දක්‍ෂිණ දුම්රිය මාර්ගය හදන්න
ඉන්දියාවෙන් ඩොලර් 167.4 ක ආධාර
කොළඹ සිට මාතර දක්‌වා වන දක්‍ෂිණ දුම්රිය මාර්ගය වැඩිදියුණු
කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇත. දක්‍ෂිණ
අධිවේගී දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඇස්‌තමේන්තුගත
වියදම ඇමරිකන් ඩොලර් මිලියන 212.4 ක් වන අතර, ඉන් ඇමරිකන්
ඩොලර් මිලියන 167.4 ක් ඉන්දීය රජය විසින් ලබාදෙනු ඇත. අදියර
දෙකකින් සමන්විත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ඇමරිකන් ඩොලර්
මිලියන 130 ක වියදමින් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
කොළඹ සිට මාතර දක්‌වා දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය හා
ප්‍රතිසංස්‌කරණය කිරීම, බලවේග දුම්sරිය කට්‌ටල 20 ක් හා
දුම්රිය එන්ජින් 3 ක් මිලදී ගැනීම, දැනට පවත්නා දුම්රිය
එන්ජින් සඳහා අමතර කොටස් මිලදී ගැනීම හා පවත්නා දුම්රිය බලවේග
කට්‌ටල නඩත්තුව සඳහා අවශ්‍ය යන්ත්‍රොaපකරණ සැපයීම මෙම
ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වේ.
උපරිම ධාවන වේගය කි. මී. 120 ක් දක්‌වා දුම්රිය ධාවනය කළහැකි
වන පරිදි දක්‍ෂිණ දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමට හා
සීඝ්‍රගාමී මගී දුම්රියක වේගය පැයට කි. මී. 40 සිට 80 දක්‌වා
වැඩි කිරීමට මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු හැකිවනු ඇත. මීට
අමතරව නව බලවේග කට්‌ටල හා දුම්රිය එන්ජින්ම මිලදී ගැනීමෙන් පසු
දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර ගණන වැඩි කිරීමට ද හැකිවෙනු
ඇත.
දක්‍ෂිණ දුම්රිය මාර්ගය වැඩි දියුණුq කිරීම සඳහා වූ මෙම
ගිවිසුමට ශ්‍රි ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රම සම්පාදන
අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා හා ඉන්දියාවේ
ආයාත නිර්යාත බැංකුව වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ ප්‍රභාකර්
දලාල් මහතා 2010.03.10 දින මුදල් හා ක්‍රමසම්පාදන
අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී. මෙම අවස්‌ථාවට ඉන්දීය
මහකොමසාරිස් අශෝක් කේ. කාන්ත මහතා ද සහභාගි විය.
|