පරම්පරාවෙන් පරමිපරාවට
දේශපාලනය ගෙනයන ජානයක්‌ හදුනාගනී


මේ දිනවල මම එක්‌තරා පුරුද්දකට ඇබ්බැහි වෙමින් සිටිමි. හැන්දෑ යාමයේ කඩ පිළේ බංකුව මත වාඩි වී කඩයට එන කවුරුන් හෝ දේශපාලන කථා බහකට ඈඳා ගැනීම එම පුරුද්දයි.

ඉතා පහසුවෙන් වාදයට කොටු වෙන අය අතර පෑලිස්‌ මාමා පළමු වැන්නායි. ඔහු වාදය අවසන් කරන්නේ "පුතේ" මම කැපුවත් කොළ පාට බව මතක තියා ගනින්" යයි උස්‌ හඬින් පවසමිනි.

ආනන්ද අයියා මා අසලින් වාඩි වෙන්නේම මල්ලියේ" මම කැපුවත් නිල් පාට බව උඹ දන්නවානේ" යි සඳහන් කරමිනි.

අප රටේ දේශපාලන පක්‍ෂ පිළිබඳව සවිංඥානිකව සිටින අයට "කැපුවත් කොළ" යනුවෙන් හඳුන්වන අය එක්‌සත් ජාතික පක්‍ෂයට හිතවත් අය බවත් "කැපුවත් නිල්" යනුවෙන් සඳහන් කරන අය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිතවත් අය බවත් අවබෝධකර ගැනීම අපහසු නැත. දැං ඔබට ගැටලුවක්‌ පැන නැගිය හැකිය. අප අතර සිටින සමහරුන් කැපුවත් කොළ හෝ කැපුවත් නිල් යෑයි ප්‍රකාශ කිරීමට තරම් දේශපාලන දර්ශනයකට මෝහනය වී සිටින්නේ කවර බලපෑමක්‌ මතද?

මොවුන් මෙසේ පවසන්නේ දේශපාලන පක්‍ෂයක අනුගාමිකයෙකු බව හඟවා විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට යෑයි අප බොහෝ දෙනකුගේ නිගමනයයි. එනම් යම් පුද්ගලයෙකුගේ දේශපාලන දැක්‌ම කෙරෙහි බුද්ධිය බලපෑමක්‌ ඇති කරයි. අප බොහෝ දෙනකු එසේ සිතුවද දේශපාලන විද්‍යාඥයන් සහ පර්යේෂකයන් එම අදහසට පටහැනි මතයක්‌ ඉදිරිපත් කරයි. එනම් අපගේ දේශපාලන දැක්‌ම ජීව විද්‍යාත්මක තීරණය වේ. එනම් යම් පුද්ගලයෙකුගේ දේශපාලන දැක්‌ම.

උත්පති ගති ලක්‍ෂණයක්‌ මිස බුද්ධිමය නිර්මාණයක්‌ නොවේ. අපගේ දේශපාලන මතය නිර්මාණය වන්නේ බාහිර සාධක මත නොව අපගේ මොළය තුළ ස්‌ථාන ගතවී ඇති ජීව විද්‍යාත්මක වැඩසටහනකට අනුවය.

චර්යාත්මක ප්‍රවේණි විද්‍යාවට අනුව පෞරුෂත්වය ගොඩ නැගීමට බලපාන ජාන පවතී. පෞරුෂත්වයට බලපාන ජාන පුද්ගල දේශපාලන මතය හැඩගැන්වීමට බොහෝ සෙයින් බලපාන බව නිව්යෝක්‌ සරසවියේ ජොන් ජෝසිට්‌ සඳහන් කරයි. ඔහු මෙම මතය සනාථ කිරීමට ලෝකයේ රටවල් 12 ක පුද්ගලයන් විසිදහසක්‌ යොදාගෙන අධ්‍යයනයක්‌ සිදු කර ඇත. විවිධ නම්වලින් හඳුන් වන දේශපාලන පක්‍ෂ පවතී. එහෙත් මෙම පක්‍ෂ අනුගමනය කරන්නේ ලිබරල් මතවාදය හෝ ප්‍රතිලිබරල් මතවාදයයි. ලිබරල් මතවාදයට අනුව පවත්නා ක්‍රමය වෙනස්‌ කරන ගතානුගතික බවට එරෙහිව කටයුතු කිරීමට මනාපයක්‌ දක්‌වයි.

