වසර 5 කදී බිම් බෝම්බ ඉවත්කර
අවසන් කළ හැකියි


දිනසේන රතුගමගේ

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා නවීන යන්ත්‍රසූත්‍ර භාවිත කිරීම හේතුවෙන් වසර පහක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ බිම් බෝම්බ සියල්ල ඉවත් කොට අවසන් කළ හැකි වෙතැයි බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත අන්තර් ජාතික සංවිධාන විශ්වාස කරයි.

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා පමණක්‌ මේ වනවිට නවීන යන්ත්‍ර 24 ක්‌ යොදවා ඇති අතර යුද හමුදා සෙබළු 1000 ක්‌ සේවය කරති. ඊට අමතරව බිම්බෝම්බ ඉවත් කිරීමේ විවිධ සංවිධානවලට අයත් සේවකයෝ 400 ක්‌ පමණ මෙම කලාපය තුළ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටිති.

 
Powered By -