අද මේ රටේ ජනතාවගේ
සංස්‌කෘතික ජීවිතය විනාශ වෙලා
මහාචාර්ය සෝමරත්න බාලසූරිය

"හුදෙක්‌ ජීවිතය අභිරමණය කරනු නොසෑහේ. එහෙත් අනෙක්‌ හැම අයකුටම ජීවිතය අභිරමණය කරන ලෙස කියා දිය යුතු වෙමු". ඇල්බෙයා කැමූගේ "පිටස්‌තරයා" (දමඑ sසාeර) නමැති නවකතාවේ පෙරවදනෙහි එන අපූරු කියනමනකි මේ. 1981 දී මේ කෘතිය මුල් ප්‍රංශ බසින් ම සිංහලයට පරිවර්තනය කළ මහාචාර්ය සෝමරත්න බාලසූරිය කෙරෙහි ද එබඳු අපූර්වත්වයක්‌ දැක්‌ක හැකිය. නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, කවියකු, පරිවර්තකයකු මෙන්ම සමාජ නිරීකAෂකයකු ලෙස ද සිංහල සාහිත්‍ය පෝෂණය කළ හෙතෙම මෙරට සිටින සුප්‍රකට විද්වතෙකි.

ඔහුගේ "කරත්තය" නමැති කෙටිකතා සංග්‍රහයට 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිවිය. කලක්‌ රැඟුම් පාලක මණ්‌ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලයේ වත්මන් සභාපතිවරයා ද වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්යවරයකු වූ ඔහු ලාංකේය සාහිත්‍යයේ නව ප්‍රවණතා මෙන්ම ඒ හා බැඳුණු දුර්මත පිළිබඳ පළකළ අදහස්‌ සමුදායකි මේ.

මම(- ඔබ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ මෙන් ම මෙරට සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයේ ද අතිශය කීර්තියට පත් මහාචාර්යවරයෙක්‌. ඔබ විසින් ක්‍ෂේත්‍රයට දායාද කළ පරිවර්තන හා ස්‌වතන්ත්‍ර නිර්මාණ කෘති ප්‍රමාණාත්මක පක්‍ෂයෙන් අතළොස්‌සක්‌ තරම් වූවත් ගුණාත්මකව ඉහළ ආස්‌ථානයක පවතිනවා. මාක්‌ස්‌ලා, ලෙනින්ලා, ට්‍රොට්‌ස්‌කිලා, කෆ්කලා, කැමූලා වැනි දේශපාලන හා සාහිත්‍ය ප්‍රතිරූප පිටුපස දිව්ව ඔබේ පරම්පරාවත් - ඩෙරීඩලා, ලැකාන්ලා, ෆුකෝලා, මාර්කේස්‌ලා, කුන්දේරලා පස්‌සේ දුවන අපේ පරම්පරාවත් අතර ඔබ කිසියම් වෙනසක්‌ දකිනව ද?