ප්‍රතිලිබරල්වාදයේදී පවතින ක්‍රමය ඒ ආකාරයටම ආරක්‍ෂා කර ගැනීමට කැමැත්තක්‌ දක්‌වයි. එනම් වෙනස්‌කම් නොරුස්‌සන ගතානුගතික හෙවත් ආචීර්ණ කල්පික මතවාදයකි. බටහිර ලෝකයේදී ලිබරල් සහ කන්සර්වෙටිව් ලෙස මෙම දේශපාලන ධාරාවන් දෙක වෙතී. එහෙත් අප රටේ මෙම ප්‍රධාන මතවාදයන් නග්නව හඳුනාගත නොහැකි වුවද එක්‌ එක්‌ පක්‍ෂවල මතවාද සහ දැක්‌ම සියුම්ව විග්‍රහ කර බලන විට මෙම පොදු ආකෘතිය හඳුනාගත හැකිය.

අප උපතින්ම දේශපාලන මතවාදයක්‌ කරපින්නාගෙන එන බව තහවුරු කිරීමට විද්‍යාඥයන් දක්‌වන අදහස්‌ නැවත විමසා බලමු. අපගේ දේශපාලන මතය බාහිර සමාජය අනුව හැඩගැසුන දෙයක්‌ නොවේ. එය උපතින්ම රැගෙන එන උත්පත්ති ගති ලක්‍ෂණයකි.

යම් යම් අවස්‌ථාවලදී අපගේ දේශපාලන මතය වෙනස්‌ කිරීමට විවිධ පුද්ගලයන් උත්සාහ ගනී. කවරෙකුගේ හෝ දේශපාලන දැක්‌ම හෙවත් මතය වෙනස්‌ කිරීම පිළිබඳව අප දෙවරක්‌ සිතා බැලිය යුතු බව විද්‍යාඥයන් අවධාරණය කරති. ඔවුහු මෙය සරල උදාහරණයක්‌ මගින් පැහැදිලි කරයි. කළු, දුඹුරු සහ නිල් ලෙස අක්‍ෂි වර්ණ පවතී. උපතින් හිමි ඇස්‌වල වර්ණය වෙනස්‌ කළ නොහැකිය. කෙනකුගේ දේශපාලන මතය වෙනස්‌ කිරීමද මේ හා සමාන දෙයක්‌ බව ඔවුහු පෙන්වා දෙති.

යම් පුද්ගලයකුගේ දේශපාලන මතය වෙනස්‌ කිරීමට උත්සාහ ගැනීමට පළමුව අප දෙවරක්‌ සිතා බැලිය යුතුයි. මෙසේ සඳහන් කරන්නේ රයිස්‌ සරසවියේ දේශපාලන විද්‍යාඥ ජෝන් ඇල්ෆ්‍රඩ්. යම් දේශපාලන මතයක්‌ ඇති වීම කෙරෙහි ජානමය බලපෑමක්‌ පවතින බවට පැහැදිලි සාක්‍ෂි ඇතැයි විද්‍යාඥයන් සඳහන් කරති. මෙම මතය තහවුරු කිරීමට ඔවුන් යොදා ගෙන ඇත්තේ නිවුන්නුන් (ඔඅසබි) තිස්‌ දහසක්‌ යොදාගෙන සිදු කළ පර්යේෂණයක දත්තයන්ය.

සම නිවුන්නුන් සහ අසම නිවුන්නුන් ලෙස ආකාර දෙකක.s ශුක්‍රාණුවක්‌ හෙවත් පිරිමි ජන්මාණුවක්‌ මගින් සංසේචනය වූ ඩිම්භයක්‌, කොටස්‌ දෙකකට වෙන්වී වෙනම කළල ලෙස වැඩී ස්‌වාධීන දරුවන් දෙදෙනෙකු බිහි වීමෙන් සම නිවුන්නුන් හට ගනී.

