|
|
|
|

එජාපෙ ප්‍රචාරක
ව්‍යාපාරය 19 දා
යාපනයෙන් ඇරැඹේ
පියසේන දිසානායක
"ජනතාවට කෙළෙහිගුණ දක්‌වන ආණ්‌ඩුවක් බිහිකරමු" යන තේමාව
යටතේ එක්‌සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන්
සිය ජාතික මට්‌ටමේ ප්‍රචාරක ව්‍යාපාරය ලබන 19 වැනිදා යාපනය
දිස්‌ත්‍රික්‌කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත.
එක්‌සත් ජාතික පෙරමුණේ නායක සහ විපක්‍ෂ නායක රනිල්
වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම පෙරමුණට අයත් සෙසු දේශපාලන
පක්‍ෂවලට අයත් නායකයන්ගේ සහභාගිත්වයෙන් යාපනය ආගමික
මධ්‍යස්‌ථානවල සිදුකෙරෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව
ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරනු ලබයි.
ජාතික, නාගරික, ග්‍රාමීය වශයෙන් ජනතාව දැනුවත් කරන එක්‌සත්
ජාතික පෙරමුණ දිස්‌ත්‍රික් මට්‌ටමේ ප්‍රචාරක රැලි 30 ක්
පැවැත්වීමට සැලසුම් කොට ඇත.
ජාතික මට්‌ටමින් සංවිධානය කොට තිබෙන ප්‍රචාරක රැලි එක්‌සත්
ජාතික පෙරමුණේ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
මහතා ප්‍රමුඛ එම පෙරමුණේ සෙසු නායකයන්ගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වේ.
|
|
|
|