නිල ඡන්ද පත්‍රිකා බෙදීමේදී
විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌


හේමන්ත රන්දුණු

මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා කටයුතු යොදා ඇති ලබන 22 දා සිට 31 වැනිදා දක්‌වා කාලසීමාවේදී සියලුම තැපැල් කාර්යාලවලට සහ බෙදාහරින්නන්ට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාදීමට කටයුතු කර ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේදී කිසිම ආකාරයක අකටයුත්තක්‌ සිදුනොවීමට වගබලාගන්නා ලෙස තමන් සියලුම පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස්‌ දුන් බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.

අක්‍රමිකතා සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති ප්‍රදේශවලට පොලිස්‌ නිලධාරීන් වැඩි පිරිසක්‌ යෙදවීමට ද පියවර ගෙන ඇති බව ද නවරත්න මහතා කියා සිටියි.

ලබන 28 වැනි ඉරිදා දිනයේ විශේෂ දිනයක්‌ ලෙස නම් කර සියලුම තැපැල් සේවකයන් යොදවාගෙන දවස පුරාම නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බව ද ගාමිණී නවරත්න මහතා පවසයි.
 

 
Powered By -