ඩිම්භ සෛල දෙකක්‌ ශුක්‍රාණු සෛල 2 ක්‌ මගින් සංසේචනය වී ස්‌වාධීන කළල දෙකක්‌ ලෙස වැඩී බිහිවන දරුවන් දෙදෙනා අසම නිවුන්නුන් ලෙස හඳුන්වයි.

සම නිවුන්නුන් සතුව ඇති ජාන සියල්ලම සමාන අතර අසම නිවුන්නුන්ගේ සමාන ජාන හරි අඩකි. දේපළ මත බදු පැනවීම, න්‍යෂ්ඨික බලය, සම ලිංගික විවාහ අයිතිය වැනි විවාදිත දේශපාලන කරුණු පිළිබඳව සම නිවුන්නුන්ගේ සහ අසම නිවුන්නුන්ගේ අදහස්‌ විමසා ඇත.

මෙහිදී සම නිවුන්නුන්ගේ මතය සමාන වී ඇති අතර අසම නිවුන්නුන්ගේ ප්‍රතිචාර එකිනෙකට පරස්‌පර වී ඇත. ඔවුන්ගේ මනස වෙනස්‌ වීමට ඔවුන් සතු වෙනස්‌ ජාන හේතු වී ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.

ස්‌නායු විද්‍යාඥයන් සඳහන් කරන්නේ මැතිවරණයක්‌ පැවැත්වෙන දිනක නිවසේ රැඳී නොසිට ඡන්දය ප්‍රකාශ කිරීමට යැම කෙරෙහිද ජාන බලපාන බවයි. නිවුන් පුද්ගලයන් යොදා ගනිමින් සිදු කළ අධ්‍යයනයේදී මෙය තහවුරු කළ හැකි සාක්‍ෂි ලැබී ඇත.

අප අතර සිටින සමහරුන් මිය යැමට අසීමිත ලෙස බියක්‌ දක්‌වයි. මනෝ විද්‍යාඥ ජෝස්‌ට්‌ මේ පිළිබඳව පර්යේෂණයක්‌ සිදු කර ඇත. මිය යැමට වැඩිම බයක්‌ දක්‌වන අය ප්‍රතිලිබරල් වාදීන් හෙවත් ආචීර්ණ කල්පිකයන් වීමේ ඉතා වැඩි විභවයක්‌ ඇති බව අනාවරණය වී ඇත.

අලුත් අත්දැකීම් කෙරෙහි වැඩි කැමැත්තක්‌ දක්‌වන අය ලිබරල් මතය කෙරෙහි වැඩි කැමැත්තක්‌ දක්‌වන බව පර්යේෂණවලදී හෙළි වී ඇත.

සමහර පුද්ගලයන් ස්‌වභාවයෙන්ම විවෘත අදහස්‌ වලින් යුක්‌තය. දේශපාලනික සංස්‌ථාපනය සහ විවෘත භාවය අතර දැඩි සම්බන්ධතාවක්‌ පවතී. නව අදහස්‌වලට කැමැත්තක්‌ දැක්‌වීම සංකීර්ණ බවදරා ගැනීම සංස්‌කෘතික විවිධත්වයට ගරු කිරීම ආදී ලක්‍ෂණ සහිත අය බොහෝ දුරට ලිබරල් වන මතවාදීන් වන බව මනෝවිද්‍යාඥයන් සඳහන් කරයි. ඉහත පුද්ගල ලක්‍ෂණ විවෘත භාවය යන ලක්‍ෂණය සමග මිශ්‍ර වූ විට එම පුද්ගලයා ලිබරල් මතධාරියකු වීමේ හැකියාව දෙගුණයකි.

