සම්මානවලින් හිඟයක්‌ නොවූ විලියම් ෆොක්‌නර්

තම නිර්මාණ හැකියාවන් ලොව පාඨකයන් වෙත දායාද කරමින් සම්මාන පිට සම්මාන හා විවිධ රාජ්‍ය තනතුරු ලැබ, ජගත් කීර්තියට පත් විලියම් ෆොක්‌නර් නම් ලේඛකයා අමතක කළ නොහැකි මානව හිතවාදියෙකි.

මෙම සාහිත්‍යධරයා උපන්නේ ඇමරිකාවේ මිසිසිපි ප්‍රදේශයේ ඇල්බනි පුරවරයේය. ඒ 1897 වර්ෂයේ සැප්තැම්බර් 25 දිනයි. පිරිමි සහෝදරයන් සිව් දෙනකු ගෙන් යුත් මොහුගේ පියා වූයේ මවුඩ්බට්‌ලර් ෆොක්‌නර්ය. මව මුරේ නම් වූවාය. පවුලේ වැඩිමහල් දරුවා මොහුය.

පාසල් වියේ සිටම ෆොක්‌නර් චිත්‍ර කලාවට සහ කවි කියවීමට දක්‍ෂ වූයේය. කීර්තිධර කවීන්ගේ පද්‍ය රචනා කෙරෙහි ඔහු වඩාත් ඇළුම් කළේය. ළමා විය පසු කරත්ම හමුදා සේවයට වැඩි කැමැත්තක්‌ දැක්‌වීය. මේ සඳහා නියමිත සුදුසුකම් වල අඩුපාඩු තිබුණ ද, කෙසේ හෝ උපක්‍රමශීලීව ඔහු හමුදාවට බැඳුණි. හමුදාවට බැදී ටොරන්ටෝ නගරයේ පිහිටි යුද අභ්‍යාස කඳවුරේ පුහුණුව ලබාගත්තේය. හමුදා පුහුණුවෙන් පසු සුළු කලකින් යුද්ධය අවසන් වීම නිසා හමුදා සේවයෙන් අස්‌වීමට සිදුවිය. පසුව මොහු විශේෂ වරප්‍රසාද මත මිසිසිපි සරසවියට ඇතුළත් වූයේය. මෙම විශ්ව විද්‍යාලය මගින් නිකුත් කරන ලද පුවත්පතක්‌ මගින් තම නිර්මාණ හැකියාවක්‌ (කෙටි කතා - කවි) එළි දැක්‌වීය. මෙම සරසවියේදීම ඔහු නාට්‍ය සංගමයක්‌ද පිහිටුවා ගත්තේය.

මිසිසිපි විශ්ව විද්‍යලයෙන් සමුගෙන 1921 දී නිව්යෝර්ක්‌ නගරයේ පොත් සාප්පුවක සුළු කලක්‌ සේවය කර තැපැල් කාර්යාලයක රැකියාවක්‌ සඳහා යොමුවිය. තැපැල් සේවාවෙන්ද 1924 දී ඉවත් වී බාලදක්‍ෂ උපදේශකයෙකු වශයෙන් බැඳුණි. අනතුරුව මිසිසිපි හි පිහිටි බලාගාරයක සේවය කරමින් සිටියදී 1926 වර්ෂයේදී නව කතාවක්‌ ලීවේය. එහි නම වූයේ "අස්‌ අයි ලේ ඩයින්" (AS I IAYDYING) යනුවෙනි. මෙම නව කතාව ලොව සුපතල වැඳගත්ම නව කතා සියය අතරට එක්‌ වූවක්‌ ලෙස සැලකෙයි. මෙම කතාව එළිදක්‌වා ඇත්තේ 1930 වර්ෂයේදීය. කතා ව්‍යුහයට පසුබිම් කරගෙන ඇත්තේ පීඩිත පවුලක තොරතුරුය.

ෆොක්‌නර් හමුදා පුහුණු කාලයේදී ලත් අත්දැකීම් හා තවත් මන(කල්පිත කරුණු පාදක කරගෙන "සොල්දාදුවන්ගේ වේතන" (SOLDIERS PAY) මැයින් කළ නිර්මාණය ප්‍රථම කෘතිය ලෙස සැලකෙයි. මෙය 1926 වර්ෂයේදී නිකුත් කර තිබේ. ඒවන විට මොහුගේ වයස අවුරුදු 29 කි. විවාහ දිවියට ඇතුළත් වූ ෆොක්‌නර්ගේ බිරිඳ වූයේ එස්‌ටෙල්ලි නම් රූමත් කතකි.

