ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ
ප්‍රතිපත්ති ප්‍රකාශනය 16 දා එළිදකී

අජිත් අලහකෝන්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙම මස 16 වැනිදා එළිදක්‌වන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

කොළඹ නව නගර ශාලාවේදී පෙරවරු 10.00 ට සර්ව ආගමික නායකයන් හමුවේ මෙම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්‌වන බව ද සන්ධානයට සම්බන්ධ සියලු පක්‍ෂ නායකයන් ඊට සහභාගිවීමට නියමිත බව ද ඉහත ප්‍රකාශකයා පැවැසීය.
 

 
Powered By -