
මහින්ද චින්තන ඉදිරි දැක්‌ම පිළිබඳ
වෘත්තීය සමිති දැනුවත් කිරීමේ උත්සවය
ඊළාම්වාදීන්ගේ ඡන්ද මත යෑපෙන්නේ නැති
ශක්‌තිමත් පාර්ලිමේන්තුවක් බිහිකළ යුතුයි
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
රට සංවර්ධනය කිරීමට
රාජ්‍ය සේවකයන්
පැය පහක්‌වත් වැඩ කළ යුතුයි
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග
2016 වන විට
ඒකපුද්ගල ආදායම
ඩොලර් 4000 ක් බවට පත්කරනවා
මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
ඉදිරි
අයවැයෙන් නව සේවක
විශ්‍රාම වැටුප් අරමුදලක් ඇති කරනවා
මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර
වංචාව -
දූෂණය - නාස්‌තිය නැවැත්වීමෙන්
රටට සුබ අනාගතයක් උදා කළ හැකියි
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්‌සන් ඇන්තනි
අනුර බාලසූරිය

යමක් දුෂ්කර වූ පමණින් එය අත්හැර පැන යන සිරිතක් අපේ
නැහැ. ඒ වගේම අපි බැලුවේ දුෂ්කරද පහසුද කියලා නොවෙයි. එය
රට වෙනුවෙන් කළ යුතුද නැද්ද කියන කාරණා පමණක් යෑයි
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
"මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" පිළිබඳව සහ රජයේ ඉදිරි
සංවර්ධන සැලසුම් පිළිබඳව වෘත්තීය සමිති දැනුවත් කිරීම සඳහා
සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (12 දා) පැවැති උත්සවය
අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්‌වමින් මෙසේ ද
කීවේය.
මහින්ද චින්තනය ගැන දැන් මේ රටේ ජනතාව ඉතා හොඳට දන්නවා.
නැවත නැවත ඒ ගැන කියන නිසා නොවෙයි, ප්‍රචාරක වැඩ නිසා
නොවෙයි, අපි මහින්ද චින්තනය අනුව පසුගිය කාලයේ වැඩ කළ
නිසයි.
මහින්ද චින්තනයට පදනම වැටුණේ "තථාවාදී යථාකාරී - යථාවාදී
තථාකාරී" කියන බුදු බණ පදයෙන් කියන දේ කරනවා. ඒ වගේම කරන
දේ කියනවා. ඒ පදනමේ පිහිටපු නිසා අපි මහින්ද චින්තනය
ඡන්දෙන් පස්‌සේ අමතක කළේ නෑ. අපි යුගයෙන් යුගයට මේ
ප්‍රතිපත්තිය ගෙනියන්න බැඳී ඉන්නවා.
අපිට මතකයි මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක්
නැහැ කියලයි 2005 දී කිව්වේ. මට මතකයි අපි පොහොර මිටිය රු.
350 ට දෙනවයි කිව්වහම පොහොර මිටිය රු. 350 ට දෙන්න නම්
ඇලඩින්ගේ පුදුම පහන තියෙන්න ඕනෑ කියලා එක්‌සත් ජාතික පක්‍ෂ
නායකයෝ කිව්වා. මට මතකයි 2005 ට කලින් මේ රටේ ඒකීය රාජ්‍ය
හීනයක් වෙලා තිබුණා. ත්‍රස්‌තවාදය ආරම්භ වුණාට පස්‌සේ
ඒකීය රාජ්‍ය කියන වචනය ඇතුළත් කළේ මහින්ද චින්තනයට විතරයි.
ඒකීය රාජ්‍යයක් ගොඩනඟනවා කියලා අපි කිව්වහම එදා හටපු
බොහොම දෙනෙක් ඔලුවේ අත තියා ගත්තා.
නමුත් යමක් අමාරු වූ පමණින් දුෂ්කර වූ පමණින් අතහැර දමන
එක අපේ සිරිත නොවෙයි. ඒකත් මහින්ද චින්තනයේ එක පදනමක්
කියලයි මම විශ්වාස කරන්නේ. දුෂ්කර ද පහසුද කියලා නොවෙයි
අපි බැලුවේ. මේ රට වෙනුවෙන් එය කළ යුතුද නැද්ද කියන එක
විතරයි අපි බැලුවේ. ඒ නිසා මහින්ද චින්තනය තුළින් කෙරෙන්නේ
ජාතියට අහිමි වුණ දේ නැවත ජාතියට ලබාදීම.
