අවිස්‌සාවේල්ල පොලිස්‌ බල ප්‍රදේශයේ පොලිස්‌ නිලධාරීන් සියයක විතර පිරිසක්‌ (12 දා) රාත්‍රීයේ රුවන්වැල්ල පැත්තෙන් ගලාඑන සීතාවක ගඟේ මහා වැටලීමක්‌ කෙරුවා.

මේ වැටලීම කළේ හොරෙන් මැණික්‌ ගරන පිරිසක්‌ අල්ලන්නයි.

පොලිසියේ වැටලීමට රුවන්වැල්ල, යටියන්තොට, අවිස්‌සාවේල්ල සහ තවත් පොලිස්‌ ස්‌ථාන කීපයකම නිලධාරීන් එකතු වුණා.

මේ වැටලීම කරද්දී මහ රෑ හොරට මැණික්‌ ගරන මිනිස්‌සු සියයකට ආසන්න පිරිසක්‌ හිටියලු.

පොලිසිය එද්දී මැණික්‌ ගරන කීපදෙනෙක්‌ කිමිදිලා පැනගත්තාලු. තවත් පිරිසක්‌ හතර පැත්තට දුවන්න පටන් ගත්තා.

මේ මහා පොලිස්‌ බලඇණිය මැණික්‌ ගරපු විශාල පිරිසෙන් තුන්දෙනෙක්‌ අත්අඩංගුවට අරන් තියෙනවා.

"අපි මේ වැටලීම කරන ආරංචිය මැණික්‌ ගරන්නන්ට කවුදෝ දීලා තියෙනවා. ඔය ආරංචිය පොලිසියෙන්ම ගියාද දන්නෙත් නැහැ. එහෙමත් අයියලා පොලිසියේත් ඉන්නවානේ කියලා පොලිස්‌ ලොක්‌කෙක්‌ පොලිස්‌ ඇසට කිව්වා.

*           *         **           *         *         

දැන් අපේ මිනිස්‌සු පිටරට දේවල් පරිහරණය කිරීමට ලොකු කැමැත්තක්‌ දක්‌වනවා. පිටරට කෑම, පිටරට ඇඳුම්, පිටරට බීම වගේ දේවල්වලට අපේ මිනිස්‌සු මේ විදිහට කැමැති වෙනවා. මේ ළඟදී ඉඳලා අපේ මිනිස්‌සු පිටරට සිගරට්‌ වලටත් පුරුදු වෙලා.

මේ සිගරට්‌ ළඟ තබා ගැනීම, සම්පූර්ණයෙන්ම තහනම්.

පෙරේදා රාත්‍රියේ මාවනැල්ල නගරයේදී පකිස්‌තාන් සිගරට්‌ පැකට්‌ 9 බැගින් තියාගත්ත තරුණයන් තුන්දෙනෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගත්තා.

ඇත්ත.... කියනවා මේ සිගරට්‌ පැකට්‌ 27 තමන්ට ලැබුණේ කොහොමද කියලා" පොලිස්‌ ලොක්‌කා තරුණයින් තුන්දෙනාගෙන් ප්‍රශ්න කළා.

අපි මේ පැකට්‌ 27 පිටරටින් ගෙන්වා ගත්තා යෑයි සැකකරුවන් උත්තර දුන්නා.

සිගරට පැකට්‌ 27 ක්‌ පිටරටින් ගෙන්වන්න තරම් සිගරට්‌ බොන සල්ලිකාරයන් අපේ රටේ ඉන්නවා යෑයි පොලිස්‌ ලොක්‌කෙන් අපට කිව්වා.

*           *         **           *         *         

ළමා කාලයේ ඉඳලා හොරකම් කරලා, ඒ හොරකම්වලින් කාලයක්‌ ඈත්වෙලා ඉඳලා ආයිත් වරක්‌ හොරකම් කිරීමට පුදුරුදු වූ කළුලාල්, නමින් ප්‍රසිද්ධ හොරෙක්‌ මොරටුව පොලිසිය මගින් පෙරේදා අත්අඩංගුවට ගත්තා.

කළුලාල් හොරකම් කරන්නෙත් වැදගත් විදිහටලු. ගෙවල්වලට ගිහින් ගෙදර කවුදෝ ඉන්නේ කියලා බෙල්එක ගහලා බලනවා. එහෙමත් නැතිනම් ජනේල අස්‌සෙන් එබිලා බලනවා. තත්ත්වය බලලා ජනේලවල ග්‍රිල් එක ගලවලා ගෙදර සුද්ධ කරනවා. ටී. වී., කොම්පියුටර්, රත්තරන් භාණ්‌ඩ මුදල් කළු ලාල්ට පෙන්වන්න බැහැ.

ඒත් මොරටුව පොලිසියේ ලොක්‌කා කළුලාල්ට මේ වැඩේ දිගටම කරගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. එයා පොලිස්‌ අත්අඩංගුවට ගත්තා.

*           *         **           *         *         

මොරටුව පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් සෙනෙවිරත්න මහතා පෙරේදා (11 දා) අපූරු යතුරුපැදියක්‌ එක්‌ක සැකකරුවකු අල්ලා ගත්තා.

මේ යතුරුපැදියේ වටිනාකම රුපියල් එක්‌ලක්‍ෂ 80 දාහක්‌ විතර වෙනවා. ලුනාවේ පැත්තේ මනුස්‌සයෙක්‌ මේ යතුරුපැදිය ගාල්ල පැත්තේ හාදයකුගෙන් අරන් තියෙන්නේ රුපියල් 60 දාහකටලු.

මේ යතුරුපැදියේ විශේෂ වෙනස වී තිබෙන්නේ චැසි අංකය නැතිකමයි. චැසි අංකය නැතිව හොර අංක දාගෙන ඕනෑම මංකොල්ලයක්‌ සඳහා මේ යතුරුපැදිය යොදාගන්න පුළුවන්ලු.
ෙච්න් කොල්ලයක්‌ පිළිබඳව මේ යතුරුපැදිය මොරටුව පොලිසිය අල්ලා ගත්තා. සැකකරු කියනවා එයා නිර්දෝශයි කියලා. චැසි අංකය නැති යතුරු පැදිය ගත්තේ ගාල්ලේ පැත්තෙන්ලු. දැන් පොලිසිය ගාල්ලේ සැකකරු හොයාගෙන යනවා. පොලිසියේ තවත් සැකයක්‌ තිබෙනවා චැසි අංක නැති යතුරුපැදි දැන් පිටරට ඉඳලා වෙළෙඳපළට ඇවිල්ලද කියලා... කොල්ලකරුවන්ට මේ යතුරුපැදි විශේෂයි.

නෝමන් පලිහවඩන

 

 
Powered By -