බාලසූරිය(- මෙයට දශක තුන හතරකට කලින් විශ්ව සාහිත්‍යයේ මෙන්ම දේශපාලනයේ නව ප්‍රවණතා හා මතවාද ගැඹුරින් අධ්‍යයනය කළ පිරිසක්‌ ක්‍ෂේත්‍රයේ හිටියා. එහෙත් ඔවුන් මේ සියලු මතවාද ඉසියුම් නිරීක්‍ෂණයට හසුකරමින් කියවලා ජීර්ණය කර ගත්තා මිසක්‌ ඒවා අමු අමුවේ ගෙඩිපිටින් අරගෙන සාහිත්‍ය නිර්මාණ කෙළේ නැහැ. ලෝකයේ බිහිවෙන සාහිත්‍ය කලා ප්‍රවණතාවන් අති විශාල යි. සමාජ බලවේගයන් ගේ විපරිණාමයන්ට අනුව ඒවා කලින් කලට විවිධ වේෂයන් ගන්නවා. මේ නිසා සාහිත්‍ය කලාවේ එක ම ගුරුකුලයක්‌ හෝ මතවාදයක්‌ සදාතනික නැහැ. එහි වෙන්වීම් තමයි ප්‍රගතියට බලපාන්නේ. එක්‌, එක්‌ නිර්මාණකරුවන් ඔවුන් අගය කරන ගුරුකුල හා මතවාද අනුයමින් නිර්මාණකරණයේ නියෑළෙනවා. එහි කිසිදු වරදක්‌ මා දකින්නේ නැහැ. නමුත් ඔවුන් එක ගුරුකුලයක්‌ හෝ මතවාදයක්‌ පමණක්‌ උත්කර්ශයට නංවමින් - ඉහළ ආස්‌ථානය තැබීමට යත්න දරනවා නම් ඒක වැරැදියි. ඇල්බෙයා කාමූ හෝ මිලාන් කැන්දේරා ගැන දැන ගැනීම ප්‍රශ්නයක්‌ නැහැ. එහෙත් ඔවුන් ගේ දෘෂ්තිවාද පරමත්වයෙහිලා තබා කටයුතු කිරීම බුද්ධි ගෝචර නැහැ. මේ රටේ වත්මන් සාහිත්‍යකරුවන් පශ්චාත් නූතනවාදී ගුරුකුලවලට අයත් ලේඛක ලේකාවන් ගේ දෘෂ්ටිවාදයන් තත්වාකාරයෙන්ම ප්‍රතිරාවය කරනවා. මේ ආකාරයෙන් පළවන නිර්මාණ කෘති පාඨකයා ප්‍රතික්‍ෂේප කිරීම පුදුමයක්‌ නෙවෙයි.

මම(- අපේ දූපතේ නූතන යෑයි හඳුන්වා දෙන නිර්මාණ ලෝකය හා සස¹ බැලීමේ දී බොහෝ පසුගාමී තලයක ඇති බව දක්‌නට ලැබෙනවා. විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවනතා සහ නූතන සාහිත්‍ය ධාරා පිළිබඳ දැනුම්වත් භාවයක්‌ අවබෝධයක්‌ නැතිව පරණ හොද්දම කාල් ගාමින් ඉන්න අපේ සාහිත්‍යකරුවන් පිළිබඳ ඔබ මොකද හිතෙන්නේ?

බාලසූරිය(- අපට ලෝකයට විවෘත වීමට තිබෙන ප්‍රවණතා හා අවස්‌ථා අඩුයි. එහෙත් සාහිත්‍ය කලා නිර්මාණවල නියෑළෙන්නන් ලෝකයට විවෘත වීම අත්‍යවශ්‍යයයි. එසේ නොවුනොත් හුදෙකලා නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාව ඉහළ යනවා. හුදෙකලා නිර්මාණ ඇතැම් විට ජනප්‍රිය වූවත් ඒවා පවතින්නේ නැහැ. විශ්ව කලාවන් පිළිබඳ දැනුවත්ව ඒ හා සම්බන්ධ වූ ආභාසයක්‌ ලබමින් තරග නිර්මාණ තමයි රටක කලාව පෝෂණය කිරීමට ඉවහල් වන්නේ. සමාජ යථාර්ථය සවිඥනිකව ග්‍රහණය කර ගැනීමට නම් විධිමත් අධ්‍යාපනයක්‌ අවශ්‍යයයි. එහෙත් අපේ රටේ එබඳු තත්ත්වයක්‌ දක්‌නට නැහැ. මෙයට හේතුව ලෝකයට විවර නොවුණු දූපත් මානසිකත්වය. අපි හැම අතින් ම දූප්පත්. අපේ මේ දූපත් මානසිකත්වය නිසා බටහිරට වැඩි බරක්‌ තියලා සමහර වටිනාකම් තක්‌සේරු කරනවා. විශ්ව සාහිත්‍යයෙන් බොහෝ රටවල සාහිත්‍ය ධාරාවන් පෝෂණය වෙනවා. එහෙත් අපේ රටේ වෙන්නේ ඒකේ අනෙක්‌ පැත්ත.

ලෝකයේ බිහිවූ නව සාහිත්‍ය කෘති "නව ප්‍රවණතා" මෙන් ම මතවාද ගැන ද ලේඛකයන් දැන සිටිය යුතු යි.

