ඇෆ්ගනිස්‌තානයේ සිටින
ඇමරිකානු භටයෝ කලින්ම ගෙදර යති

ඇෆ්ගනස්‌තානය

ඇෆ්ගනිස්‌තානයේ සිටින සමහර ඇමරිකානු භටයන්ට 2011 ජුලි මාසයට පෙර ආපසු ඇමරිකාව බලා යැමට ඉඩකඩ ඇති බව ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට්‌ ගේට්‌ස්‌ පවසයි. ඇෆ්ගනිස්‌තානයෙන් ආපසු හමුදා ගෙන්වා ගැනීම ආරම්භ කිරීමට ජනාධිපති බරක්‌ ඔබාමා දී ඇත්තේ ඉහත සඳහන් කළ දිනයයි.

ආරක්‍ෂක ලේකම්වරිය මේ බව සඳහන් කළේ කාබුල්හි පිහිටි ඇෆ්ගනිස්‌තානු භටයන් පුහුණු කරන කඳවුරකට ගිය අවස්‌ථාවේදීය. මෙම හමුදා පුහුණු කරනු ලබන්නේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය නිලධාරීන් විසිනි.
 
Powered By -