|
|
|
|
|

රාජකීය-ශා.තෝමස් 131 වැනි
නිල් මහ සටන
දෙපිලටම සම වාසි
පසන් විඡේවර්ධන 99 යි-නුවන් කාවින්ද 86
අසේල විතාන
131 වැනි නිල් මහ සටන ක්‍රිකට් තරගයේ රාජකීය පළමු ඉනිමට
සාර්ථක පිළිතුරක් (314) ලබාදුන් ශාන්ත තෝමස් කණ්‌ඩායම සිය
පළමු ඉනිමේ ලකුණු 31 ක වාසියක් ලබා ගැනීමට සමත් විය. තරගයේ
දෙවැනි දිනය වූ ඊයේ (12 දා) දිනට තරගය නතර කරන විට දෙවැනි ඉනිම
ක්‍රීඩා කරන රාජකීය විදුහල කිසිවකු නොදැවී ලකුණු 20 ක් ලබා
සිටියේය.
තරගයේ පළමු දිනයේ වැඩි වාසිය ලබා ගැනීමට රාජකීය විදුහල සමත්
වුවද දෙවැනි දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය ශාන්ත තෝමස්
විදුහල වෙත නතු කර ගැනීමට පසන් විඡේවර්ධන (99) සහ නුවන්
කාවින්ද (86) සමත් විය. ඒ අනුව තරගයේ වාසිය දැන් දෙපිලටම
විවෘතව තිබේ. ශාන්ත තෝමස් කණ්‌ඩායමේ පළමු කඩුල්ල ලකුණු ලබා
ගැනීමට පෙර දැවී ගියද දෙවැනි කඩුල්ල සඳහා නායක දිනේෂ් වල්පිට
සහ පසන් විඡේවර්ධන ලකුණු 34 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය.
එහිදී දිනේෂ් වල්පිට පන්දු 62 ක් පුරා කඩුල්ල
රැක ගනිමින් ලකුණු 12 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස
පිටියෙන් ඉවත් විය.
ශාන්ත තෝමස් පළමු ඉනිමේ සාර්ථක කඩුලු සබඳතාව වාර්තා කරමින්
පසන් විඡේවර්ධන සහ නුවන් කාවින්ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු
159 ක සබඳතාවක් පිහිටුවමින් රාජකීය පන්දු යවන්නන් දැඩි
වෙහෙසකට පත්කිරීමට සමත් විය. එහිදී තෙවැනි කඩුල්ල ලෙස නුවන්
කාවින්ද ලකුණු 86 කට පිටියෙන් ඉවත් කිරීමට රාජකීය නායක භානුක
රාජපක්‌ෂ සමත් විය. පන්දු 111 කදී වාර්තා වූ එම ඉනිමට හතරේ පහර
9 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් කිරීමට කාවින්ද සමත් විය.
ශතකය ලබා ගැනීමට ලකුණක් මෙපිටින් සිටි පසන් විඡේවර්ධන
අවාසනාවන්ත ලෙස තන්ත්‍රිගොඩගේ පන්දුවක් හමුවේ භානුක රාජපක්‌ෂ
උඩපන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 99 කට පිටියෙන් ඉවත් වන විට
ශාන්ත තෝමස් ලකුණු පුවරුව කඩුලු 4 ට ලකුණු 203 ක් ලෙස සටන්
විය. පසන් විඡේවර්ධනගේ එම සටන්කාමී ඉනිම සඳහා පන්දු 193 කට
මුහුණ දී හතරේ පහර 13 ක් එල්ල කර තිබිණි.
ශාන්ත තෝමස් මැද පෙළ පිතිකරුවන් ලෙස රාජකීය පළමු ඉනිම අභිබවා
යැමට සටන් කළ අශේන් ප්‍රනාන්දු පන්දු 108 කදී හතරේ පහර 7 ක්
සමග ලකුණු 44 ක්‌ද සචිත් පීරිස් සහ චමෝද් පතිරණ ලකුණු 23
බැගින් ලබා ගැනීමට සමත් විය. ශාන්ත තෝමස් විදුහලේ අවසන්
පිතිකරුවන් පස් දෙනා ලකුණු 51 ක් තුළ දැවී යැම විශේෂත්වයක්
විය.
