියලා, සුසන්තිකා ජයසිංහලා සුදර්මන්ලා වැනි තරුණ පිරිසක්‌ පැමිණීම ගැන ඔහු සිටියේ ලොකු පැහැදීමකිනි.

සත්තකින්ම හැම පක්‍ෂයකින්ම මෙවර තරුණ පිරිස්‌ දේශපාලනයට පැමිණ සිටියහ. ක්‍රිකට්‌ ක්‍රීඩකයන් වන සනත් ජයසූරියට අමතරව හෂාන් තිලකරත්න හා සංජීව රණතුංග ද මෙවර ජාතික ලැයිස්‌තුවලින් දේශපාලනයට පැමිණ සිටියහ. දෙදෙනාම නම් ඉදිරිපත් කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙනි.

සංජීව පැමිණ සිටියේ අර්ජුන නිසාය. හෂාන් පැමිණ සිටියේ ධනුන තිලකරත්න නිසාය. .... ඒ හෂානුත් ධනුනත් අයියල මල්ලිලා දෙදෙනකුගේ දරුවන් දෙදෙනකු වන නිසාය. හෂාන්ගේ පියාගේ සහෝදරයා බ්‍රිගේඩියර් තිලකරත්නය. ධනුන තිලකරත්න ඔහුගේ පුතාය.

නාගසේන

 
Powered By -