නිදහස මේ රටේ ජනතාවට අහිමි වූ දෙයක්. එක්‌සේසත් කළ රට,
එක්‌සේසත් කළ ලංකා සිතියම මේ රටේ ජනතාවට අහිමි වෙලා
තිබුණේ. මහින්ද චින්තනයෙන් රටක් ලබාදීලා තියෙනවා. ජාතියට
ගෞරවය ලබාදීලා තියෙනවා. දැයත් දිනා දීලා තියෙනවා.
මහින්ද චින්තනය අධිරාජ්‍යවාදයට යටත් කිරීමට, ආක්‍රමණයට,
බලපෑම්වලට, සූරාකෑමට, දුරාචාරයට විරුද්ධයි. ඒ වෙනුවට
නිදහස, ගෞරවණීය සාමය, ආර්ථික සංවර්ධනය මහින්ද චින්තනයෙන්
ගෙන එනවා. නිවුණු සැනසුණු රටක් බවට මේ රට පත්කරනවා.
මහින්ද චින්තනය නිසා ලෝකයේ අමාරුම යුගයක නොවැටී ඉන්න අපට
පුළුවන් වුණා. ධනවත් ලෝකයේ බැංකු කඩාගෙන වැටෙද්දී ලංකාව
රැකුණා. රැකියා නැතිව ලක්‍ෂ ගණන් පාරට වැටෙද්දී අපේ රට
ඔරොත්තු දීගෙන හිටියා. ලෝකයේ දරුණුම ආහාර හිඟයටත් අපි
ඔරොත්තු දුන්නා. ඒකට හේතුව මහින්ද චින්තනය කල් තියා අනාගතය
දකින, ඒ අනුව කටයුතු කරන ලියවිල්ලක් වුණ නිසා.
නිදහසින් පස්‌සේ බිහිවුණ බොහෝමයක් ආණ්‌ඩුවලට වගේ අපේ රට
කොහේ හරි රටක කාබන් කොපියක් බවට පත්කරගන්න ඕනෑ නෑ.
සමහරුන්ට ලංකාව සිංගප්පූරුවක් බවට පත්කර ගන්න ඕනෑ කළා.
ප්‍රංශයේ, එංගලන්තයේ, ඇමරිකාවේ ව්‍යවස්‌ථා මෙහෙ අටවන්න
හැදුවා. වෙන රටවල ජනවර්ග ප්‍රශ්නවලට දීපු විසඳුම් මෙහෙ
ක්‍රියාත්මක කරන්න අත්හදා බලන්න සූදානම් වුණා.
මේවායින් වෙන්නේ අපි ස්‌ව කැමැත්තෙන් යටත් විජිතයක් වෙන
එකයි. නමුත් අපි ඒ වරද කළේ නෑ. නමුත් අපිට මේ රට වෙන රටක
කාබන් කොපියක් කරන්න ඕනෑ වුණේ නෑ. අපි මහින්ද චින්තනයෙන්
උත්සාහ කළේ ලංකාව ලංකාවක් හැටියට ගොඩනගන්නයි. ඒ සඳහා ගහේ
මුදුන් මුල සොයා ගත්තේ මහින්ද චින්තනයෙන්.
දේශපාලනය ආරම්භ වෙන්නේ ජනතාව ඒකරාශී වන තැන ඉඳන් කියලයි
කියන්නේ. ජනතාව අතරට ගිsහින්, ඔවුන් සමඟ වැඩ කරලා,
ඔවුන්ගෙන් ඉගෙනගෙන, ඔවුන්ට සේවය කරලා තමයි අපි දේශපාලනය
ඉගෙන ගත්තේ. මහින්ද චින්තනය හැදුවේ විදේශික උපදේශකයෝ
නොවෙයි. මහින්ද චින්තනයේ තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ
දර්ශනය.