නමුත් නව්‍යවාදය, පශ්චාත් නූතනවාදය, සාංදෘෂ්ටිකවාදය, මායා යථාර්ථය වැනි අභිනව චින්තත සහ දෘෂ්ටිවාද ඕපපාතිකව බිහිවුණේ නැහැ. මේ සියල්ල ඒ ඒ රටවල පැවැති දේශපාලන හා සමාජ විපර්යාසයන් ගේ ප්‍රතිඵල හැටියට බිහිවුණු දේවල්. නිදසුනක්‌ වශයෙන් දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක්‌ හැටියට තමයි සාංදෘෂ්ටිකවාදය බිහිවුණේ. මෙබඳු මතවාදයන් ඔස්‌සේ කරන ලද නිර්මාණ කියෑවීම හා අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්‌. නමුත් ඒ, ඒ රටවල එකී මතවාදයන් බිහිවීමට හේතු වූ පසුබිමක්‌ ඒ සමගම අධ්‍යයනය කළ යුතුයි. විශ්ව සාහිත්‍ය කෙරෙන් අපට ආභාසය ලබා ගන්න පුළුවන්. එහෙත් අපේ නිර්මාණ කෙරෙන් අපේම අනන්‍යතාවක්‌ පිළිබිඹු කළ යුතුයි. අපට අදීන සම්ප්‍රදායක්‌ මෙන්ම ඉතිහාසයක්‌ ද තිබෙනවා. නමුත් අපි අනුන්ගේ කෘති අනුකරණය කර නැවතත් විශ්ව සාහිත්‍යයට දැම්මොත් ඒවා ඉතා ඉක්‌මනින් ප්‍රතික්‍ෂේප වෙනවා.

අද නවකතාව, කෙටිකතාව, කවිය වැනි සාහිත්‍ය කලා නිර්මාණ කෙරෙන් උසස්‌ මට්‌ටමේ කෘති අපට දක්‌නට ලැබෙන්නේ නැහැ. මෙයට හේතුව අපේ ලේඛක ලේකාවන් බොහෝ වෙලාවට සමාජයේ පවතින්නා වූ සාමාන්‍ය ජනයාට සහ ඔවුන්ගේ පැවැත්මට අදාළ වන්නාවූ දේශපාලන, සමාජ, ආර්ථික හා වර්ගවාදී ප්‍රශ්න හරි හැටි අවබෝධ කොට නොගැනීම යි.

සමාජයේ පවතින්නා වූ ප්‍රබල තත්ත්වයන් ගේ සංකීර්ණ බව ඔවුන් ගේ හෘදස්‌පන්දනයට නොදැනීම නිසා බොහෝ වේලාවට මධ්‍යම ගණයේ මෙන්ම අවරගණයේ කලා නිර්මාණ බිහිවෙනවා. අපේ ආධුනික ලේඛකයන් බොහෝ දෙනෙක්‌ ආභාසය ලබන්නේ මෙවැනි කෘතිවලින්. එහෙත් මෙබඳු අවරගණයේ නිර්මාණ ඇසුරු කිරීමෙන් ආධුනිකයන්ගේ නිර්මාණ තව දුරටත් දුබල වෙනවා. මේක විශාල ෙ€දවාචකයක්‌.

මම(- අද්‍යතන සමාජයට දැනුම ගලා ගෙන එන විධිමත් විනයක්‌ සහිත ශාස්‌ත්‍රාලයීය පසුබිමක්‌ නැහැ. බුද්ධි නිර්මිතයේ ඇති වී තිබෙන මේ න්‍යායික දරිද්‍රතාව වතමන් දේශපාලන ක්‍ෂේත්‍රයට ද එල්ල කොට තිබෙන්නේ මරු පහරක්‌. මේ සන්දර්භය තුළ ලාංකේය බුද්ධිමය සංස්‌කෘතියෙහි ප්‍රමිතියකින් තොරව ඕනෑම පුද්ගලයකුට න්‍යායාචාර්යවරයකු වීම් අවකාශය ලැබී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ ආකල්පය කෙබඳු ද?

