යුද හමුදා නිල ඇඳුම් විකිණූ අනුරපුර
වෙළෙඳසල් 4 ක්‌ වටලයි


කීර්ති වර්ණකුලසූරිය

යුද හමුදාවේ රණවිරු ඇපරල් ආයතනය නිපදවන කැලෑ නිල ඇඳුම් විකිණීමේ යෙදුණු අනුරාධපුරයේ වෙළෙඳසල් හතරක්‌ වැටලූ යුද හමුදා පොලිසිය ඇඳුම් තොගයක්‌ හා සැකකරුවන් සිව්දෙනකු ඊයේ (12 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹින් ගිය විශේෂ හමුදා පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම කර තිබේ.

මේ නිල ඇඳුම් සොරකම් කළ ඒවා යෑයි සැකකෙරේ.

මෙම වැටලීම කර ඇත්තේ යුද හමුදා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසිනි.

 
Powered By -