මේ රටේ වැඩ කරන ජනතාව මහින්ද චින්තනය ක්‍රියාත්මක කිරීම
නිසා අපි ගැන අතිවිශාල විශ්වාසයක් තියලා තියනවා. පසුගිය
ජනාධිපතිවරණයේදී රුපියල් 10,000 කින් වැටුප් වැඩි කරනවයි
කියලා සමහරු ප්‍රතිඥවක් දුන්නා. ඒක ඕනෑම කෙනෙකුගේ සිත්
බැඳගන්නා යෝජනාවක්. නමුත් අපේ පදනම කියන දේ කරනවා කරන දේ
කියනවා. ඒ නිසා මම කිව්වා මට දෙන්න පුළුවන් රුපියල් 2500
යි කියලා. මේ රටේ වැඩකරන ජනතාව රු. 10,000 ට රැවටෙන්නේ
නැතිව රු. 2500 ගැන වගේම රට ගැන විශ්වාසය තිබ්බා.
ඒ විතරක් නොවෙයි වැඩකරන ජනතාවගේ මේ තීරණය නිසා මට ඔවුන්
තුළ තිබෙන ශ්‍රේෂ්ඨ ගුණාංගයක් පේනවා. රට අහිමි කරගෙන
වැටුප් වැඩි කරගන්න අපේ ජනතාව සූදානම් නෑ කියන එක වැඩ කරන
ජනතාව කිව්වා. මේ නිසා අපේ වැඩ කරන ජනතාව බොහොම ශක්‌තිමත්
සිතුවිලි තිබෙන පිරිසක් කියලා මම කියන්න ඕනෑ.
ඒ වගේම මේ රටේ වැඩ කරන ජනතාව රට නිදහස් කර ගැනීමේ සටනේදී
මට දුන්නේ ලොකු සහයෝගයක්. සමහර දේශපාලන පක්‍ෂ නායකයෝ,
දේශපාලන පක්‍ෂ ඩොලර් මිටිවලට යටවෙද්දී වැඩකරන ජනතාව අපිත්
එක්‌ක හිටියා. අපි දන්නවා උතුර ජයගන්න පුළුවන්කමක් නැහැ
දකුණ කලබල වුණා නම්. කිසිම වර්ජනයකට යන්නේ නැතිව, කිසිම
රැවටීමකට යටවෙන්නේ නැතිව, තමන්ගේ වැටුපෙන් කොටසක්
පරිත්‍යාග කරමින් ඒ අය මාත් එක්‌ක හිටියා.
අපේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී හිටපු ඒ අයට
අයිතිවාසිකම් ලබාදීපු වමේ ව්‍යාපාර ඉන්නේ අපිත් එක්‌ක.
ඒකෙන් ඒ අයගේ ශක්‌තිය වාගේම විශ්වාසය අප වෙත තිබෙන බව
පේනවා. ඒ නිසා මේ රටේ වැඩකරන ජනතාව රවටන්න බැරි බව මතක
තියාගන්න ඕනෑ. වැඩ කරන ජනතාව මේ රටේ දේශපාලනඥයෝ වගේ පටුවට
හිතන්නේ නෑ. වැඩ කරන ජනතාවට වුවමනා කරන්නේ තමන්ගේ රට
දියුණු කරගන්න. තමන්ගේ දරුවන්ගේ අනාගතය ගොඩනගා ගන්න. අපිට
ඕනෑ ශක්‌තිමත් වැඩ කරන පංතියක්, තාක්‍ෂණ දැනුමෙන්, භාෂා
දැනුමෙන්, වෘත්තීය දැනුමෙන් පිරිපුන් වෘත්තීය පංතියක්.
කිසිම වෘත්තියක් හෙළාදකින්නේ නැති පහතට දමන්නේ නැති
රටක්. පුහුණු ශ්‍රමය නිසා වැඩි වැටුප් ලබන වැඩ කරන
ජනතාවක් අපි ගොඩනැඟිය යුතුයි.