බාලසූරිය(- අද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියෑළෙන විද්‍යාර්ථයන්ට බාහිර දැනුම සොයා පාදා ගැනීමට තරම් කාල අවකාශයක්‌ නැහැ.

මේ අධ්‍යාපන රටාව විසින් ඔවුන්ගේ විවේක බුද්ධිය අහිමි කොට තිබෙනවා. ශාස්‌ත්‍රාලයීය පද්ධතිය ඇසුරෙන් බිහිවෙන න්‍යායාචාර්යවරුන් වඳවීම නිසා බුද්ධි නර්මිතයේ වතුවී තිබෙන මේ හිදැස ස්‌වාභාවිකයි. මෙහිදී ඇතැමුන්ගේ ඇඟිල්ල එකවර ම දිගු වන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය වෙතටයි. රටක චින්තන වින්දන ශක්‌තිය දියුණු කිරීමෙහිලා මහඟු කාර්ය භාරයක්‌ විශ්වවිද්‍යාල පද්ධතියට පැවරී තිබෙනවා. එදා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටි ද්විභාෂිත බුද්ධිමතුන් ක්‍රමයෙන් වඳ වී යාමත් මේ ශාස්‌ත්‍රීය අර්බුදයට එක්‌ හේතුවක්‌ ලෙස මේ බුද්ධිමය අවපාතය තුළ පාරක්‌ හන්දියක්‌ ගානේ ව්‍යාජ න්‍යායාචාර්යවරු බිහිවීම පුදුමයක්‌ නොවෙයි.

මම(- මහා සම්ප්‍රදායක්‌ හැමවිටම බිහිවන්නේ දර්ශනය හා ආගම පදනම් කර ගෙනයි. එහෙත් අපේ මහා සම්ප්‍රදාය මේ වන විට සුනු විසුනු වී ඇති බව පෙනෙනවා. එදා තිබුණු මහා ආඛ්‍යාත (ඨරුaඑ භමරර්එසඩැs) අද ක්‍රමයෙන් යටපත් වී ගිහින්. අතීතයේ දී මෙන් මහා වෘත්තාන්ත වීර කාව්‍ය දෘෂ්‍ය කාව්‍ය ආදිය අද අපට දක්‌නට නැහැ. සමාජ බලවේගයන් ගේ මේ විපරිනාමය කෙරෙන් අද සියලු ම කලා ක්‍ෂේත්‍රවල වීරයන් වෙනුවට බිහිවී සිටින්නේ විහිළුකාරයන්. මේ අර්බුදයට හේතුව කුමක්‌ ද?

බාලසූරිය(- මහා ආඛ්‍යාන හැම විටම බිහිවන්නේ මිනිසා හා සමාජය අතර තිබෙන අවියෝජනීය බැඳීම හරහා යි. පරිභෝජනය මුල් aකරගත් ස්‌වාර්ථය රජයන සමාජයක මහා ආඛ්‍යාන යටපත් වී චූල ආඛ්‍යාන මතුවීම ස්‌වභාවික යි. ගෝලීය ධනවාදයේ අගතිය තමයි මෙයින් පිළිබිඹු වන්නේ. අද හැම දෙනාම රැල්ලට ගහගෙන යනවා. සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් දායක වන, එය අනවරතයෙන් සේවනය කරන මධ්‍යම පාන්තිකයා පවා අද වල්මත් වෙලා. අද බිහිවන නිර්මාණ කෘතිවල පවා කිසිදු සමාජ විවරණයක්‌ දක්‌නට නැහැ. මෙයින් විද්‍යාමාන වන්නේ මහා සම්ප්‍රදායේ ගරා වැටීම යි. ආර්ථික හා සංස්‌කෘතික ආක්‍රමණයන් කෙරෙන් උද්ගත වී තිබෙන මේ අර්බුදය හමුවේ වීරයන් යටපත් වී විහිළුකාරයන් ඉස්‌මතුවීම පුදුමයක්‌ නෙවෙයි. එහෙත් මහා සම්ප්‍රදායට උරුම චින්තන රටාව තවම අප කෙරෙන් ගිලිහී නැහැ. එහි පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රාණ වායුව තවම තිබෙනවා. සංස්‌කෘතික ජීවිතය යටපත් කළ සමාජයකට පෙරළා නැඟිටීමට කාලයක්‌ ගත වෙනවා.

