|
|
|
|

අත්‍යාවශ්‍ය බෙහෙත් ගෙන්වීමට
වෙන් කළ මුදලින්
අනවශ්‍ය බෙහෙත් ගෙන්වීමෙන්
පිළිකා රෝගීන්ට අසීරුතාවක්
ඒමන්ති මාරඹේ
රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය නොවන බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය
විශාල වශයෙන් මෙරටට ආනයනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු
කිරීම හේතුවෙන් දැනට රෝහල්වල හිඟව පවතින පිළිකා රෝගීන්ට
ලබාදෙන බෙහෙත් වර්ග, ශල්‍ය අත්වැසුම්, සිරින්ජර් ඇතුළු
අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා
වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන ශීඝ්‍රයෙන් හිඟවෙමින් පවතින
බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මෙම තත්ත්වය මත රෝහල්වල හිඟව පවතින රෝගීන්ට අත්‍යවශ්‍ය
බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම නතර කිරීමට සිදුවන
තත්ත්වයක් උද්ගතව ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී
ගැනීම සඳහා රුපියල් බිලියන 14 ක මුදලක් මෙම වර්ෂය සඳහා
වෙන්කර ඇති අතර එම මුදල මේ වන විට මෙම අනවශ්‍ය බෙහෙත් හා
ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම මත ක්‍ෂය වෙමින් පවතින බව
වාර්තා වේ.
තවත් අත්‍යවශ්‍ය නොවන හයිපොඩමික් එන්නත් කටු හතළිස්‌තුන්
ලක්‍ෂයක පමණ තොගයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ ගබඩාවල
තැන්පත් කර තබා ගනිමින් වෛද්‍ය සැපයීම් අංශය වෙත එවීමට
සූදානම් කර තැබීම හේතුවෙන් ඉදිරියේදී සැපයීම් අංශයේ බෙහෙත්
ගබඩා කිරීමේ ඉඩකඩ තවත් ඇහිරෙනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
|
|
|
|