ශාන්ත තෝමස් විදුහලේ පළමු ඉනිම බිඳ දැමීමේදී පිතිකරණයේදී
මෙන්ම පන්දු යෑවීමේදීද මුලසුන ගත් රාජකීය නායක භානුක රාජපක්‌ෂ
ලකුණු 68 කට කඩුලු 4 ක් බිඳ දැමූ අතර මනිෂ තන්ත්‍රිගොඩ ලකුණු
69 කට කඩුලු 4 ක් බිඳ හෙලීය.
ඊයේ දිනය අවසන් වන විට රාජකීය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලේ
රැදී සිටින ආම්භක පිතිකරු යුගල වූ කිත්රුවන් විතානගේ නොදැවී
ලකුණු 12 ක් සහ රමිත් රඹුක්‌වැල්ල නොදැවී ලකුණු 06 ක් ලබා
සිටි අතර ශාන්ත තෝමස් විදුහලේ පළමු ඉනිම අභිබවා යැමට තවත්
ලකුණු 21 ක් මෙපිටින් රාජකීයන් පසුවේ. අද තරගයෙන් තෙවැනි සහ
අවසන් දිනය වෙයි.
ලකුණු පුවරුව
රාජකීය පළමු ඉනිම 283/9 යි.
ශාන්ත තෝමස් පළමු ඉනිම
බ්‍රයන් ධර්මසේන ඇ. දේව ප. රාජපක්‌ෂ 00
දිනේෂ් වල්පිට ඇ. බෝගොඩ ප. තන්ත්‍රිගොඩ 12
පසන් විඡේවර්ධන ඇ. රාජපක්‌ෂ ප. තන්ත්‍රිගොඩ 99
නුවන් කාවින්ද ඇ. ගුණරත්න ප. රාජපක්‌ෂ 86
අශේන් ප්‍රනාන්දු ඇ. පද්මනාදන් ප. රාජපක්‌ෂ 44
සචිත් පීරිස් ප. ඉම්රාන් 23
චමෝද් පතිරණ ඇ. රාජපක්‌ෂ ප. ඉම්රාන් 23
උමේෂ් ප්‍රනාන්දු ප. තන්ත්‍රිගොඩ 11
ලලින්ද්‍ර පීරිස් ක.මු.කළා ප. තන්ත්‍රිගොඩ 00
නියෝමාල් වික්‍රමසේකර ක.මු.කළා ප. රාජපක්‌ෂ 00
නිලුක්‌ෂ ප්‍රනාන්දු නොදැවී 00
අතිරේක 16
එකතුව පන්දුවාර 99.2 කදී සියල්ල දැවී ලකුණු 314
කඩුලු වැටීම - 1-0, 2-34, 3-193, 4-203, 5-263, 6-294, 7-310,
8-311, 9-312, 10-314
පන්දු යෑවීම
රාජපක්‌ෂ - 28 6 68 4 පද්මනාදන් - 8 2 21 0
ඉම්රාන් ඛාන්-12 2 46 2 තන්ත්‍රිගොඩ - 24.2 4 69 4
දිසානායක - 9 1 29 0 රඹුක්‌වැල්ල - 13 4 47 0
දේව - 5 0 29 0
රාජකීය 2 වැනි ඉනිම
කිත්රුවන් විතානගේ නොදැවී 12
රමිත් රඹුක්‌වැල්ල නොදැවී 06
අතිරේක 02
එකතුව පන්දුවාර 4 කදී කිසිවකු නොදැවී 20
පන්දු යෑවීම
පතිරණ - 2 0 12 0
ප්‍රනාන්දු - 2 0 6 0
|
|
|
|