මම(- සාහිත්‍ය කෘතියක්‌ ශ්‍රේෂ්ඨ නිර්මාණයක්‌ බවට පත් වන්නේ ඒ කෙරෙන් සමාජ දේශපාලන විවරණයක්‌ පිළිබිඹු වුණොත් පමණයි. 1981 දී ඔබ විසින් පරිවර්තනය කළ ඇල්බයා කැමූගේ "පිටස්‌තරයා" (ධමඑ Sසාeර) නමැති නවකතාව කෙරෙන් සම්ප්‍රදාය, අධිකරණය හා මිනිසාගේ ජීවත්වීමේ නිදහස පිළිබඳ ගැඹුරු කතිකාවක්‌ විද්‍යමාන වෙනවා. එහෙත් මා කලින් සඳහන් කළ පරිදි දේශපාලන විවරණයක්‌ රැගත් කැමූගේ "මහාමාරිය" (ඔයෑ ඡක්‌ටමැ) නමැති "නවකතාව" පිස්‌තරයාට වඩා ප්‍රශස්‌ථ මට්‌ටමක ඇතැයි හැඟෙනවා. සාහිත්‍ය කෘතියකට දේශපාලන දෘෂ්ටියක්‌ තිබිය යුතුද?

බාලසූරිය(- සාහිත්‍ය කෘතියක්‌ සඳහා දේශපාලන මතවාදයන් ප්‍රචාරණය කිරීම සුදුසුයි කියා මා කියන්නේ නැහැ. නමුත් අද අපේ ජන ජීවිතයේ සියලු ම අංගෝපාංග දේශපාලනීකරණයට ලක්‌ වී තිබෙනවා. ළමයෙකුට උප්පත්තිය ලබාදීමට, ළමයකු පාසලට ඇතුළු කිරීමට, රැකියාවක්‌ ලබාගැනීමට ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට බස්‌ එකක්‌ පාරට දමා ගැනීමට මේ හැම දේටම දේශපාලනය අවශ්‍ය යි. පූර්වෝක්‌ත කරුණු කාරණා හඳුනාගෙන නිර්මාණ කිරීම තමයි මා සාහිත්‍යයට දේශපාලනය අවශ්‍යයි කියන එකෙන් අදහස්‌ කරන්නේ. ලෝකයේ එක එක රටවල සාහිත්‍යයේ අන්තර්ගතය වෙනස්‌. ඔබ කලින් සඳහන් කළ ඇල්බයා කැමූගේ "මහාමාරිය" නමැති කෘතිය ප්‍රබල දේශපාලන විවරණයක්‌ රැගත් කෘතියක්‌ බව මාත් පිළිගන්නවා. ලෝකයේ නිතරම ප්‍රශස්‌ථ සාහිත්‍ය කෘති බිහි වී තිබෙන්නේ සමාජ හා දේශපාලන විපර්යාසයන් ගේ ප්‍රතිඵල හැටියට. ප්‍රංශ සාහිත්‍යය අරගෙන බැලුවොත් ඔවුන් මුහුණදුන් ලෝක යුද්ධය එම නිර්මාණ සඳහා බලපෑම් කොට තිබෙනවා. ඇල්බෙයා කැමූ කියන්නෙත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ පුද්ගලයෙක්‌. ඔහු ඉපදිලා තිබෙන්නේ ඇල්ජීරියාවේ. කැමූ ඔහුගේ ආචාර්ය උපාධිය ඉවර කරලා අන්තිමට ගුරුවරයෙක්‌ වශයෙන් සේවය කළා. නමුත් කලක්‌ යනකොට ඔහුට වැටහුණා ඔහුගේ දේශපාලනය නිසා ගුරු වෘත්තිය ඔහුට බාධාවක්‌ කියලා. මේ අනුව ඔහු දිගින් දිගටම ක්‍රියාකාරී දේශපාලනයට යොමු වුණා. ඔහුගේ මතවාද ඇල්ජීරියානු ජනතාවට සන්නිවේදනය කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. මොකද ඒ රටේ බුද්ධිමත්, උගත් ජනතාවක්‌ හිටියේ නැහැ.