සමහර පුද්ගලයන් සමාජශීලී හෙවත් සමාජයේ කටයුතු කිරීමට ප්‍රියතාවක්‌ දක්‌වයි. සමාජශීලී පුද්ගලයන් තුළ කැපී පෙනෙන ලක්‍ෂණය විවෘත භාවයයි. මෙම පුද්ගල පෞරුෂත්ව ලක්‍ෂණ ඇති කිරීමට මොළයේ ස්‌නායු සම්ප්‍රේෂක ප්‍රමාණය බලපාන බව ප්‍රවේණි විද්‍යාඥයන් පෙන්වා දෙති. ස්‌නායු සම්ප්‍රේෂක සාන්ද්‍රය පාලනය කිරීම සඳහා ජාන ක්‍රියාකාරිත්වය ඉවහල් වේ.

මේ අනුව පුද්ගලයකු තුළ විවෘතභාවය යන පෞරුෂත්ව ලක්‍ෂණය ගොඩනැඟීSම සඳහා ජාන ක්‍රියාකාරිත්වය ඉවහල් වන බව ඔබට පැහැදිලිය. විවෘතභාවය නම් පුද්ගල ගුණාංගය ඔහු දේශපාලන ස්‌ථානගත කිරීමට වැදගත්ය. මෙයින් පැහැදිලි වන්නේ අපගේ දේශපාලන මතය හැඩගැන්වීමේ ලා ජාන පවුලක ක්‍රියා කාරිත්වය වැදගත් වන බවයි.

අපගේ දේශපාලන දැක්‌ම හෙවත් දේශපාලන මතය සහ ජාන ප්‍රවේණි අංශු අතර සම්බන්ධතාවය කවරාකාර දැයි ඔබට පැහැදිලිය.

කෙසේ වුවද ලිබරල් මතය හෝ ප්‍රතිලිබරල් මතය අප තුළ නිර්මාණය වීමට ඉවහල් වන ජාන මේ දක්‌වා හඳුනා ගෙන නැතැයි පර්යේෂකයන් සඳහන් කරති. කැලිෆොaනියා සරසවියේ ජෙම්ස්‌ ෆොaලර් සඳහන් කරන්නේ මැතිවරණය පැවැත්වෙන දිනක ඡන්දය දීමට තීරණය කිරීමට පොළඹ වන තනි ජාතියක්‌ පැවතිය යුතු බවයි.

සෙරටෝනීන් යනු මොළයේ පවතින ස්‌නායු සම්ප්‍රේෂකයකි. සෙරටෝනීන් නිපදවීමට 5Hඔඔ සහ ඵAධA යන ජාන දෙක වැදගත් බව හඳුනාගෙන ඇත. විශ්වාසනීයත්වයට සහ සමාජශීලී බව ඇති කිරීමට ඉවහල් වන ප්‍රදේශයක්‌ මොළය තුළ පවතී. අදාළ ප්‍රදේශය තුළ සෙරටොනීන් සම්ප්‍රේෂක සාන්ද්‍රණය ඉහළ දැමීම මගින් එම පුද්ගලයා තුළ විශ්වාසනීයත්වය ගොඩනගයි. මැතිවරණයකදී යම් අපේක්‍ෂකයෙකුට ඡන්දය දීමට ඡන්දදායකයා තුළ විශ්වාසය ගොඩනැඟිය යුතුය.

ජෙම්ස්‌ ෆොaලර්ගේ සිද්ධාන්තයට අනුව සෙරටෝනීන් හොඳින් නිෂ්පාදනය වන විට එම පුද්ගලයා ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩ කඩ ඉතා වැඩිය. එමෙන්ම ඔහු සමාජශීලී පුද්ගලයකු බවට පත් වේ.

ඡන්දදායකයන් දෙදහස්‌ පන්සීයක්‌ යොදාගනිමින් සිදු කළ පර්යේෂණයකදී තහවුරු වී ඇත්තේ ඵAධA ජානය ඉතා කාර්යක්‍ෂමව සෙරටොනීන් සාන්ද්‍රණය පාලනය කරන විට ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමේ විභවය කැපී පෙනෙන ලෙස ඉහළ යන බවත් ඵAධA ජානය අකාර්යක්‍ෂම වන විට ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට දක්‌වන උනන්දුව අඩුවෙන බවත්ය.