මහින්ද චින්තනය ඉදිරියට ගෙනිහින් අපේ රට ආසියාවේ ආඩම්බරය
බවට පත්කරගන්න අපිට ශක්‌තිමත් පාර්ලිමේන්තුවක් තියෙන්න
ඕනෑ. අපිට ඕනෑ කරන්නේ මේ රටේ ජනතාවට වැඩකරන්න පුළුවන්
ශක්‌තිමත් පාර්ලිමේන්තුවක්. මෙතෙක් අපි පෙළුණ බලවේගවලින්
ගැලවෙන්න ඕනෑ. කුඩා කල්ලි වල ඊළාම්වාදීන්ගේ ඡන්ද කිහිපයක්
මත යෑපෙන්න ඕනෑ වෙන්නේ නැති, ශක්‌තිමත් පාර්ලිමේන්තුවක්
අපිට ඕනෑ. ඒ සඳහා ඔබ කැපවෙයි කියන විශ්වාසය ඇතිව ශක්‌තිමත්
පාර්ලිමේන්තුවක් එක්‌ක අපට ක්‍රියාකරන්න දූෂණයට වැට
බඳින්න, මේ රටේ සංවර්ධනය ගොඩනඟන්න, ඔබේ දරුවාට හොඳ
අනාගතයක් ගොඩනඟන්න ශක්‌තියක් ලබාදෙන්න කියමින් මා නිහඬ
වෙනවා.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා "වැඩකරන ජනතාවගේ
කාර්යභාරය" මැයෙන් අදහස් දක්‌වමින්, ඔබත් මාත් අතිශයින්
ආදරය කරන මේ රටේ ජනනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලද
ජයග්‍රහණය ඉතිහාසගත වන්නේ කරුණක් දෙකක් නිසා නොවෙයි.
එතුමා එදා බලයට පත්වෙලා කවුරුත් යෝජනා කළ පරිදි එල්. ටී.
ටී. ඊ. ය සමඟ සාකච්ඡාවට ගියා. මේ අවස්‌ථාවේ එරික්
සෝල්හයිම් මහතා ජනාධිපතිතුමාට කියා සිටියේ ප්‍රභාකරන්
යුද්ධයට අතිදක්‍ෂයෙක්. ඔහු සමඟ සාකච්ඡා කර එකඟතාවකට එන්න.
යුද්ධයට යන්න එපා රටෙන් කොටසක් දීලා ප්‍රශ්නය විසඳන්න
කියලයි. මෙවැනි අවස්‌ථාවක රටක ජනනායකයාට ඇතිවන හැඟීම
මොකක්‌ද?
ජනාධිපතිතුමා ඔහුට පිළිතුරු දුන්නේ ප්‍රභාකරන් මොන
දක්‍ෂයෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. දිනන්නේ කවුද බලමු
කියලයි. මේ රටේ ජනතාව මහත් බලාපොරොත්තු තබාගෙන පත්කරගත්
රටේ නායකයා ලෙස තම යුතුකම ත්‍රස්‌තවාදයෙන් තුරන් කිරීමයි
කියලා එයා ප්‍රකාශ කළා.
ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ අවසන් අවස්‌ථාවේ විදේශ රටවලින්
එතුමාට පැමිණි බලපෑම නොතකා රටේ අභිමානය රැකගෙන ඉදිරියට
ගොස් මෙරටින් ත්‍රස්‌තවාදය තුරන් කළා.
අපි අපේ ජීවිත කාලයේදී මෙහෙම නිදහසක් ලැබෙයි කියලා
සිතුවද? එදා රැකියාවට ගියේ කොයි මොහොතේ බෝම්බයක්
පිපිරෙයිද කියල බයේ. ස්‌වාමිපුරුෂයා, බිරිඳ එකම බස්‌රියේ
දුම්රියේ ගමන් කළේ නැහැ. දෙදෙනාගෙන් එක් අයකු හෝ ජීවත්
විය යතුයි කියා එහෙම කළා. මේ තත්ත්වය අද වෙනස් වෙලා. අද
ලංකාවේ ඕනෑම තැනක බයක් සැකක් නැතිව යන්න එන්න පුළුවන්කම
ලැබිලා.
දැන් ත්‍රස්‌තවාදය අවසන් ඔබටත් මටත් තියෙන්නේ ඉදිරි
සංවර්ධන යුද්ධය ජයගැනීමයි. වැඩකරන තැන්වල අපි හරියට වැඩ
නොකළොත් උදාකරගත් සාමයෙන් වැඩක් නැහැ. මෙහිදී ඔබට පැවරෙන
වැඩ කොටස මෙතරම් කියලා කියන්න බෑ. තමන්ට පැවරෙන වැඩ කොටස
හරියාකාරව ඉටුකළ යුතුයි. ඔබ වැටුප් ලබන්නේ ජනතාවගේ
මුදලින්. රාජ්‍ය සේවය කියන්නේ සාමාන්‍ය ජනතාවගේ සුවච කීකරු
සේවකයන්.
රාජ්‍ය සේවකයෙක් පැය 7-15 ක් වැඩ කරන කාලයක් තියෙනවා.