මිදි වතුවල වැඩ කරන කම්කරු ජනතාවගේ ජීවන මට්‌ටම එතරම් උසස්‌ තලයක නොතිබුණු නිසා ඔවුනට සිය අදහස්‌ සන්නිවේදනය කිරීමට අපහසු වුණා. ලිපි ලේඛන හරහා අදහස්‌ සන්නිවේදනය කිරීමට අපහසු බව දැනගත් කැමූ තම දේශපාලන මතවාද ප්‍රකාශ කිරීම සඳහා නාට්‍ය පවා යොදා ගත්තා. ඔහු නිතරම දක්‍ෂිණාංශය විවේචනය කරමින් විපක්‍ෂයේ හිටපු පුද්ගලයෙක්‌. එහෙත් ඔහු අවසාන කාලයේ දී කොමියුනිස්‌ට්‌ පක්‍ෂයෙන් ඉවත් වෙලා මානවහිතවාදී, සමාජවාදී පුද්ගලයකු බවට පත්වුණා.

මේ අනුව තමයි කැමූගේ සාහිත්‍ය හැඩ ගැහුණේ. ඇත්තටම ලේඛකයන් ගේ පැවැත්ම චින්තනය හා නිර්මාණ වෙන් කරන්න බැහැ. නමුත් අපේ සාහිත්‍ය තුළ මෙය බෙදුම් කඩනයට ලක්‌ වී තිබෙනවා. පූර්ණකාලීන වශයෙන් සාහිත්‍යයට කැපවුණු සාහිත්‍යකරුවන් ගේ විරල භාවයත් මේකට හේතුවක්‌. සමාජ එක්‌ක හෝ දේශපාලනය එක්‌ක නොගැටෙන විට බිහිවන්නේ ප්‍රතිභාව ඔස්‌සේ පමණක්‌ ලියෑවුණු හුදෙකලා නිර්මාණ. පශ්චාත් නූතනවාදය පවා බිහිවුණේ කිසියම් දේශපාලන හා සමාජ පසුබිමක්‌ තුළයි. මේ නිසා දේශපාලනය හා සාහිත්‍යය අතර අවියෝජනීය සම්බන්ධයක්‌ තිබෙන බව අපට පිළිගන්නට සිදුවෙනවා.

මම(- වත්මන් විචාර කලාව කෙරෙන් නිර්මාණයක්‌ අරබයා සැපයෙන තක්‌සේරුවේ යුක්‌ති සහගත භාවය පිළිබඳ විශාල ගැටලු මතු වෙනවා. නූතනවාදය, පශ්චාත් නූතනවාදය හා ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ආදී නව මතවාද උසුරුවමින් මේවා අවබෝධ කර නොගත් නිර්මාණකරුවන් හා පාඨකයන් ව්‍යාකූල කළ දෙඤ්ඤං බැටේ විචාර කලාව ද අද යටපත් වී තිබෙනවා. ඇත්තෙන්ම ලංකාවේ විචාර කලාවට මොකද වුණේ?