පෙරදිග ලෝකයේ වේවා අපරදිග ලෝකයේ වේවා මානව සමාජය තුළ අලුත් අදහස්‌ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සහ ඒවාට සහය දෙන කණ්‌ඩායමක්‌ ද අලුත් මත නුරුස්‌සන පරණ ක්‍රමයට සහය පළ කරන කණ්‌ඩායමක්‌ ලෙස ප්‍රධාන මතවාද දෙකකි. විවිධ කාලවලදී විවිධ රටවලදී විවිධ දේශපාලන පක්‍ෂ නම්වලින් මෙම මත නියෝජනය කරන්නන් හඳුනාගත හැකිය. මෙම ලිපියේදී මා එම කණ්‌ඩායම් දෙක ලිබරල් සහ ප්‍රතිලිබරල් ලෙස සඳහන් කළෙමි.

ප්‍රතිලිබරල් වාදීන් පවත්නා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින ආදානාග්‍රාහි මතවාදීන් ලෙසද ලිබරල් වාදීන් නිදහස්‌ මනසකින් යුත් ප්‍රගතිශීලීන් ලෙසද දෙයාකාරයක ප්‍රතිරූප ලබා දී ඇත.

ඩියුක්‌ සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳව පර්යේෂක ඉවාන් චානි සඳහන් කරන්නේ ප්‍රතිලිබරල් වාදීන්ට ප්‍රතිරූපයක්‌ ලබාදී ඇති බවයි.

සමහර අධ්‍යයනවලදී පෙන්වා දී ඇත්තේ ප්‍රතිලිබරල්වාදීන් ඉතා අවංක සහ වගකීම් ඉටුකරන පිරිසක්‌ බවයි.

මේ අතර ප්‍රතිලිබරල් මතය හා සම්බන්ධ ජානයක්‌ ලෙස ඡ4 DR පර්යේෂකයන් හඳුන්වා දෙයි. මෙම ජානය මගින් ඩොපැමයින් සාන්ද්‍රණය ඉහළ නංවයි. ඉහළ ඩොපැමයින් සාන්ද්‍රණය මගින් යම් සිද්ධියක්‌ අමතක කළ නොහැකි තත්ත්වයට පත් කරයි. එනම් සිතෙන් යමක්‌ බැහැර කිරීමේ අපහසුතාව නිසා කනස්‌සලු ස්‌වභාවයට පත්වේ.

ඉලිනොයිස්‌ සරසවියේ අයිරා කාමන් සඳහන් කරන්නේ ලෝකයේ පවත්නා සම්මතයන් ඒ ආකාරයටම පවත්වා ගැනීම හා ඩොපැමයින් සාන්ද්‍රණය අතර කිට්‌ටු සම්බන්ධතාවක්‌ පවත්නා බවය. මේ නිසා 040R ඡානය ප්‍රතිලිබරල් දේශපාලන ඡානයක්‌ ලෙස හඳුන්වයි.

මේ දිනවල අපටද දේශපාලන උණ වැළඳී තිබේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන අය නොමග ගිය පිරිසක්‌ ලෙස සලකා ඔවුන්ට දෝෂාරෝපණය කිරීමට විශාල ශක්‌තියක්‌ වැය කරයි.

ප්‍රථමයෙන්ම අප පිළිගත යුතු ජීව විද්‍යාත්මක සත්‍යයක්‌ පවතී. මිනිසුන් උපදින්නේ තමාට අනන්‍ය වූ දැක්‌මක්‌ රැගෙනය. අප ප්‍රතිවිරුද්ධ මත දරන්නන් අපගේ මතයට නවා ගැනීමට යොදන ශක්‌තිය මත දෙකම සංකලනය කර පොදු දැක්‌මක්‌ නිර්මාණය කර ගැනීමට වැය කළ යුතුය.

තිලක්‌ රණසිංහ
(
New Scientist ඇසුරිනි)

 
Powered By -