
බිල් ගේට්‌ස්‌ගේ කිරුළ ගැලවේ
කාලෝස්
ස්‌ලිම් (දකුණුපස) මැක්‌සිකානු ජනාධිපති ෆිලෙපි කැල්ඩරන් සමග.
මෙය 2007 දී ගන්නා ලද ඡායාරූපයකි.
මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්‌ස්‌ගේ කිරුළ අහිමි කරමින්
මැක්‌සිකානු ධන කුවේරයකු වන කාලොස් ස්‌ලිම් ලෝකයේ ධනවත්ම
පුද්ගලයා බවට පත්වී ඇත. ඔහු සතු වටිනාකම් ඩොලර් බිලියන 53.5
කි. එය බිල් ගේට්‌ස්‌ගේ ධනස්‌කන්දයට වඩා ඩොලර් මිලියන 500 ක්
වැඩිය. ඔහුගේ ප්‍රධාන ව්‍යාපාර වී ඇත්තේ ලතින් ඇමරිකානු රටවල
විදුලි සංදේශ සහ බැංකුවල කර ඇති ආයෝජනයන්ය.
ඇමරිකානුවකු නොවන පුද්ගලයකු ලොව ධනවත්ම පුද්ගලයා වූයේ වසර 16
කට පසුවය. 1994 වසරේදී කාලෝස්‌ගේ සහෝදරයන්ගේ ව්‍යාපාරයන්හි අඩි
පාරේ යමින් ඔහු මෙම ධනය එක්‌රැස්‌කර ඇත.
එහෙත් ලෝකයේ වැඩිම ඩොලර් කෝටිපතියන් සිටින්නේ ඇමරිකාවේය. එය
403 කි. චීනයේ 64 කි.
|