බාලසූරිය(- අද තත්ත්වය සලකා බලන විට මෙරට විචාර ක්‍ෂේත්‍රයේ පරිහානියක්‌ දක්‌නට ලැබෙනවා. සාහිත්‍ය කෘතියක්‌ ගැඹුරින් විචාරය කරන විචාරකයන් අද අපට නැහැ. පුවත්පත්වල පළ වන සාහිත්‍ය විචාර පවා හුදෙක්‌ ග්‍රන්ථය හඳුන්වා දීමකට වඩා ගැඹුරට යන්නේ නැහැ. නමුත් මේ රටේ 50-60 දශකවල සාහිත්‍ය විචාරය පිළිබඳ සැලකිය යුතු ප්‍රබෝධයක්‌ ඇතිවී තිබුණා. සාහිත්‍යයේ දියුණුවට පලදායක විචාර සම්ප්‍රදායක්‌ එදා ගොඩනැඟී තිබුණා. ඒ විචාර සම්ප්‍රදාය බිහිවීමට හේතු වුණේ එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුබිම් කරගෙන ඇති වුණු සාහිත්‍ය ප්‍රබෝධය යි. පේරාදෙණිය විචාර සම්ප්‍රදාය විවේචනයට ලක්‌ කළ විශ්වවිද්‍යාලවලට පරිබාහිර ගුරුකුල කිහිපයක්‌ ඒ සමයේ තිබීම නිසා සාහිත්‍ය කලා පිළිබඳ සැලකිය යුතු සංවාදයක්‌ ඇතිවුණා. එම සංවාද පාඨකයා වෙත ගෙන යාමට ශාස්‌ත්‍රීය මට්‌ටමේ සඟරා කිහිපයක්‌ ද විශ්වවිද්‍යාල වලිනුත් වෙනත් පරිබාහිර පිරිස්‌ අතිනුත් බිහිවුණා. මේ අනුසාරයෙන් එවකට බිහිවුණු ප්‍රශස්‌ථ පොතපත පාඨකයාට හඳුනා ගැනීමට අවකාශය ලැබුණා. එහෙත් අද ඔබ කලින් කියූ මතවාද ඔස්‌සේ සාහිත්‍ය විචාර, කෙරෙනවා. එහෙත් ඒ සියල්ල අඳුරේ අතපත ගාමින් කෙරෙන වෛරී සහගත ශාස්‌ත්‍රික විචාර. නිර්මාණකරුවාට පරිභව කිරීම හොඳ විචාරකයකු ගේ ලක්‍ෂණයක්‌ නොවෙයි.

විශේෂයෙන් ම විචාරය තුළ හොඳ සංයමයක්‌ තිබිය යුතුයි. ඒ වගේම පවතින්නා වූ විචාර මතවාද ගැඹුරින් හදාරලා සාහිත්‍ය කෘතියක්‌ දෙස නිවැරැදි දෘෂ්ටි කෝණයකින් බැලීමට හැකියාවක්‌ තිබෙන විචාරකයන් නොමැතිවීම අපේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයට සිදුවී තිබෙන විශාල පාඩුවක්‌. විචාරය නිතරම නිර්මාණාත්මක විය යුතුයි. එය නාශක විචාරයක්‌ වෙන්න බැහැ. සෑම විචාරකයකුට ම තිබෙනවා මොඩෙල් එකක්‌. ඔවුන් ප්‍රිය කරන විචාර විධි ක්‍රමයක්‌. එහෙත් සාහිත්‍ය කෘතියක්‌ විචාරය කිරීමේ දී ආකෘතිය නොවෙයි වැදගත් වන්නේ එහි තිබෙන අන්තර්ගතය යි. පසුගිය කාලේ ලංකාවේ පැවැති විචාර කලාව නිසා ඇතැම් ලේඛකයන් නිර්මාණකරණයේ දිගින් දිගට ම නියෑළීමට මැළිකමක්‌ දැක්‌වූවා. එය නිර්මාණකරුවන් සාහිත්‍ය ලෝකයෙන් පිටුවහල් කිරීමට ගත් උත්සාහයක්‌ හැටියටයි මා දකින්නේ.

මම(- කෙටිකතාකරුවකු හැටියට ඔබ විචාරකයන්ගේ වෙසෙසි අවධානයට ලක්‌වුණු ලේඛකයෙක්‌. ඔබේ "කරත්තය" නමැති කෙටිකතා සංග්‍රහය ප්‍රශස්‌ථ මට්‌ටමේ කෘතියක්‌. එහෙත් මෑතකදී ඔබ විසින් පළ කළ "සිහින දෙකක්‌" නමැති කෙටිකතා සංග්‍රහය පිළිබඳ පාඨකයා වැඩි උනන්දුවක්‌ දැක්‌වූයේ නැහැ. නිර්මාණකරුවකු හැටියට ඔබට මේ ගැන මොකද හිතෙන්නේ?