ෆොක්‌නර් විසින් රචිත නවකතා අතරට "මොස්‌කිටෝස්‌ (MOSQUITOES) ෆ්ලැග් ඉන් ද ඩස්‌ට්‌ (FLAG IN THE DUST) යන කතා දෙක 1929 දී පළ කළේය. "ෆ්ලැග් ඉන් ද ඩස්‌ට්‌" නමැති කෘතිය පසුව "ස්‌ටෝරීස්‌" (STORIES) යනුවෙන් සංශෝධනය කෙරිණි. 1929 වර්ෂයේදීම " ද සවුන්ඩ් ඇන්ඩ් ද ෆුරී" (THE SOUND AND THE FURY) නැමැති කතාවද ප්‍රකාශයට පැමිණවීය. "සැන්චුවරි" යනුවෙන් තවත් කතාවක්‌ ගෙතීය. ඉන් නොනැවතී දිගටම කතා ලීවේය. "ලයිට්‌ ඉන් ඕගස්‌ට්‌" (LIGHT IN AUGUST) "එබ්සලොම්" (ABSALOM) "ඉන්ටෲඩර් ඉන්ද ඩස්‌ට්‌" "රීකුයිම් ෆොaර් අ, නන්" "අ ෆේබර්", "ද රිවර්ස්‌" යන කතා ඒ අතර වෙයි. "ද රිවර්ස්‌" නැමැති කතාව එළිදක්‌වා ඇත්තේ 1962 වර්ෂයේදීය.

නව කතා පමණක්‌ම නොව මොහු විසින් රචිත බොහොමයක්‌ කෙටි කතාවලට පුවත්පත් මගින් ඉඩ කඩ ලැබිණි. තම නැවුම් කෙටි කතාව 1930 දී පළ වූයේ "ෆොරම්" නමැති පුවත්පත මගිනි. මෙම කෙටි කතාවේ මාතෘකාව වූයේ "අ රෝස්‌ තෝර් එමලි" යනුවෙනි. "ඊවිනින් පොස්‌ට්‌" නමැති පුවත්පත මගින්ද කෙටි කතාවලට ඉඩ ලැබිණි. දීස්‌ - 13 (THESE - 13) යනුවෙන් මුලින්ම කෙටිකතා පෙළක්‌ ප්‍රකාශයට පැමිණ වූ අතර, ඉන්පසු "ඩොක්‌ටර් මාටිනෝ" (DR-MARTINO) යනුවෙන් තවත් කෙටි කතා රැසක්‌ද, කලෙක්‌ටඩ් ස්‌ටෝරීස්‌ (COLLECTED STORIES) යනුවෙන් තවත් කතා කීපයක්‌ද ප්‍රකාශයට පමුණුවන ලදී.

මොහුගේ විනෝදාංශ වශයෙන් අසුපිට යැම සිත්ගත් එකක්‌ විය. එසේම ඉඳහිට මත්පැන් පානයටද ඇබ්බැහිවී, වයස 50 ඉකුත් වෙද්දී මත් ලෝලීයෙකු ලෙස හැසිරුනේය.

කෙටි කතා, නව කතා, නාට්‍ය, කාව්‍ය පිළිබඳ තම නිර්මාණ කුසලතා එළිදැක්‌වූ ෆොක්‌නර් තම සැඳෑසමය කිට්‌ටු කරද්දී සම්මාන පිට සම්මාන මගින් සම්මානනීය වූයේය. 1940 දශකයේදී මෙම ලේඛකයාට ඇමරිකා ජාතික කලා ආයතනයේ පත්වීමක්‌ ප්‍රදානය කෙරිණි. එවකට සිටි ඇමරිකන් ජනාධිපති අයිසන් හවර් මහතා මෙම ලේඛකයා කෙරෙහි මහත් බැඳීමකින් කටයුතු කළේය. ඇමරිකා කලා ආයතනයෙන් "මිසිසිපි ලේඛක ඉඩෝරා" යනුවෙන් ප්‍රදානය කරන මුදුවද, ග්‍රීන් ඇතන්ස්‌ ඇකඩමියෙන්, රිදී මුද්‍රිකාවක්‌ද, හොවෙල්ස්‌ මුද්‍රිකාවක්‌ද, "ජුලිස්‌ටර්" සම්මානයද මොහුට ලබා ගැනීමට හැකිවිය. සම්මානය "ද නෝබල්" නැමැති කෘතියට හිමිවිය. හොවෙල්ස්‌ මුද්‍රිකාව ලැබුණේ ඇමරිකන් නිර්මාණකරණය වෙනුවෙනි.

1960 දශකය වනවිට වඩාත් මත්පැන් බීමට පුරුදු වීම නිසා නිතර අසනීප තත්ත්වයේ පසු විය. සුවය ලද විට යළි අසුපිට නැඟයැමෙන් වැටී ඇට බිදී ලෙඩ ඇඳට වැටිණි. 1962 ජුලි 07 දා ඔහු මෙලොවින් සමුගත්තේය.

මෙවන් ශ්‍රේෂ්ඨ ලේඛකයන් ලොවින් සමුගත්තද, ඔවුන්ගේ නම් වතගොත නොමියෙන අතර තම නිර්මාණ කුසලතා පාඨකයන් ගෙන් වසන් කළ නොහැකි තරම්ය.


ආර්.ඇම්.ටී.බී. රත්නායක‍

 

 
Powered By -