නමුත් රාජ්‍ය සේවකයකු වැඩ කරන්නේ පැය 3 යි විනාඩි 20 ක
කාලයක් පමණයි. ඊට නොයෙක් හේතු තියෙනවා. නමුත් මහින්ද
චින්තන ඉදිරි දැක්‌ම අනුව රට සංවර්ධනය කිරීමේදී අපි ඔබෙන්
ඉල්ලන්නේ අඩුම වශයෙන් පැය 5 ක්‌වත් වැඩ කළ යුතුයි.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
ඉදිරි සංවර්ධන ඉලක්‌ක හමුවේ ඇති ආර්ථික හා දේශපාලන අභියෝග යන
මැයෙන් දේශනයක් කරමින්.
මහින්ද චින්තය 2005 එළිදැක්‌වූ පසු ඒ හරහා තම කටයුතු කර ගැනීමට
රජයේ සියලු ආයතන, රටවැසියන් පෙළඹීමක් ඇතිවෙලා. මහින්ද චින්තන
ඉදිරි දැක්‌මෙන් ලබාදුන් ජනාධිපතිතුමාගේ පණිවිඩය සමඟ අප
සියලුදෙනා පෙළ ගැසිය යුතුයි. 2016 වන විට අපේ ඒකපුද්ගල ආදායම
ඩොලර් 4000 බවට පත්කරගන්න ඩොලර් 1000 ක් දක්‌වා අපේ ඒකපුද්ගල
ආදායම වැඩිකරගන්න වසර 55 ක් ගතවුණා. නමුත් වසර 5 ක් තුළ
ඩොලර් 2000 ක් බවට පත්කරගන්න අවස්‌ථාව ලැබුණා. ඒ මහින්ද
චින්තනය නිසයි.
එය ඩොලර් 4000 දක්‌වා වැඩිකර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. රට
එතනට ගෙනයන විට එහි ප්‍රතිඵල පෙනේවි.
මහින්ද චින්තනය ඉදිරිදැක්‌ම ආර්ථික වශයෙන් පැහැදිලි ලෙස
කේන්ද්‍ර පහක් හරහා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඕනෑම
රටක් සංවර්ධනය වීමට නම් ඒ සංවර්ධනය සිදුවන්නේ වරායන් කේන්ද්‍ර
කරගෙනයි. කොළඹ වරාය වසර 700 ක් පැරණියි. ඒ නිසා කොළඹ හා ඒ අවට
ප්‍රදේශ දියුණුවන්න පටන්ගත්තා. අප රටේ ඉන්පසු වරායක් හැදෙන්නේ
වසර 700 කට පසු, හම්බන්තොට වරාය හැදෙනවා. ඕලුවිල් වරය මේ වගේ
වරායන් පහක් හැදෙනවා. ඒ තුළින් දැවැන්ත සංවර්ධන
ක්‍රියාවලියක් සිදු වෙනවා. ගුවන් තොටුපලක් හැදෙනවා. ඒ වගේම
වාණිජ කේන්ද්‍රස්‌ථානයක් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා 2020 රට
කොතනටද යන මැයෙන් අදහස් දක්‌වමින්.
යුද්ධයෙන් තොර රටක් බිහිකර ගැනීම තුළින් ආර්ථික සංවර්ධනයට
තිබූ අවිනිෂ්චිතභාවය මුළුමනින්ම ඉවත් වුණා. ඒ වගේම යටිතල
පහසුකම් සඳහා මුදල් සපයා ගැනීමේ වැඩපිළිවෙලක් මේ කාලය තුළ
ක්‍රියාත්මක වුණා. රටේ නව ආයෝජන ඇති කර ගැනීමට ශක්‌තිය ලැබුණා.
2005 මහින්ද චින්තන අලුත් ශ්‍රී ලංකාවෙක් ප්‍රතිපත්ති
ප්‍රකාශය ඉදිරිපත් වුණේ. පසුගිය වසර 4 තුළ එය යථාර්ථවාදීව
ඉදිරියට ගියා. ඊට පෙර කෘෂිකර්මාන්තය නොසලකා හැරීම නිසා ආර්ථික
සංවර්ධනය කොළඹට පමණක් සීමාවී තිබුණා. 2005 ඉදිරිපත් කළ මහින්ද
චින්තන වැඩපිළිවෙළ අවුරුදු 4 තුළ ක්‍රියාත්මක වූ අයවැය සමගින්
යථාර්ථවාදී වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වුණා.
