
කොළඹ මාතර දුම්රිය
මාර්ගය
වැඩිදියුණු කිරීමට ඉන්දීය ආධාර
ජනිත සෙනෙවිරත්න
කොළඹ-මාතර දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු
ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව
වෙත ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හයසිය හැත්තෑහතරක මුදලක් ලබාදී
තිබේ.
මෙම ගිවිසුමට ඉන්දියානු එක්‌සිම් බැංකුව හා මෙරට මුදල්
අමාත්‍යාංශය පසුගියදා අත්සන් තබන ලදී.
මේ ආධාර යටතේ කොළඹ මාතර දුම්රිය මාර්ගය නවීකරණය කෙරේ. එසේම
බලවේග කට්‌ටල දුම්රිය 20 ක් හා දුම්රිය ලොකෝමොටිවි
එන්ජින් 3 ක් හා එම් 8 එන්ජින් සඳහා අමතර කොටස් මිලදී
ගැනීම සිදුකෙරේ. එසේම අලුත්ගම ගාල්ල හා කොළඹ යන ස්‌ථානවල
නඩත්තු අංගන ඉදිකෙරේ.
කොළඹ මාතර දුම්රිය මාර්ග නවීකරණය සමග එම මාර්ගයේ පැයට කිලෝ
මීටර් සියයක වේගයෙන් දුම්රිය ධාවනයට හැකිවන අතර කොළඹ සිට
ගාල්ල දක්‌වා පැය දෙකකින් ගමන් කිරීමට දුම්රිය මගීන්ට
අවස්‌ථාව ලැබේ. එසේම තව බලවේග කට්‌ටල ධාවනයට එක් කිරීමත්
සමග තව සේවා රැසක් ආරම්භ කෙරේ.
|