
විභාග රාජකාරි කළ
නිලධාරීන්ට
තවම මුදල් ගෙවා නෑ
නිලන්ත මදුරාවල
පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ
උත්තර පත්‍ර ඇගැයීම් කළ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන්ට හා
විභාග රාජකාරි සඳහා සහභාගි වූ නිලධාරීන්ට විභාග
දෙපාර්තමේන්තුව මේ වනතෙක් කිසිදු මුදලක් ගෙවා නැත.
එමෙන්ම උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්‍ෂණය කළ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද මෙතෙක් මුදල් ගෙවා නොමැති
බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවැසීය.
සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන්ගේ හා
විභාග රාජකාරි කළ නිලධාරීන්ගේ දීමනා අප්‍රියෙල් නිවාඩුවට
පෙර ගෙවන නමුත් මෙම වසරේද එම මුදල් නියමිත කාලයට ගෙවීමට
හැකියාවක් නොමැති බව විභාග දෙපාර්තමේන්තුවෙන් තමන්ට
දැනගැනීමට ලැබුණු බව ගුරු වෘත්තීය සංගම් නියෝජිතයෙක්
"දිවයින" ට පැවැසීය.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට අදාළ ගෙවීම් සඳහා
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මාර්ගයෙන් මහා
භාණ්‌ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇතැයි ද එම මුදල් ලද වහාම
ගෙවීම් කරන බව ද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු
දුන් විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා
පැවැසීය. ඒ සඳහා කොපමණ මුදලක් අවශ්‍යදැයි කළ විමසුමේදී ඒ
මහතා සඳහන් කළේ රුපියල් දශලක්‍ෂ 360 ක් පමණ අවශ්‍ය බවය.
|