මේ පසුබිම තුළයි මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ආසියාවේ ආශ්චර්යය
ලංකාව බවට පත් කරන්නයි ආර්ථික වැඩපිළිවෙලකට ගමන් කරන්නේ. ඒ
අනුව දැනට තිබෙන ඒක පුද්ගල ආදායම ඉදිරි වසර 5 තුළ ඩොලර් 4000
මට්‌ටමටත් 2020 වන විට ඩොලර් 6000 - 7000 මට්‌ටමට වර්ධනය
කිරිමයි අපේ බලාපොරොත්තුව. අපි දකින අලුත් ශ්‍රී ලංකාවේ මේ
ඉලක්‌ක කරගත් ආදායමෙන් ලංකාවේ ජීවත්වන සෑම පවුලකටම
පහසුකම්වලින් යුත් නිවසක්, උසස් අධ්‍යාපනයක්, සෞඛ්‍ය
පහසුකම් ලබාදීම අපේ අරමුණයි.
ඉදිරි අයවැයෙන් නව සේවක විශ්‍රාම වැටුප් අරමුදලක් ඇති
කෙරෙනවා. මෙමගින් මේ රටේ වැඩකරන පංතියේ ජීවිත සුරක්‍ෂිතභාවය
ඇති වෙනවා.
ප්‍රවීන රංගන ශිල්පී ජැක්‌සන් ඇන්තනී මහතා(-
අපේ ශබ්දකෝෂයට වැඩකරන ජනතාව කියන වචනය ආවෙ මෑතකදී. වැඩකරන්නන්
සහ වැඩබලන්නන් ලෙස පන්තිමය භේදය ඇතිවීමට පෙර තිබුණේ රාජකාරි
ක්‍රමක්. මෙ ක්‍රමය කෝල්බෲක්‌ලාට එතරම් ඇල්ලුවේ නෑ. ඒ නිසා
භේදය ඇතිවුණා.
2005 ට පෙර ශ්‍රී ලංකාව හා 2005 ට පසු ශ්‍රී ලංකාව යනු රටවල්
දෙකක්. 2005 ට පසු අපි අවදි වුණා. ඊනියා මතවාදය වෙනස් කරන්න
2005 දී සේනාධිනායකයෙක් බිහිවුණා. ඒකීය රාජ්‍යයක් ලැබෙනතුරු
මව්බිම වෙනුවෙන් ජීවිතයම කැපකළ නායකයෙකුගේ කැපවීම නිසා ඒකීය
රටක් ලැබුණා.
වංචාව, දූෂණය, නාස්‌තිය මේ ඇටුවන් බැහැපු දේවලින් රට මුදාගත
යුතුයි. මේවා පරිපාලනයෙන් ඉවත් නොකර සුබ අනාගතයක් කරා යන්න
බැහැ.
මෙතෙක් වූ වැරැදි නිවැරැදි කරගත්ත ශක්‌තිමත් පාර්ලිමේන්තුවක්
අවශ්‍යයයි. ජනාධිපතිතුමා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් බලයට
පත්වෙලා ඉවරයි. ඇතැමුන් 2/3 ක බලයක් දෙන්න එපා කියන්නේ
පාර්ලිමේන්තු=ව අර්බුදයකට ලක්‌කර ඉන් ඔවුන්ගේ අවශ්‍යතාවන්
ඉටුකර ගැනීමටයි. පාර්ලිමේන්තුව අර්බුදයකට ලක්‌කරනවා කියන්නේ රට
අර්බුදයකට ලක්‌කිරීමයි. එහෙමනම් අර්බුදයක් ළඟා කර ගන්නවාද?
මෙහිදී මියගිය වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු වෙනුවෙන්
ඔවුන්ගේ පවුලේ අයට ජනාධිපතිවරයා විසින් තිළින ප්‍රදානය කරන
ලදී.
මෙම අවස්‌ථාවට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, බස්‌නාහිර
පළාත් ආණ්‌ඩුකාර අලෙවි මව්ලානා, වෘත්තීය සමිති පිළිබඳ ජනාධිපති
උපදේශක භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර යන මහත්වරු ඇතුළු වෘත්තීය
සමිති නායකයන් ද සහභාගි වූහ.
|