බාලසූරිය(- මගේ අලුත් කෙටිකතා සංග්‍රහයට ලැබුණු පාඨක, විචාරක ප්‍රතිචාර ඔබ කිව්වා වගේ අල්පයි. එහෙත් ඒ පිළිබඳ මට කිසිදු කනගාටුවක්‌ නැහැ. මා ලේඛකයකු ලෙස සාර්ථක වුණා නම් වුණේ මගේ නිර්මාණ පිළිබඳ මා තුළම තිබුණු විවේචනය නිසයි. සාමාන්‍යයෙන් නිර්මාණකරණයේදී මම මා සමගම හුදෙකලා සංවාදයක නියළෙනවා. මගේ "කරත්තය" කෙටිකතා සංග්‍රහය සාර්ථකවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඒ කෙරෙහි මා තුළ තිබූ විවේචනාත්මක දෘෂ්ටිය යි. මා මගේ හැම නිර්මාණයක්‌ ම පළමුව තනියම විවේචනය කරනවා. මෙහිදී මගේ විමර්ශනයට අනුව මුල් පිටපත පෙරළා කිහිප වාරයක්‌ ම සකස්‌ කෙරෙනවා. ඒ කොහොම වුණත් කෙටිකතාවක්‌ හෝ නවකතාවක්‌ ලියා පළ කළ පසු මා ඒ පිළිබඳ සිදුවන සෙසු කාරණා පිළිබඳ එතරම් උනන්දු වන්නේ නැහැ. පොත එළිදැක්‌වීම, ප්‍රචාරණය කිරීම, අලෙවි කිරීම ආදී දේවල් සඳහා මා කාලය විඩංගු කරන්නේ නැහැ.

මම(- ඔබ මෙරට රැඟුම් පාලක මණ්‌ඩලයේ සභාපතිවරයා හැටියට දෙවරක්‌ ම සේවය කළා. සිනමා මාධ්‍ය සම්බන්ධයෙන් දැනට නෛතික වශයෙන් සම්මතව පවතින අධීක්‍ෂණ සහ වාරණ ව්‍යqහය වන රැඟුම් පාලක මණ්‌ඩල අද බොහෝ දියුණු රටවල දක්‌නට නැහැ. මේ කෙරෙන් කලාකරුවන්ගේ පරිකල්පනයට විලංගු දැමීමත් සිදුවන බව පෙනෙනවා. කලාවේ උන්නතියට රැඟුම් පාලක මණ්‌ඩලයක්‌ අවශ්‍යයි ඔබ සිතනවාද?

බාලසූරිය(- කලා කෘතියකින් නිර්මාණකරුවා අප ජීවත් වන සමාජය විචාරයට භාජනය කරනවා. එහෙත් මේ තත්ත්වය වැළැක්‌වීමට කටයුතු කිරීමෙන් සමාජයේ සිදුවන දේවල් වසන් කරන්න බැහැ. සමාජය ඇතුළේ සිදුවන දේවල් දවසින් දවස සිය දහස්‌ ගුණයකින් ඉහළ යනවා. අද බොහෝ දියුණු රටවල "රැඟුම් පාලක මණ්‌ඩල" වෙනුවට තිබෙන්නේ වර්ගීකරණ ආයතන (Raඑසබට Aටැබජසැs) පමණයි. එහෙත් රැඟුම් පාලක මණ්‌ඩලයකට පවා කලා කෘති වර්ගීකරණයකට ලක්‌ කිරීමට හැකියි. අප ජීවත් වන්නේ බෞද්ධ සංස්‌කෘතියකට උරුමකම් කියන රටක. මෙහිදී අපට බටහිර රටවල කලා නිර්මාණවලට තිබෙන නිදහස සම්පූර්ණයෙන් ම අත්විඳින්න බැහැ. එහෙත් මිනිසාගේ ජීවත්වීමේ නිදහස පිළිබඳ සාකච්ඡා කරන ඕනෑම කලා කෘතියකත් මා අගය කරනවා.

සංවාද සටහන
ශෂී ප්‍රභාත් රණසිංහ

 
Powered By -