
පොලිස් නිලධාරීන්ට
පහරදුන්
දුනේෂ් ගන්කන්දට ඇප
රත්නපුර අතිරේක - යූ. අසිත ඉන්දික වීරවර්ධන / රක්‌වානේ -
තිලක් පුෂ්පකුමාර
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එ. ජා. පයෙන් රත්නපුර
දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් තරගවදින හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී පැල්මඩුල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක
දුනේෂ් ගන්කන්ද මහතා ඇතුළු පිරිසක් කහවත්ත පොලිස්
නිලධාරින් කිහිපදෙනකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන
(11 දා) සවස පැල්මඩුල්ල වැඩබලන මහෙස්‌ත්‍රාත් සරත්
විඡේගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.
ලක්‍ෂයක ශරීර ඇපමත මුදාහරිනු ලැබීය.
පැල්මඩුල්ල පුරවරයේ මාර්ගය අවහිර වන පරිදි සවිකර තිබූ
දුනේෂ් ගන්කන්ද මහතාගේ මැතිවරණ ප්‍රචාරක පුවරු කහවත්ත
පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට යැමේදී මෙම පහර දීම
සිදු කොට තිබේ.
පහරදීම නිසා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් හතරදෙනා මේ වන
විට කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ප්‍රචාරක පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද දුනේෂ් ගන්කන්ද
මහතා විසින් කහවත්ත පොලිසියට පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කොට
තිබේ.
පහරදීමට අදාළ තවත් පුද්ගලයන් කිහිපදෙනකු සිටින බව කහවත්ත
පොලිසිය පවසයි. ඉදිරි දින කිහිපය තුළ ඔවුන් උසාවියට
ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.
|